"පුංචි ලූනා අපි කැබින් එකට යමු නේද ?"
"අජුම්මා මොකක් හරි කිව්වද??"
හොස්පිට්ල් එන්ට්රස් එකේ ඉදන් පාරෙ යන වාහන දිහා බලන් හිටපු ජින් පියවි සිහියට ආවෙ සර්වන්ට් ඔමේගගෙ කටහඬට.
"ඔව් පුංචි ලූනා මන් ඇහුවෙ අපි දැන් කැබින් එකට යමුද කියලා"
"ඔහ් මේ අපි යමු"
ඉදන් හිටපු තැනින් නැගිටපු ජින් අපහසුවෙන් වගේ කිව්වෙ සර්වන්ට් ඔමේගා ජින්ගෙ අතින් අල්ලලා නවත්තද්දි.
"පුංචි ලූනා මේ මාස්ක් එක දාගන්න"
"තැන්ක් යූ අජුම්මා"
"හැමදෙයක්ම හොඳින් සිද්ධ වෙයි පුංචි ලූනා. ශක්තිමත්ව ඉන්න"
ජින් දිහා බලපු සර්වන්ට් ඔමේගා කිව්වෙ දිග හුස්මක් පිට කරපු ජින් ආයෙමත් කතා කරන්න ගනිද්දි.
"මං දන්න කාලෙ ඉදන් හිටියෙ එහෙම තමයි අජුම්මා. මන් හැමවෙලේම හිතුවා 'හැමදේම හොඳින් සිද්ධ වෙයි සොක්ජින්' කියලා. ඒත් මට හිතෙනවා මන් මාවම රවට්ට ගන්නවද කියලා"
"නෑ පුංචි ලූනා හැමදෙයක්ම විසදෙයි බලාපොරොත්තු නැති කරගන්න එපා"
"හ්ම්ම්.. අජුම්මගෙන් මන් දෙයක් අහන්න මට ඇත්තම කියනවද ??"
"මොකක්ද පුංචි ලූනා ඕනි දෙයක් අහන්න. මන් මොකටද පුංචි ලූනට බොරු කියන්නෙ"
"අජුම්මා හිතනවද මට හොඳ ලූනා කෙනෙක් වෙන්න පුලුවන් වෙයි කියලා පැක් මෙම්බර්ස්ලා මට කැමති වෙයිද??"
"අනිවාරෙන්ම මට හොඳටම විශ්වාසයි පුංචි ලූනා ගොඩක් හොඳ පැක් ලූනා කෙනෙක් වෙනවා කියලා අනික පැක් මෙම්බර්ස්ලා මොකට පුංචි ලූනට අකමැති වෙන්නද??"
සර්වන්ට් ඔමේගා විශ්වාසවන්ත කටහඬකින් කිව්වෙ ජින්ගෙ මූණෙ පුංචි හිනාවක් ඇදිලා යද්දි. ඒත් ඒ හිනාව අස්සෙ ගොඩක් ලොකු දුකක් හැංගිලා තියෙනවා කියලා සර්වන්ට් ඔමේගට තේරුනා.
"කෙනෙක්ට අකමැති වෙන්න හේතුවක් ඕනිමද අජුම්මා? මගෙ ඔම්මයි අප්පයිවත් මට කැමති නෑ"
"ඇයි පුංචි ලූනා එහෙම කියන්නෙ. පුංචි ලූනගෙ ඔම්මා පුංචි ලූනාට ගොඩක් ආදරෙයි"
YOU ARE READING
Love [ Nam × Yoon × Jin ]
Werewolfආදරේ කරන්න අයිතිවාසිකමක් ඕනිමද? අයිතිවාසිකමක් තිබිලත් ළංවීමක් නැත්තම්? දෙන්නෙක්ගෙ මැද්දට තුන්වෙනියෙක්ගෙ අයිතියක්.. කොහොමද එහෙම වෙන්නෙ ?? ඔව් ඒක රහසක්.. සමහර රහස් තියෙනවා කවදාවත්ම එළිවෙන්න ඕනි නැති.. මේත් එහෙම රහසක්.. ජීවිත තුනක්, එක්කෙනෙක්ගෙ අත්හැ...