ජින් තමන්ට කියන්න ඕනි වුණ දේ දෙපාරක් නොහිතම එදා නම්ජුන්ට කිව්වා. මොකද ජින් තදින්ම විශ්වාස කරා වටිනාකමක් නැති තැනක නැවතීමක් කියන්නෙම විඳින්න තියෙන ජීවිතේ විඳවීමක් කියලා. ජින් කියන්නෙ අත්දැකීමෙන්ම ඒක අත්විඳපු කෙනෙක්.
ඉතින් ජින්ට ඕනි වුණේ නෑ තවත් විඳවීමක්.එදා ඒ කතාවෙන් පස්සෙ මයි ලව් කියලා තද රතු පාට හාට් එකක් එක්ක සේව් කරලා තිබ්බ නම්ජුන්ගෙ නම්බර් එකෙන් එකම එක කොල් එකක් ජින්ට ආවෙ නෑ.
හරියටම කිව්වොත් ජිනුයි නම්ජුනුයි කතා කරන්නෙ නැතුව, හම්බවෙන්නෙ නැතුව ඉන්න පටන් අරන් අදට සතියක්."ජිනී මොකක්ද ප්රශ්නෙ මන් මේ දවස් ටිකේම බලාගෙන ඔයා ඉන්නෙ ලොකු අවුලකින්"
දිග හුස්මක් පිට කරපු ජින් ජිමින් දිහා බලලා ඔලුව වැනුවෙ මොකුත් නෑ කියලා. ඒත් ජිමින් කියන්නෙ ජින්ගෙ හොඳම යාලුවා, ඒ වගේම එයා ජින්ගෙ බොරුව විශ්වාස කරලා කටවහන් ඉන්න ජාතියේ කෙනෙකුත් නෙමේ. ඉතින් අන්තිමට ජින්ට වෙච්ච හැමදේම ජිමින්ට කියන්න සිද්ධ වුණා.
"ජින්, නම්ජුන් කියන්නෙ ඔයාගෙ මේට් එයා ඒක කිව්වෙ කාටද මොකටද කියලා අපි දන්නෙ නෑනෙ, ඉතින් මොකුත් නොදැන එහෙම තීරණ ගන්න එක වැරදී නේද? අනික නම්ජුන් කොච්චර ඔයා ගැන හොයලා බලනවද ඉතින් ඔයා හිතනවද එයාට ඔයාගෙ කිසිම වටිනාකමක් නෑ කියලා. මන් කියන්නෙ ඔයා නම්ජුන් එක්ක කතා කරන්න. ඔයා නොකිව්වට මේ සතියෙම දවසකට හැට පාරක් විතර රින්ග් වෙන ඔයාගෙ ෆෝන් එක එකපාරක්වත් රින්ග් නොවී තියෙනකොට, ඔයා ඒක දිහා බලාගෙන හූල්ලනකොට මට තේරුණා මොකක් හරි ප්රශ්නයක් කියලා. ඒක තනියම විසඳගන්න ඕනි කියන මතේ ඔයා හිටපු නිසා මෙච්චර දවස් මන් මොකුත් කතා නොකරෙ. දන්නවද ජින්, හොඳට මතක තියාගන්න සැකය කියන්නෙ ලෙඩක් ඒකට හරි විදිහට බෙහෙත් ගත්තොත් සම්බන්ධකම් තවත් ශක්තිමත් වෙනවා ඒ වගේම වැරදි බෙහෙතක් ගත්තොත් සම්බන්ධකම් විනාශ වෙනවා"
ජිමින්ගෙ ප්රශ්නවලට දෙන්න උත්තරයක් ජින් ගාව තිබ්බෙ නෑ. එක පැත්තකින් ජිමින් කියන කතාව ඇත්ත. නම්ජුන් හැමවෙලේම ජින් ගැන හොයලා බලනවා. ඒත් ජින්ට අනුව එයත් වැරදි නෑ. ජින්ගෙයි ජිමින්ගෙයි කතාවට බාධා කරලා කස්ටමර් කෙනෙක් ඇවිත් කියලා රින්ග් වෙච්ච කැෆේ එකේ එලාර්ම් එක නිසා ජිමින් නැගිටලා යන්න ගියේ ජින්ගෙ පිටට පොඩි තට්ටුවක් දාන ගමන්.
YOU ARE READING
Love [ Nam × Yoon × Jin ]
Werewolfආදරේ කරන්න අයිතිවාසිකමක් ඕනිමද? අයිතිවාසිකමක් තිබිලත් ළංවීමක් නැත්තම්? දෙන්නෙක්ගෙ මැද්දට තුන්වෙනියෙක්ගෙ අයිතියක්.. කොහොමද එහෙම වෙන්නෙ ?? ඔව් ඒක රහසක්.. සමහර රහස් තියෙනවා කවදාවත්ම එළිවෙන්න ඕනි නැති.. මේත් එහෙම රහසක්.. ජීවිත තුනක්, එක්කෙනෙක්ගෙ අත්හැ...