"කොච්චර කොහොම මොන විදිහට කිව්වත් අපි කවුරුත්ම ඉස්සර තරම් හඳට ආදරේ කරන්නෙ නෑ ජින් ඒක තමයි ඇත්ත. අපි හඳ ගැන නොදැන හිටියනම් ඒක එහෙම වෙන එකක් නෑ මොකද දුරින් බලද්දි හඳ ලස්සනයි හරියට අපේ ජීවිත වගේ, ගොඩක් අය අපිව දකින්නෙ අන්න ඒවගේ දුර ඉදන් ඉතින් එයාලා දුක් වෙනවා, ඉරිසියා කරනවා, කම්පෙයා කරනවා එයාලගෙ ජීවිත අපේ ජීවිතත් එක්ක. හරියටම ඔයා වගේ. මමා පපා දෙන්නම ඔයාට ආදරේ කරේ නෑ ඒත් ඒ දෙන්නම ඔයා ගාව හිටියා, නමට හරි මමා පපා කියන්න කෙනෙක් ඔයාට හිටියා ඒත් මට මන් කවදාවත් ඒ වචන දෙක පාවිච්චි කරලා නෑ මන් අනන්තවත් හිතලා ඇති ආදරේ නොකරත් නමට හරි මගේ මමයි, පපයි දෙන්නා මාව තියාගත්තනම් කියලා. ඕපන් එකේ ජීවත් වෙද්දි අනාතයා කියන ලේබල් එක ඇත්ත නමටත් වඩා අහලා හුරු වෙද්දි මැරෙන්න හිතුන වාර අනන්තයි ජින්, ඉපදුන දවසෙ ඉදන් දන්න ලෝකෙ මේ තරම් නපුරු වෙද්දි නොදන්න ලෝකෙකට යන්න තිබුන බය නොමැරි ජීවත් වෙන්න තිබ්බ එකම හේතුව වෙද්දි මුලු දවසම හැමදෙයක්ම දරාගෙන හිනාවුන ඇස්වල කදුලු කතා ඇහුවෙම හැගීම් දැනීම් නැති කොට්ටයක්. ඔයා මගේ ජීවිතේ ප්‍රාර්ථනා කරද්දි මන් හැමදාමත් ඔයාගෙ ජීවිතේ ප්‍රාර්ථනා කරා ජින්. ඇත්තටම කිව්වොත් ඔයා ඔය ගෙවන්නෙ මන් ප්‍රාර්ථනා කරපු ජීවිතේ. පවුලක්, ආදරේ කරන්න කෙනෙක්, අනාතයා නොකියා නම කියලා කතා කරන ජීවිතයක් ඒ මගේ ප්‍රාර්ථනා ජින්. මේ ඕපර්නේජ් එක අතඇරලා දාලා මන් දුර පළාතක ඉගෙන ගන්න ගියේ ඒකයි. මට ඕනි වුනේ කවුරුත්ම මාව නොදන්න තැනකින් ආයෙමත් මුල ඉදලා හැමදේම පටන් ගන්න. මන් එහේ හැමෝටම මමයි, පපයි ඇක්සිඩ්න්ට් එකකින් නැති වුනා කියලා කිව්වෙ ඒකයි. ඒ වුනාට බර්ත් සෙටිෆිකට් එකේ මව, පියාගෙ නම වෙනුවට තියෙන්නෙ ඕපර්නේජ් එකේ නම වෙද්දි සිද්ධ වුන එකම දේ මන් අනාතයෙක් කියලා දැනගත්ත කට්ටිය අඩු වුන එක විතරයි ජින්"
දුර ඉදන් බලද්දි හඳ ලස්සනට පෙනුනා වගේ, දුර ඉදන් බලපු ජින්ටත් කෙන්ගෙ ජීවිතේ පෙනුනෙ හරි ලස්සනට.
තමන්ගෙ අය හැමෝම ඉද්දි තනිවෙලා කියලා දැනෙන හැඟීම දරා ගන්න අමාරුයි, එතකොට තමන්ගෙ කියලා කවුරුත්ම ළඟ නැති බව දැනගෙනම ජීවත් වෙන්න සිද්ධ වෙන එක ඒක දරාගන්න ලේසිද?
YOU ARE READING
Love [ Nam × Yoon × Jin ]
Werewolfආදරේ කරන්න අයිතිවාසිකමක් ඕනිමද? අයිතිවාසිකමක් තිබිලත් ළංවීමක් නැත්තම්? දෙන්නෙක්ගෙ මැද්දට තුන්වෙනියෙක්ගෙ අයිතියක්.. කොහොමද එහෙම වෙන්නෙ ?? ඔව් ඒක රහසක්.. සමහර රහස් තියෙනවා කවදාවත්ම එළිවෙන්න ඕනි නැති.. මේත් එහෙම රහසක්.. ජීවිත තුනක්, එක්කෙනෙක්ගෙ අත්හැ...