After a long absence, I'm back to provide updates...
Thank you for your patience, and enjoy your reading ❤
"ජීවිතය, ප්‍රශ්න, විසදුම්, කාලය කියන්නෙ එකකට එකක් වෙන් කරන්න අමාරු විදිහට බැදිලා ඉන්න හතර දෙනෙක්. එක ප්‍රශ්නෙකට උත්තර හොයාගන්න මහන්සි වෙලා ගිමන් හරින්නත් කලින් තවත් ප්‍රශ්න පහ හයක් පෙර දැනුම්දීමක් නැතුවම කඩාගෙන බිදගෙන ජීවිතයට එන්නෙ විසදුම් කියන කෙනාව හරි නපුරු විදිහට අසරණ කරලා පැනලා යන්න සලස්වලා. එයාව බේරගන්න කාලය ඉදිරිපත් වුනත් ගොඩක් වෙලාවට කාලයට විසදුම්ව හොයාගන්න අමාරු වෙනවා. එතකොට කාලය කරන්නෙ ඒ ප්‍රශ්න එහෙම්ම තියෙද්දි ජීවත් වෙන්න අපිව ට්‍රේන් කරන එක. මේ ට්‍රේනින්ග් එකට මූණ දෙන එක හරි අමාරුයි. කාලය මොන විදිහට ප්‍රශ්න සාමාන්‍යකරණීය කරන්න උත්සහ කරත්, ප්‍රශ්නයක් වෙනුවෙන් ජීවිතේ ඇතිවෙච්ච ඒ කඩාවැටීම අපිට දැනෙන්නෙ පළවෙනි දවසෙ වගේම හරිම නැවුම්ව. ඒකමයි එකම විහිලුවට දෙපාරක් හිනා නොවෙන අපිට එකම එක කඩා වැටීමක්/ එකම එක ප්‍රශ්නයක් වෙනුවෙන් දහස් සැරයක් වුනත් අඩන්න පුලුවන්.
සමහර තැන්වලදි මේ තියරිය වෙනස් වෙනවා මොකද කාලය විසදුම්ව හොයාගන්න කලින් කාලයට මේ හැමෝගෙම හතුරෙක් වෙච්ච මරණයව මුණගැහෙනවා. සීයකගෙන් තනියම ගුටි කෑවත් කෙලින් ඉන්න පුලුවන් තරම් ශක්තිමත් ප්‍රධාන නලුවෙක් නොවුන කාලය මෙතනදි හතුරෙක් වෙච්ච මරණයට පරදිනවා. තවත් සමහර විශේෂ අවස්ථා තියෙනවා පරක්කු වෙලා හරි කාලය විසදුම්ව හොයාගන්න.."
"මේ වචන ලස්සනයි. ඒත් මට නම් කාලය ගැන තියෙන්නෙ තරහක්. බල්ලගෙ වැඩේ බූරුවා කරන්න ගියාම ඒක හරි අසාර්ථකයි"
බීච් එකේ තිබ්බ බංකුවකට වෙලා පොතක් කියවන ගමන් හිටපු ජින්ගෙ උරහිසකට නිකට තියන් ටේහියුන් මේ කියවන්නෙ ජින් කියවන ගමන් ඉන්න පොතට එබිලා.
කාලය එක්ක තියෙන තරහටත් වැඩිය ටේහියුන් මේ පෙන්නන්නෙ ලොකු වෙලාවක් තිස්සෙ ජින්ගෙ අවදානෙ පොතට විතරක් යොමුවෙලා තිබ්බ ඉරිසියාව කියලා හොදටම දන්න ජින් බුක් මාර්ක් එකක් දාලා පරෙස්සමට පොත පැත්තකින් තිබ්බෙ සම්පූර්ණ අවදානෙම ටේහියුන් දිහාවට දීලා.
YOU ARE READING
Love [ Nam × Yoon × Jin ]
Werewolfආදරේ කරන්න අයිතිවාසිකමක් ඕනිමද? අයිතිවාසිකමක් තිබිලත් ළංවීමක් නැත්තම්? දෙන්නෙක්ගෙ මැද්දට තුන්වෙනියෙක්ගෙ අයිතියක්.. කොහොමද එහෙම වෙන්නෙ ?? ඔව් ඒක රහසක්.. සමහර රහස් තියෙනවා කවදාවත්ම එළිවෙන්න ඕනි නැති.. මේත් එහෙම රහසක්.. ජීවිත තුනක්, එක්කෙනෙක්ගෙ අත්හැ...