30

221 45 20
                                    

after long time meet 🍂

"කෙනී ඔයා හැමවෙලේම කියනවා නේද ඔයා තනිවෙලා කියලා, ඔයා ගාව කවුරුත්ම නෑ කියලා ඒක දුකක් තමයි ඒත් ඊටත් වැඩිය දුක හිතෙන දෙයක් මන් කියන්නද? ඔයා ගාව හැමෝම ඉදලත් ඔයා තනිවෙලා කියලා දැනෙන එක ඒ හැගීමට මනුස්සයෙක්ව නොමරා මරන්න පුලුවන් කෙනී. මන් ගාව හැමෝම හිටියා මගෙ ඔම්මා, අප්පා, යාලුවො, ආදරේ කරන්න කෙනෙක් ඒ හැමෝම මන් ගාව හිටියා ඒත් ඔයා ඔය කියන සතුට කවදාවත් මන් ගාව තිබ්බෙ නෑ. ඒ කවුරුත්ම කවදාවත් මන් හොඳින්ද කියලා ඇහුවෙ නෑ ඒ හැමෝටම ඕනි වුනේ ඇත්තම කිම් සොක්ජින්ව නෙමේ එයාලගෙ පිටපතේ හැටියට රඟපාන නලුවෙක්ව. මට මතක ඇති කාලෙක ඉදන් ඔම්මයි, අප්පයි කවදාවත් මට ආදරෙන් කතා කරලා නෑ, අපි තුන්දෙනා එකතු වෙලා කවදාවත් එකට ගමනක් ගිහින් නෑ, ඒ දෙන්නට අනුව මම එයාලගෙ ජීවිතේට බලහත්කාරෙන් ආපු කරදරයක්. එතකොට මගෙ පුංචි කාලෙ ඉදන්ම හොඳම යාලුවා මිනී එයා හැමවෙලේම කියනවා හොඳම යාලුවෝ අතර රහස් නෑ කියලා,  හොඳම යාලුවෝ කවදාවත් දාලා යන්නෙ නැල්ලු ඒත් අන්තිමට එයාටත් මාව අතඅරින්න වුනා, එතකොට මගෙ මේට් කියන කෙනා එයත් හැමදාම දැක්කෙ මගෙ අඩුපාඩු විතරමයි ජින් අරක එපා, ජින් මේක එපා, මේ විදිහට ඉන්න"

අතේ තිබ්බ හිස් වීදුරුව දිහා බලලා  හිනාවුන ජින් ඒ වීදුරුව කෙන් දිහාට දික් කරේ කෙන් කිසිම දෙයක් නොකියා ඒ වීදුරුව ආයෙමත් සෝජුවලින් පුරවද්දි.

"දෙයක් කරන්න කලින් එයා මොනවා කියයිද මෙයා මොනවා කියයිද කියලා හිතලම මට එපාවෙලා තිබ්බෙ කෙනී. අඩුම තරමෙ කෑගහලා අඬන්නවත් මට නිදහසක් තිබ්බෙ නෑ එත් මන් ඉවසුවා මොකද මන් හිතුවා ඒ හැමෝම මට ආදරෙයි කියලා.  ඒත් නෑ ඔයා දන්නවද කෙනී මන් රැවටිලා හරියටම කිව්වොත් මන් මාවම රවට්ටගෙන, ඉතින් මන් පැනලා ආවා දරාගන්න බැරිම තැන ඔක්කොමලා අතඇරලා දාලා මන් ආවා හරියටම කිව්වොත් මට එන්න සිද්ධ වුනා. එයා මන් ගාවට ඇවිත් යන්න කිව්වෙ නැත්තම් සමහර විට අද මම නම්ජුන්ගෙ මේට්ගෙ සර්වන්ට් ඔමේගා. කොච්චර දේවල් වෙනස් වුනාද. නම්ජුන් පිස්සුවෙන් වගේ මාව හොයන්න ඇති, මිනී ගොඩක් අඬන්න ඇති, ඒත් දැන්නම් එයාලට මාව මතකවත් නැතුව ඇති අවුරුදු හතරක් කියන්නෙ ගොඩක් ලොකු කාලයක්. එතකොට මගේ ටේ බෙයා, එයා අද හෙට කොරියාවලට එයි එයගෙ ට්‍රේනින්ග් එක ඉවර කරලා. මන් බෙයාට පොරොන්දු වුනා එයා එද්දි එයාපෝර්ට් එකේ ඉන්නවා කියලා ලොකුම ලොකු මල් පොකුරකුත් අරගෙන. ඒත් ඒ හැමදේම දැන් ඉවරයි. මන් එයාලා හැමෝවම අමතක කරා දැන් මන් සතුටින් දැක්කද මන් හිනාවෙනවා මන් සතුටින් කෙනී ගොඩක් සතුටින්"

Love [ Nam × Yoon × Jin ] Where stories live. Discover now