ෆ්‍රොන්ට් ඩෝ එකත් සද්දෙන් වහගෙන ගේ ඇතුලට ආපු නම්ජුන් කෙලින්ම ගියේ බාත් රූම් එකට. සෙල්ෂියස් අංශක ඍණ ගානක උෂ්ණත්වයක් තියෙන රෑක නාන එක සාමාන්‍ය මනුස්සයෙක් කවදාවත් ගන්නෙ නැති මෝඩ තීරණයක් වුනත් තරහ ගිහින් ඉන්න ඇල්ෆා නම්ජුන්ට නම් ඒක අදාළ වුනේ නෑ. හොට් වෝටර් එක තියෙද්දිත් සීතල වතුරෙන්ම නාගත්ත නම්ජුන් කාමරේට ඇවිත් චේන්ජ් කරගෙන ටක් ගාලා හීටර් එක ඔන් කර ගත්තෙ තරහ අඩුවෙන්න අඩුවෙන්න දැනුන සීතල වැඩි වුන නිසා.
ලැප්ටොප් එක දිග අරගෙන මේල්ස් චෙක් කරන ගමන් ඉම්පෝටන්ට් මේල්ස් හොයාගන්න ලේසි විදිහට කැටගරි කරගත්ත නම්ජුන් හෙට ඔෆිස් ගියපු ගමන්ම කම්ප්ලීට් කරන්න තියෙන දේවල් ගැන මෙන්ටල් නෝට් එකක් දාගත්තා. ඔක්කොම වැඩ ටික ඉවර වෙද්දි වෙලාව පාන්දර එකත් පහුවෙලා කියලා දැක්කහම ඉදන් හිටපු තැනින් නැගිටපු නම්ජුන් ලිවින්ග් රූම් එකට ගියේ ජින්ට කතා කරන ගමන්මයි.
ජින්ගෙන් උත්තරයක් නොලැබුන නිසා කුස්සියේ වගේම ගෙස්ට් රූම් එකත් චෙක් කරපු නම්ජුන් බැලුවෙ ජිමින්ගෙ කාර් එක තියේද කියලා. ජින් ආපහු ගියා කියන්න කිසිම සාක්ෂියක් නැති වෙද්දි ටක් ගලා සිවීටර් එකක් ඇදගත්ත නම්ජුන් වෙරළ පැත්තට දුවගෙන ගියා.
.
.
.
.
.
"නයිස් ටු මීට් යූ ප්‍රිටී ඔමේගා. අයිම් ඩෑන්. චොයි කිම්ඩෑන්""මන් ස්-සොක්ජින්"
ජින් තමන්ගෙ දිහා බලන් ඉන්න ඇල්ෆට කිව්වෙ පුලුවන් තරම් තමන්ගෙ කටහඬ සාමාන්‍ය විදිහට තියාගන්න උත්සහ කරන ගමන්.
"ඉතින් මේ රෑ වෙරළෙ මොකද කරන්නෙ? ඔයා මන් හිතන ජාතියෙ කෙනෙක් වෙන්න බෑ. ඒ වුනාට ඉතින් පෙනුමෙන් මිනිස්සු මනින්න බෑනෙ නේද සෝ??"
කට කොනින් හිනාවෙන ගමන් ඩෑන් කිව්වෙ තමන්ගෙ මූණ ජින්ගෙ මූණ ළගටම ගෙනියන ගමන්. කොච්චර නිර්භීතව ඉන්න හැදුවත් ඩෑන්ගෙ අනවශ්‍ය සමීප වීමට බය වුන ජින් අඩියක් පිටිපස්සට ගියේ නිරායාසයෙන්මයි.
"සොක්ජින්"
ජින්ගෙ වගේම ඩෑන්ගෙත් අවධානෙ අරගෙන ඈතින් ඇහුන නම්ජුන්ගෙ ඇල්ෆා කටහඬ එක පැත්තකින් ජින්ට සැනසීමක් ගෙනෙද්දි තවත් පැත්තකින් මොකක්ද කියලා තෝරලා වෙන්කරගන්න බැරි හැගීම් ගොඩක ජින්ව අතරමන් කරා.
YOU ARE READING
Love [ Nam × Yoon × Jin ]
Werewolfආදරේ කරන්න අයිතිවාසිකමක් ඕනිමද? අයිතිවාසිකමක් තිබිලත් ළංවීමක් නැත්තම්? දෙන්නෙක්ගෙ මැද්දට තුන්වෙනියෙක්ගෙ අයිතියක්.. කොහොමද එහෙම වෙන්නෙ ?? ඔව් ඒක රහසක්.. සමහර රහස් තියෙනවා කවදාවත්ම එළිවෙන්න ඕනි නැති.. මේත් එහෙම රහසක්.. ජීවිත තුනක්, එක්කෙනෙක්ගෙ අත්හැ...