"නම්ජුන් මං හිතන්නෙ දැන් ඔයා පැක් ඇල්ෆා විදිහට තමන්ගෙ වැඩ ටික සම්පූර්ණයෙන්ම භාරගන්න ඕනි"
ඔෆිස් රූම් එකට වෙලා හෙට දවසට ඕනි කරන ප්‍රොජෙක්ට් ෆයිල් එකක් චෙක් කරන ගමන් හිටපු නම්ජුන්ට පැක් ඇල්ෆා කිව්වෙ තමන් ඇතුලට ආපු බව අගවන ගමන්.
"අප්පා ඒත් මං---"
"ඇති නම්ජුන් මං ඔයාට ඇති තරම් කල් දුන්නා. දැන් ඔයා මේ වගකීම් හැම එකක්ම භාරගන්න ඕනි. මටත් මේ හැමදේකින්ම නිදහස් වෙන්න ඕනි නම්ජුන්"
නම්ජුන් කියන්න ගියපු එක නවත්තපු පැක් ඇල්ෆා කිව්වෙ මෘදු නමුත් ස්ථීර කටහඬකින් ඒක තවදුරටත් ඉල්ලිමක් නෙවෙයි කියලා නම්ජුන්ට නොකියා කියන ගමන්. තමන්ගෙ අප්පව තේරුම් ගත්ත නම්ජුන් අතේ තිබ්බ ෆයිල් එක අයින් කරලා තමන්ගෙ සම්පූර්ණ අවධානෙ දුන්නෙ තමන්ගෙ ඉස්සරහ ඉදගෙන ඉන්න වයසක වුනත් තාමත් ශක්තිමත් ටෲ බ්ලඩ් ඇල්ෆට.
"අප්පා මං ලෑස්තියි ඒත් අප්පා මට පොරොන්දු වුණා මට උදව් කරනවා කියලා"
හරිම විශ්වාසවන්ත කටහඬකින් තමන්ගෙ ඇස් දිහා කෙලින් බලන් කතා කරන තමන්ගෙ පප්ව දැක්කහම හෙඩ් ඇල්ෆාට දැනුනෙ ගොඩක් ලොකු ආඩම්බරයක්.
"නම්ජුන් හෙඩ් ඇල්ෆා විදිහට වගේම ඔයාගෙ අප්පා විදියටත් මං මට කරන්න පුලුවන් උපරිමේ කරනවා. ලොකු වගකීම් ගොඩක් ඔයාගෙ ඔලුවට දාලා මං පැනලා යන්නෙ නෑ. මං උදව් කරනවා ඕනිම වෙලාවක ඒත් හොඳට මතක තියාගන්න ඔයාට මං මත්තෙ යැපෙන්න බෑ. මට ඕනි මගේ පුතා තනියම නැගිටිනවා බලන්න"
"අප්පා යූ ආ ද බෙස්ට්. ලව් යූ"
පුටුවෙන් නැගිටපු නම්ජුන් පොඩි ළමයෙක් වගේ ගිහින් එයාගෙ අප්පව බදාගත්තෙ හෙඩ් ඇල්ෆත් හිනාවෙලා ආපිට නම්ජුන්ට ප්‍රතිචාර දක්වද්දි. මේ අප්පගෙයි, පුතාගෙයි බැදීම ගොඩක් ශක්තිමත් එකක්. නම්ජුන්ගෙ ලෝකෙ වීරයා වුනේ එයාගෙ අප්පා එහෙමත් නැත්තම් හෙඩ් ඇල්ෆා කිම් සින් වුක්. හරිම කරුණාවන්ත පාලකයෙක්, ඒවගේම නම්ජුන්ටයි, ටේටයි හොඳ අප්පා කෙනෙක්. අවශ්‍යම තැනදි, අවශ්‍යම තීරණ ගන්න ඇල්ෆා සින් වුක් දැනන් හිටියා. නම්ජුන් විතරක් නෙමේ බ්ලූ මූන් පැක් එකේ හැමෝම කිව්වෙ එහෙම. හෙඩ් ඇල්ෆා කිම් සින්වුක්ට මුලු පැක් එකම ආදරේ කලෙත් ඒ නිසාමයි.
YOU ARE READING
Love [ Nam × Yoon × Jin ]
Werewolfආදරේ කරන්න අයිතිවාසිකමක් ඕනිමද? අයිතිවාසිකමක් තිබිලත් ළංවීමක් නැත්තම්? දෙන්නෙක්ගෙ මැද්දට තුන්වෙනියෙක්ගෙ අයිතියක්.. කොහොමද එහෙම වෙන්නෙ ?? ඔව් ඒක රහසක්.. සමහර රහස් තියෙනවා කවදාවත්ම එළිවෙන්න ඕනි නැති.. මේත් එහෙම රහසක්.. ජීවිත තුනක්, එක්කෙනෙක්ගෙ අත්හැ...