"හොබී හියුන් අනේ ෆෝන් එක දෙන්නකො. මට ජිනීට කෝල් එකක් ගන්න ඕනෙ. අනේ කුකී, හොබී හියුන්ට කියන්නකො අනේ අනේ අනේඒඒඒඒ.."
"මෝචි අපි උදේට කෝල් එකක් ගමු දැන් නිදාගන්න එන්න"
ජින්ගෙ අපාර්ට්මන්ට් එකේ ඉදන් ආපු වෙලේ ඉදන් ජින්ට කෝල් ගන්න ඕනි කියලා කරදර කරන තමන්ගෙ මේට්ට හේසොක් කිව්වෙ දැන් ජින්ට කෝල් ගන්න එකට නම්ජුන් පොඩ්ඩක්වත් කැමති නෑ කියලා දන්න නිසාමයි.
"ඔව් හොබී හියුන් කියන එක හරි. එන්න නිදාගන්න. දැන් කතා කරන එක හරි නෑ"
"ඇයි හරි නැත්තෙ? ජිනී මගේ යාලුවා නිකන් නෙමේ හොඳම යාලුවා ඉතින් හොඳම යාලුවා අසනීප වුනහම කෝල් කරලා හොදින්ද කියලා අහන එක වැරදිද?? හරි නම් මං දැන් ඉන්න ඕන ජිනී ගාව"
ජුන්කුක්, හේසොක් කොච්චර කිවත් ජිමින් පොඩ්ඩක්වත් එයාලා කියන දෙයක් අහන්න කැමති වුණේ නෑ. මොකද ජිමින්ට තදින්ම ඕනි වුණා තමන්ගෙ හොඳම යාලුවා හොඳින්ද කියලා දැනගන්න.
"චිමී බෝලෙ තේරුම් ගන්න ජිනී ඔයාගෙ යාලුවා තමයි. යාලුවෝ අසනීප වුනහම හොයලා බලන්න ඕන. ඒත් දැන් එයා ඉන්නෙ එයාගෙ ඇල්ෆාත් එක්ක ජුනී අනිවාර්යයෙන්ම ජින්ව බලාගනී ඒ එයාගෙ ඔමේගා. ඉතින් ඒ දෙන්නට මේ රෑ කරදර කරන එක හරි නෑ නේද?"
"ඉතින් මන් කරදර කරන්න නෙමේනෙ ගන්නෙ මන් ගන්නෙ ජින්----"
"ඇති ඔය, මායි කුකියි ඔයත් එක්ක ඉන්නකොට කවුරුත් කරදර කරනවට අපි දෙන්නම කැමති නෑ. ඒ වගේ තමයි නම්ජුනත්. මතක තියාගන්න චිමී කොච්චර හොඳ යාලුවෝ වුණත්, කොච්චර එකට හිටියත් සමහර වෙලාවට අපිට අපේ යාලුවන්ගෙ පර්සනල් ලයිෆ් එකෙන් ඈත් වෙලා ඉන්න වෙනවා ඒ එයාලගෙම හොඳට. මම දන්නවා ජින් ඔයාගෙ හොඳම යාලුවා ඔයාලා අතර රහසක් නැති තරම් කියලා. ජින් ඔයාට නම්ජුනා ගැන කිව්වෙ නැති එකට ඔයාට තරහයි දුකයි කියලත් මන් දන්නවා ඒත් එයාට ඒකට හේතුවක් තිබ්බා. ඉතින් දැන් ඔය තරහ පැත්තකින් තියලා එන්න අපි නිදාගමු"
හොඳින් කියලා බැරිම තැන හේසොක් ටිකක් තදින් කිව්වෙ ජිමින් අත් දෙකත් බැදගෙන හේසොක් දිහා බලන් ඉද්දි. සාමාන්‍යයෙන් ජිමින් කියන්නෙ ගොඩක් අහිංසක, සෙන්සිටිව් ඒවගේම ආදරණීය කෙනෙක්, ඒත් දැන් තමන් ඉස්සරහ ඉන්න තරහ ගියපු ජිමින් කියන්නෙ නම් ඊට හාත්පසින්ම වෙනස් නපුරු චරිතයක් කියලා දන්න නිසාම හේසොක් එයාගෙ සන්ශයින් හිනාව දැම්මෙ තමන්ගෙ මේට්ගෙන් බේරෙන්න හිතාගෙන. ඒත් ඉතින් අහිංසක හේසොක්ගෙ ප්ලෑන් එකට ජිමින් රැවටුනෙ නම් නෑ.
YOU ARE READING
Love [ Nam × Yoon × Jin ]
Werewolfආදරේ කරන්න අයිතිවාසිකමක් ඕනිමද? අයිතිවාසිකමක් තිබිලත් ළංවීමක් නැත්තම්? දෙන්නෙක්ගෙ මැද්දට තුන්වෙනියෙක්ගෙ අයිතියක්.. කොහොමද එහෙම වෙන්නෙ ?? ඔව් ඒක රහසක්.. සමහර රහස් තියෙනවා කවදාවත්ම එළිවෙන්න ඕනි නැති.. මේත් එහෙම රහසක්.. ජීවිත තුනක්, එක්කෙනෙක්ගෙ අත්හැ...