"ජිනී හියුන් මන් මේ.."
ටේහියුන්ට උත්තර දෙන්න බැරි වුනේ ඒත් එක්කම රින්ග් වෙච්ච ෆෝන් එක නිසා.
"හෙලෝ නේහා"
..........................................
"හරි මන් එන්නම්"
ෆෝන් එක කට් කරපු ටේහියුන් ජින්ට ටිකක් ඉන්න කියලා එළියට ගිහින් ආයෙමත් ආවෙ සුදු පාට බෑග් එකකුත් අරගෙන.
"ජිනී හියුන් මේ මගේ ඇඳුමක් මේක ඇදගෙන එන්න. මන් එළියට වෙලා ඉන්නම්"
"ඒත් ටේ පැක් ලූනා"
"මන් මෙච්චර දේවල් කියලත් තාමත් පැක් ලූනා ගැන කියවන්නෙ ඇයි ජින් හියුන්?"
ටේහියුන්ට තරහ ගිහින් කියලා තේරුන ජින් ඇඳුම් බෑග් එක අරගෙන ඔලුව වැනුවෙ ටේහියුන් ආයෙමත් සැරයක් එළියට යද්දි.
මේ අතර මීටින්ග් එක ඉවර කරපු නම්ජුන් හොස්පිට්ල් එකට ආවෙ තමන්ගෙ මේට්ව බලන්න.
| ඔම්මා කිව්ව විදිහට හෙට වෙද්දි ඔක්කොම රිපෝට් ටික හම්බෙයි. ඒ කියන්නෙ ඉක්මනටම ජිනී මගේ වෙනවා. අදම ජිනීට ප්ර්රපෝස් කරන්න ඕනි |
තමන්ටම කියපු නම්ජුන් හිනාවෙලා බැලුවෙ ජින්ට ගත්ත රින්ග් එක දිහා.
"නම්ජුන්??"
"ඔහ් ඔම්මා"
පැක් ලූනගෙ කටහඩින් ගැස්සුනු නම්ජුන් ටක්ගාලා රින්ග් එක සාක්කුවට දාගත්තා.
"මීටින්ග් එක කොහොමද??"
"මීටින්ග් එක හොඳින් වුනා ඔම්මා. ඩීල් එක අපිට හම්බුණා"
"මන් දැනන් හිටියා කොහොමත් අපිට තමා ඔය ඩීල් එක හම්බෙන්නෙ කියලා. ඒක නෙමේ මොකක්ද මාව දැකලා හන්ග ගත්තෙ"
"නෑ ඔම්මා මේ ඒක.."
"මොකද නම්ජුන් නිකන් ඔමේගා කෙනෙක් වගේ ඇඹරෙන්නෙ"
"මන් ජිනීට ප්‍රපෝස් කරන්න මුද්දක් ගත්තා. කෝ ඔම්මා ජින්, කැබින් එකේද??"
"හ්ම්ම්. ජින් ඊසීජී රූම් එකට ගියා දැන් ගොඩක් වෙලා තාමත් නෑ. මට වැඩ වගයකුත් තියේ. ඒත් නම්ජුන් මන් කැමතියි රිපෝට් ආවට පස්සෙම ඔයා ජින්ට ප්‍රපෝස් කරනවනම්"
YOU ARE READING
Love [ Nam × Yoon × Jin ]
Werewolfආදරේ කරන්න අයිතිවාසිකමක් ඕනිමද? අයිතිවාසිකමක් තිබිලත් ළංවීමක් නැත්තම්? දෙන්නෙක්ගෙ මැද්දට තුන්වෙනියෙක්ගෙ අයිතියක්.. කොහොමද එහෙම වෙන්නෙ ?? ඔව් ඒක රහසක්.. සමහර රහස් තියෙනවා කවදාවත්ම එළිවෙන්න ඕනි නැති.. මේත් එහෙම රහසක්.. ජීවිත තුනක්, එක්කෙනෙක්ගෙ අත්හැ...