"ආයිශ්"
"සුගර් සන්සුන් වෙන්න ඔය විදිහට හැසිරුනා කියලා කිසි හොඳක් වෙන්නෙ නෑනෙ ජින්ව ඉක්මනටම හම්බවෙයි"
අත් දෙකින්ම කොණ්ඩෙ අදින ගමන් ලිවින්ග් රූම් එකේ එහෙටයි මෙහෙටයි ඇවිදින යුන්ගි දිහා බලපු ලුනා සේහි කිව්වෙ තමන්ගෙ පුතාව සන්සුන් කරන්න හිතාගෙන.
"හම්බවෙයි හම්බවෙයි කිව්වට කවද්ද හම්බවෙන්නෙ ඔම්මා දවසක් දෙකක් නෙමේ අවුරුදු දෙකක් වෙන්න එනවා තාමත් ජින් ගැන කිසිම ආරංචියක් නෑ හොයන්න පුලුවන් හැමතැනම හෙව්වා අඩුම තරමෙ හොඳින් ඉන්නවද කියලවත් දැනගන්න තිබ්බනම්"
ලිවින්ග් රූම් එකේ තිබ්බ ලොකු සැටි එකෙන් ඉදගත්ත යුන්ගි කිව්වෙ කලකිරුනු කටහඬකින්. යුන්ගිට තිබ්බෙ තමන් ගැනම තරහක්, තමන්ගෙ මේට්ව හරියට බලාගන්න බැරි වුනා කියන හැගීම යුන්ගිට හැමවෙලේම වද දුන්නා.
යුන්ගි සන්සුන් වුනා කියලා දැකපු ලූනා සේහි ආයෙමත් කිචන් එකට ගියේ යුන්ගිට වගේම, ටේහියුන්ටත් බොන්න මොනවහරි ගේන්න.
"දෙන්නම උදේ ඉදන්ම මොකුත් කාලා නෑනෙ කෝ මේක බොන්න හොඳ ළමයි වගේ"
ජින් වගේ කෙනෙක් දැක්කා කියලා ලැබුනු ආරංචියකට උදේම මින් මැන්ෂන් එකෙන් පිටත් වුන ටේ යුන් දෙන්න ආයෙමත් හිස් අතින්ම මැන්ෂන් එකට එන්න ආවෙ එතන ජින් තියා ජින් වගේ කෙනෙක්වත් නොහිටිය නිසා.
"කිරි නෙමේ ඔයාගෙ මේ සුගර් පැටියට හොඳ අරිෂ්ටෙ බෝතලයක් ගෙනත් දෙන්න මහන්සිත් ඇතිනෙ රණ්ඩු වෙලා. මන් අලුතෙන් හොස්පිටල් එකකුත් පටන් ගන්න ඉන්නෙ එතකොට මට මේ මනුස්සයගෙන් ගුටි කන අයට ප්‍රශ්නයක් නැතුව බෙහෙත් කරන්න පුලුවන්නෙ"
ඔෆිස් ඇඳුම් පිටින්ම මැන්ෂන් එකට ඇතුලු වුන හෙඩ් ඇල්ෆා මින් කිව්වෙ ලිවින්ග් රූම් එකේ දිග සැටියට වෙලා ඇස් පියන් ඉන්න යුන්ගි දිහා බලලා.
ලූනා සේහි අතේ තිබ්බ කිරි වීදුරුව අතට ගත්ත යුන්ගි තමන්ගෙ අප්පා කියන දේ ඇහුන්නෙ නෑ වගේ පඩිපෙළ නැගගෙන යන්න ගියේ ලිවින්ග් රූම් එකේ හිටපු හැමෝම මේ දිහා බලන් ඉද්දි. යුන්ගි නොපෙනී යනකල්ම බලන් හිටපු ලූනා සේහි තමන්ගෙ මේට් දිහාට හැරුනෙ අද මොකක්ද වුනේ කියලා අහන ගමන්.
YOU ARE READING
Love [ Nam × Yoon × Jin ]
Werewolfආදරේ කරන්න අයිතිවාසිකමක් ඕනිමද? අයිතිවාසිකමක් තිබිලත් ළංවීමක් නැත්තම්? දෙන්නෙක්ගෙ මැද්දට තුන්වෙනියෙක්ගෙ අයිතියක්.. කොහොමද එහෙම වෙන්නෙ ?? ඔව් ඒක රහසක්.. සමහර රහස් තියෙනවා කවදාවත්ම එළිවෙන්න ඕනි නැති.. මේත් එහෙම රහසක්.. ජීවිත තුනක්, එක්කෙනෙක්ගෙ අත්හැ...