36

271 46 34
                                    

සීත දෙසැම්බරයේ සීතලක් නොදැනෙන තරමටම කදුලුවල උණුසුම වැඩි වෙද්දි ඈත අහසෙ තරු අතරට තවත් පුංචි තරුවක් එකතු වෙලා තිබුනා. ඕපනේජ් එකේ හැමදාමත් තුන් වේලම තිරගත වෙච්ච බෙහෙත් පෙවීමේ ත්‍රාසජනක චිත්‍රපටය නිමා වෙලා යද්දි සුදු කෝට් එකක් ඇදගත්ත උස ඩොක්ට අන්කල්ටත් ඕපනේජ් එක අමතක වෙලා තිබුණා. අලුත් අවුරුද්දක්, අලුත් ආරම්භයක් වෙනුවෙන් ලෝකයක්ම බලන් ඉද්දි ජිනී අප්පගෙ පුංචි කරදරකාරි, කෙනී අන්කල්ගෙ පුංචි දඩබ්බරී, ටා ටා හියුන්ගෙ පුංචි ඉරිසියාකාරි හරි සනීපෙට එයාගෙ මමා ගාවින්ම නිදාගෙන හිටියා. සදහටම.

තිත්ත බෙහෙත් බොන්න බෑ කියලා අඬපු කෙල්ලට දැන් තිත්ත බෙහෙත් බොන්න ඕනි වෙන එකක් නෑ, මාසෙකට දෙතුන්පාරක්ම හොස්පිට්ල් එකේ නවතින්න ඕනි වෙන එකක් නෑ, තමන්ටත් වඩා විශාල මැෂින් අස්සෙ ජීවිතේ අයදින්න වෙන එකක් නෑ එයා එයාගෙ විදවීම්වලින් නිදහස් වුනා ඉතින් සතුටු වෙන්න එයා වෙනුවෙන්. හැමෝම ඕනෑවටත් වඩා පොසිටිව් වෙද්දි තාමත් එයාගෙ පුංචි ප්‍රින්සස්ට සමුදෙන්න බැරි වෙච්ච අප්පා කෙනෙක් කාටත් හොරෙන් කදුලු සැලුවා, එයාගෙ නූනව වගේම නූනා ඉතුරු කරලා ගිය එකම සම්පතත් රැකගන්න බැරි වෙච්ච මල්ලි කෙනෙක් ලෝක ස්වභාවය ඉස්සරහා ආයෙමත් සැරයක් අසරණ වෙලා, හැමෝගෙම පොඩි එකා වෙච්ච තමන්ව ලොකු අයියා කෙනෙක් කරපු ඉක්මනටම හම්බෙවෙලා ඊටත් වඩා ඉක්මනට අතුරුදහන් වුන අලුත් යාලුවා වෙනුවෙන් සහෝදරයෙක් ආයෙමත් හිතින් අඬනවා නිහඬවම. මේ හැමෝම අතුරු පාරවල්වලදි මුණ ගැහිලා එකම පාරක අත් අල්ලගෙන ඇවිදගෙන ගියපු අය ඉතින් අල්ලගත්ත අතක් අතහැරුනහම රිදෙනවා. අත්හරිනවා, අතහැරෙනවා එක වගේ පෙනුනට තේරුම් දෙකක්. අතහැරුන අතක වේදනාව දන්නෙ තවත් ඒවගේ කෙනෙක්ම විතරයි. තමන් ඇවිදගෙන යන පාරෙ කොච්චර ලස්සන මල් ගොඩක් පිපිලා තිබ්බත් ඒ කිසිම මලක ලස්සන නොපෙනෙන තරමටම ඒ වේදනාව නීරසයි. හරියටම මේ මුලු කාලෙ පුරාවටම ටේහියුන්, කෙන් වගේම තමන් ළඟින්ම හිටපු යුන්ගිව ජින් නොදැක හිටියා වගේ.

අතහැරෙනවට බය වුනහම තවත් තදින් අල්ලගන්නවා ඉතින් මේ කාලෙ ඇතුලෙ ජින් ටේහියුන්ව වගේම, කෙන්වත් තවත් තදින් අල්ලගෙන හිටියා. හැමදේම පැත්තකින් තියලා අවුරුදු හතරකට පස්සෙ ටේහියුන්ගෙ උපන්දිනයට ටේහියුන් ආසම විදිහට කේක් එකක් තමන්ගෙ අතින්ම ඩිසයින් කරපු ජින් උදේම ටේහියුන් වැඩ කරපු හොස්පිට්ල් එකට යන්න සූදානම් වුනේ ඒ නිසා. මෙච්චර දවස් ඕපනේජ් එක ළඟම හොටෙල් එක්ක නැවතිලා ඉදපු ටේහියුන් සෝල් ආවෙ මීට දවස් දෙකකට කලින් නිවාඩුව ඉවර වෙච්ච ටේහියුන් රස්සාව දමලා ගියත් කමක් නෑ කියලා නවතින්න යද්දි බලහත්කාරෙන්ම ටේහියුන්ව පැන්නුවෙත් ජින්මයි. ඊටත් දවස් දෙකකට පස්සෙ, යුන්ගිගෙ උදව්වෙන් ටේහියුන්ටත් හොරෙන්ම කෙන් එක්ක සෝල්වල්ට ආපු ජින් අද මේ යන්නෙ එයාගෙ පළවෙනි දරුවව සප්‍රයිස් කරන්න.
.
.
.
.
.
.
රෑ නයිට් ෂිෆ්ට් එක කරලා මහන්සි වෙලා ඉදපු ටේහියුන් රෙස්ට් රූම් එකට ඇවිත් පුටුවක් ඇදලා වාඩිවෙලා මේසෙට ඔලුව තියාගත්තෙ ආයෙම පාරක් කිසිම නොටිෆිකේශන් එකක් ඇවිත් නොතිබ්බ ෆෝන් එකත් මේසෙ කොනකට තල්ලු කරලා.

Love [ Nam × Yoon × Jin ] Where stories live. Discover now