26

200 49 26
                                    

"ආයිශ්"

"නම්ජුනා ඕක නවත්තන්න. මන් කිව්වා ඒ දවස්වලම ඕනෑවට වඩා විශ්වාස කරද්දි. දැන් දැක්කනෙ ඔයා ඉද්දිම තවත් කෙනෙක්"

පැක් මීටින්ග් එක ඉවර වෙලා මැන්ෂන් එකට ආපු වෙලේ ඉදන්ම පිස්සුවෙන් වගේ හැමදේම පොළවෙ ගහන නම්ජුන් දිහා බලපු ඇල්ෆා මේරි ජින්ට දොස් කියන්න ගත්තෙ නම්ජුන්ගෙ තරහ තවත් වැඩි කරලා.

"ඔම්මා දන්නෙ නැති දේවල් කියවන එක නවත්තන්න ඔයා නෙමේ කවුරු කිව්වත් ජිනී මට බොරු කරේ නෑ. එයා අද කිව්ව දේවල් ඔක්කොම බොරු එයාගෙ ජීවිතේ ඉන්නෙ මම විතරයි"

තරහින්ම කියපු නම්ජුන් ඇල්ෆා මේරි කොහෙද යන්නෙ කියලා අහද්දිත් ඇහෙන්නෙ නෑ වගේ මැන්ෂන් එකෙන් එළියට ගිහින් කෝල් එකක් ගත්තා.

"චෝයි කිම්ඩෑන් කියන්නෙ කවුද කියලා හොයනවා. පැයක් ඇතුලත මට හැම විස්තරයක්ම ඕනි තේරුණානෙ"

තමන්ගෙ ගෝලයෙකුට කතා කරපු නම්ජුන් වාහනෙත් ස්ටාට් කරගෙන යන්න ගියේ ලොකු ප්ලෑන් එකක් හිතේ තියාගෙන.




**************
"මට පාඩුවේ ඉන්න දෙන්න"

එක දිගටම රින්ස් යන ෆෝන් එක කුඩු වෙලා යන්නම පොළවෙ ගහපු ජින් අත් දෙකෙන්ම ඔලුව අල්ලගෙන කෑගන්න ගත්තෙ වෙච්ච දේවල් ආයෙමත් මතක් වෙද්දි.

Flashback

"ජින් තමුන්ට පිස්සුද දන්නවද කොච්චර ලොකු චාන්ස් එකක්ද තමුන් මිස් කර්ගත්තෙ කියලා"

පහළට ආපු ගමන්ම ජින්ව ඇදගෙන එළියට ගියපු මිසිස්. කිම් ජින්ගෙ ඇඟට කඩා පැන්නෙ ජින් මළමිණියක් වගේ ඔහේ බලාගෙන ඉද්දි.

"ජිනී ඔයා හොදින් නේද?"

කොහේදෝ ඉදලා දුවගෙන ආපු ජිමින් මිසිස්. කිම්ව එහාට කරලා ජින්ව බදාගන්න ගියත් ඒත් එක්කම ආපු ජුන්කුක් ජිමින්වත් ඇදගෙන යන්න ගියා.

"සමාවෙන්න ජින් අපිට කරන්න කිසිම දෙයක් නෑ. නම්ජුන් කියන්නෙ පැක් ඇල්ෆා ඔයාට තේරෙනවනෙ"

ජුන්කුක්, ජිමින්ව අරන් යනකල් හිටපු හේසොක් ජින් ළඟට ඇවිත් කිව්වෙ ජින් මවාගත්ත හිනාවක් එක්ක ඔලුව වනද්දි.

Love [ Nam × Yoon × Jin ] Where stories live. Discover now