09

203 48 2
                                    

"ලයිට් නිවමු නේද?"

"ඒ මොකටද ලයිට් දාගෙන බලමු"

"ඇයි හොබී හියුන් ඔයා බයද?"

"මම බය නෑ ටේ. මේ මොචි බෝලෙ බය වුනොත් කියලා කිව්වෙ මන්. ඉන්න මන්ම ලයිට් එක නිවන්නම්"
.
.
.
.
.
චණ්ඩියා වගේ ෆිල්ම් එක බලන්න ගත්තට මොකෝ පළවෙනි විනාඩි තිහ ඉවර වෙන්නත් කලින් ජිමින් හේසොක් දෙන්නා හිටියෙ ජුන්කුක්ගෙ ඇඟේ. ජිමින් නම් ෆිල්ම් එක බලනවටත් වඩා කරේ ජුන්කුක්ගෙ ශෝල්ඩර් එකේ මූණ හන්ගන් හිටපු එක, එතකොට හේසොක් හොල්මන එන්නත් කලින්ම කෑ ගහලා ඉවරයි. අහිංසක ජුන්ග්ගුක් ඒ දෙන්නා මැද සැන්විච් වෙනෝ.
ටේහියුන් නම් කිසි ගානක් නැතුව ෆිල්ම් එක බලන ගමන් පොප් කෝන් එකටයි බීම ටිකටයි වැඩේ දෙනවා.

ඒ අතර ජින් බයටම තද කරලා ඇස් දෙක පියන් ඉන්නෙ හෙලවෙන්නෙවත් නැතුව. යුන්ජුන් දෙන්නට නම් ෆිල්ම් එක බලන්න කිසි වුවමනාවක් නැති පාටයි ඒ දෙන්නා බිස්නස් ගැන බර කතාවක්. ෆිල්ම් එකේ බය හිතෙන තැන් වැඩිවෙන්න වැඩිවෙන්න ටික ටික නම්ජුන් ගාවට ළං වුණ ජින් අන්තිමට නැවතුනේ නම්ජුන්ගෙ ලැප් එකේ.

නම්ජුන්ගෙ පපුවට ඔලුව තියන් ඇස් දෙක පියාගෙන අගක් මුලක් දන්නෙ නැති යුන් ජුන් දෙන්නගෙ බිස්නස් කතාව අහගෙන හිටිය ජින් ගැස්සිලා ගියේ නම්ජුන්ගෙ ෆෝන් එකට ආපු කෝල් එක නිසා. තමන්ගෙ ලැප් එකේ හිටපු ජින්ව සෙටි එකෙන් තිබ්බ නම්ජුන් එළියට ගියේ කෝල් එක ආන්සර් කරන්න.

ජින් ආයෙමත් ෆිල්ම් එක බලන්න ගත්තා වෙන කරන්න දෙයක් නැතිකමට. නැගිටලා යන්නත් බෑ බයයි .ඉදගෙන ෆිල්ම් එක බලන්නත් බෑ බයයි. තද කරලා ඇස්දෙක පියන් හිටියත් ෆිල්ම් එකේ බැක් ග්‍රවුන්ඩ් මියුසික් එක ජින්ව බය කරන්න හොදටම ඇති වුණා ඔක්කොටොම හපන් හේසොක්ගෙ හේශාරාවෙ.

"ඔයාට බයනම් ටිකක් ළඟට එන්න. නම්ජුන් එනකල්"

යුන්ගිගෙ කටහඬට ජින් ගැස්සුනත් ඔලුව වනපු ජින් දෙපාරක් නොහිතම යුන්ගි ළඟට ගිහින් ඉද ගත්තා. කිසි කතාවක් නැතුව තමන් ළඟට වෙලා ඇස් තද කරලා වහන් ඉන්න ජින් දිහා බලපු යුන්ගි නම්ජුන් එනකල් ජින් එක්ක ටිකක් කතා කරන්න හිතුවෙ ජින්ගෙ අවධානෙ වෙනස් කරලා බය නැති කරවන්න.

Love [ Nam × Yoon × Jin ] Where stories live. Discover now