27

219 50 16
                                    

"අවුරුදු දෙකක් වෙනවා තමුන්ලට තාම එක ඔමේගා කෙනෙක් හොයා ගන්න බැරි වුනාද useless"

තරහින්ම ෆෝන් එක පොළවෙ ගහපු නම්ජුන් ඉස්සරහ බැලුවෙ අවසරයකින් තොරවම තමන්ගෙ කැබින් එක ඇතුලට ආපු කෙනාව අස් කරලා දාන්න බලාගෙන. ඒත් ඇතුලට ආපු කෙනා දැක්කහම දිග හුස්මක් ගත්ත නම්ජුන් අහක බලාගෙනම ඇයි කියලා ඇහුවෙ තමන්ගෙ මාස අටක් වුන බඩට අත තියාගත්ත යූහි අමාරුවෙන් තමන්ගෙ කදුලු හංගගෙන හිනාවෙලා උත්තර දෙද්දි.

මේ අවුරුදු දෙකට ගොඩක් දේවල් වෙනස් වුනා ජින් කාටවත්ම නොකියා යන්න ගියාට පස්සෙ ඉදලහිටලා හරි නම්ජුන්ගෙ මූණෙ දකින්න ලැබුන ඩිම්පල් හිනාව හොයාගන්නවත් නැති වුනා. මුලු පැක් එකටම හොඳ ඇල්ෆා කෙනෙක් වගේම කොරියාවම දන්න දක්ෂ බිස්නස්මන් කෙනෙක් වෙච්ච නම්ජුන් කවදාවත් තමන්ගෙ මේට් වෙනුවෙන් ආදරණීය හස්බන්ඩ් කෙනෙක් වෙන්න උත්සහ කරේ නෑ. රාගය විතරක්ම තිබ්බ ඒ බැදීමෙන් ලැබුනු තෑග්ගක් විදිහට නම්ජුන්ට ටෲ බ්ලඩ් පප් කෙනෙක්ගෙ අප්පා කෙනෙක් වෙන්න පුලුවන් වුනේ මුලු පැක් එකම අලුතෙන් එකතු වෙන පුංචි උරුමක්කාරයා වෙනුවෙන් සතුටු වෙද්දි. ඒත් ඒ සතුට නම්ජුන්ටත් ඒ විදිහටම දැනුනද කියන එක දන්නෙ නම්ජුන්ම විතරයි.

"ඇල්ෆා, ටේහියුන් අද රට ඉදලා එනවා ඔම්මා කිව්වා ඇල්ෆත් එක්ක ගිහින් ටේහියුන්ව පික් කරන්න කියලා"

"මට මීටින්ග් එකක් සර්වන්ට් ඔමේගා එක්ක යන්න"

"ඒත් ඇල්ෆා ඔම්මා"

නම්ජුන් තරහින් තමන්ගෙ මේට් දිහා බැලුවෙ ඒ බැල්මට බයේ යූහි කියන්න හදපු දේ ගිලගද්දි. ආයෙමත් තමන්ගෙ ෆයිල් වගයක් චෙක් කරපු නම්ජුන් ප්‍රශ්නාර්ථ බැල්මක් හෙලුවෙ තාමත් යන්න කිසිම ලෑස්තියක් නැතුව තමන් ඉස්සරහ හිටන් ඉන්න යූහි දිහාට.

"ඇයි"

"ඔම්මා කිව්වා පප් ලැබෙන්න කලින් ඉක්මනට සර්වන්ට් ඔමේගා කෙනෙක් තෝරගන්න කියලා"

"යූහි මට මතක විදිහට අපි මීට කලින් මේ ගැන කතා කරා"

යූහි දිහා බලපු නම්ජුන් කිම් මැන්ෂන් එකට කෝල් එකක් ගත්තෙ සර්වන්ට් ඔමේගව ඩ්‍රයිවර් කෙනෙක් එක්ක එවන්න කියලා කියන්න. යූහි ආපු කා එක ආයෙමත් හරවලා මැන්ෂන් එකටම යවපු නම්ජුන් කැබින් එකෙන් එළියට ගියේ යූහිව ගනන් ගන්නෙවත් නැතුව.

Love [ Nam × Yoon × Jin ] Where stories live. Discover now