33

142 36 18
                                    

"මොනවද දෙන්නා හොරෙන් හොරෙන් කතා කරන්නෙ"

වොශ් එකක් දාගෙන ටේහියුන්ගෙ ඇඳුමකුත් ඇදගෙන එළියට ආපු ජින් ඇස් දෙකත් හීනි කරලා බැලුවෙ සැටියට වෙලා රහසින් කුටු කුටු ගාන ටේ, කෙන් දෙන්නා දිහා.

ජින් දිහා බලලා මෝඩ හිනාවක් දාපු ටේහියුන් කෙන්වත් පෙරලගෙන බාත් රූම් එකට දිව්වෙ වුනේ මොකක්ද කියලා හිතාගන්න බැරි වුන කෙන් බිමට වැටිච්ච විදිහටම ඉදන් වැහුන බාතෲම් එකේ දොර දිහා බලන් ඉද්දි.

"තැන්ක් යූ කෙන්. ඔයා කිව්වා හරි මට හැමදාමත් හැංගිලා ඉන්න බෑ අද නැතත් කවදමහරි දවසක මට මේ දේවල්වලට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒ දවස අද වෙච්ච එක ගැන මන් සතුටින්ද, දුකින්ද, බයෙන්ද කියන්න මන් දන්නෙ නෑ. ඒත් මට දැනෙනවා අවුරුදු හතරකට පස්සෙ ආයෙමත් කිම් සොක්ජින් ජීවත් වෙනවා කියලා"

ජින්ගෙන් බැනුම් අහන්න සැදී පැහැදී හිටපු කෙන් පුදුම වෙලා බලන් හිටියෙ හරිම සන්සුන්ව කතා කරන ජින් දිහා. කෙන්ව තේරුම් ගත්ත ජින් හිනාවෙලා තාමත් වැටුන විදිහටම බිම ඉදගෙන ඉන්න කෙන් ගාවින් ඉදගත්තා.

"ඔයා කිම් ටේමින්ව, කිම් ජින්ව දැනන් හිටියට මේ ඔෆීශියලි කිම් සොක්ජින්ව හම්බෙන මුල්ම වතාව නේද කෙන්. මන් දන්නෙ නෑ ඇත්තටම මන් කොහොමද මාව අදුන්වලා දෙන්න ඕන කියලා. ඔයා දන්න කිම් ටේමින් හැමවෙලේම හිනාවෙලා විහිලුවක් කරලා ඉන්න කෙනෙක්, එතකොට කිම් ජින් හරිම කෙයාරින් අප්පා කෙනෙක්, ඒත් කිම් සොක්ජින් කියන්නෙ ඊට හාත්පසින්ම වෙනස් චරිතයක් කෙන්. නම්ජුන් වගේම අනිත් හැමෝම ගාව ඕනෑවටත් වඩා නිහඬ මන් ටේහියුන් ළඟදි ඕනෑවටත් වඩා කියෙව්වා. එතකොට ජිමින්, එයා ගාව ඉද්දි කියවන්න දාහක් දේවල් තිබ්බත් මන් හොඳ ඇහුම්කන් දෙන්නෙක් විතරක්ම වුනා මොකද බලහත්කාරෙන් හරි ජිමින් මගෙන් අහගන්න හැමදේම එයා එයාගෙ මේට්ලා දෙන්න එක්කත් බෙදාගත්තා. ටේහියුන් එක්ක හැමදේම බෙදාගන්න ඕන වුනත් මම ටේ බෙයාව දැක්කෙ මගේම දරුවෙක් වගේ ඉතින් ඔම්මලා තමන්ගෙ ප්‍රශ්න දරුවන්ගෙන් හන්ගලා හිනාවෙලා ඉන්නවා වගේ මාත් ටේ ගාවදි හැමදේම හන්ගන් හිනාවෙලා ඉන්න පුරුදු වුනා"

Love [ Nam × Yoon × Jin ] Where stories live. Discover now