20

212 48 2
                                    


"අයි ලව් යූ ජින්"

ජින්ගෙ දිග කතාවට නම්ජුන් ළග තිබ්බෙ වචන තුනක හරිම පොඩි උත්තරයක්. ඒත් ඒ ජින් බලාපොරොත්තු වුන උත්තරේද?

සමහරක් උත්තරවලට පුලුවන්ලු ප්‍රශ්න අමතක කරවන්න.

"අයි ලව් යූ ටූ ජුනී"

නම්ජුන්ගෙ දිහා බලාගෙන හිනාවෙලා කියපු ජින් ලැජ්ජාවට ආයෙමත් නම්ජුන්ගෙ තුරුලෙ හැංගුනා. හිනාවෙලා ජින්ව තව ටිකක් තුරුල් කරගත්ත නම්ජුන් හෙමීට ජින්ගෙ ඔලුව අතගාන්න ගත්තෙ දිග කල්පනාවකට මුල පුරන ගමන්.

පොරොන්දු තියෙන්නෙ රකින්න ඒත් තමන් දැන් ජින්ට දුන්නෙ වෙන්නෙත් කලින්ම කඩපු පොරොන්දුවක් නේද කියන එක නම්ජුන්ට වද දුන්නා. කවදහරි දවසක ජින් ඇත්ත දැනගත්තොත් මොනවා වෙයිද කියලා එක පැත්තකින් හිතෙද්දි. ඒ කවදහරි දවස කවදාවත් ආවෙ නැත්තම් කියලා ආයෙමත් නම්ජුන්ට හිතුනා.

නම්ජුන්ගෙ කල්පනාව බිදුනෙ එක දිගට රින්ග් වෙන ෆෝන් එක නිසා. තමන්ට තුරුලු වෙලා සනීපෙට නිදන් ඉන්න ජින් දිහා බලපු නම්ජුන් ජින්ව ඇහැරෙන්නෙ නැති විදිහට බැම්ම උඩ තිබ්බ ෆෝන් එක අතට ගත්තා. කෝල් එක ඔෆිස් එකෙන් කියලා දැක්කහම ආන්සර් නොකර ඉන්න හිතුනත් ආයෙමත් මේ කෝල් එක තමන්ගෙ අප්පට ගියොත් තවත් ප්‍රශ්න ගොඩක ආරම්භයක් නේද කියලා තමන්ටම මතක් කරලා දීපු නම්ජුන් ෆෝන් එක ආන්සර් කරා.

<ගුඩ් මෝර්නින්ග් සර්, අද මීටින්ග් එක >

"අද තියෙන හැම මීටින්ග් එකක්ම හෙටට රීෂෙඩියුල් කරන්න. මන් අද රෑ වැඩ කරන්නෙ මතක් කරලා සිකුරුටි එකට කියලා තියන්න හත වෙද්දි කැබින් එක රෙඩි කරලා තියන්න කියලා. සයින් කරන්න මොනවහරි තියෙනවානම් මගේ ටේබල් එකෙන් තියන්න. අනික කවුරුත් ඉන්න ඕනි නෑ රෑට. ඕකේ. තැන්ක් යූ"

තමන්ගෙ සෙකට්‍රිට කතා කරන්නවත් ඉඩ දෙන්නැතුව එක දිගට කියවන් ගියපු නම්ජුන් ෆෝන් එක කට් කරලා දැම්මා. ඒත් එක්කම නම්ජුන් කෝල් එකක් ගත්තෙ එයාට. මොකද නම්ජුන් දැනන් හිටියා තමන් ළඟ උත්තර නැති හැම ප්‍රශ්නෙකටම උත්තරයක් එයා ගාව තිබ්බා කියලා. හැමදාමත් වගේ දෙපාරක් රින්ග්ස් යද්දිම එයා ෆෝන් එක ආන්සර් කරා.

Love [ Nam × Yoon × Jin ] Where stories live. Discover now