නම්ජුන් පහළට ගිහින් ටික වෙලාවකින් ජිනුත් පහළට ආවා. ඒත් එක්කම වගේ ආපු ටේ ගිහින් ජින්ව හග් කරේ ජිනුත් හිනාවෙලා ටේව හග් කරද්දි.
"ජිනී හියුන්ග්"
"ටේ ටේ"
මේ දිහා බලන් හිටපු නම්ජුන්ගෙ අත මිට මෙලවුනේ නොදැනුවත්වමයි.
"ජිනී"
ජින්ට කතා කරපු නම්ජුන් ජින්ව ඇදලා තමන් ළඟට ගත්තා. ටෲ බ්ලඩ් ඇල්ෆා කෙනෙක් වෙච්ච නම්ජුන් පිටකරන සෙන්ට් එකේ වෙනස ටේට ජින්ට විතරක් නෙමේ මැන්ෂන් එකේ හිටපු අනිත් අයටත් දැනුනා කිචන් එකේ හිටපු ඇල්ෆා මේරි ලිවින්ග් රූම් එකට ආවෙ ඒ නිසා.
"ජුන් මොකද මේ? ටේ කොයි වෙලේද ආවෙ ගොඩ දවසකින් ඔයාගෙ ඔම්මට හග් එකක් දෙන්නෙ නැද්ද ආ. කෝ එන්න එන්න මගේ ටේ බෙයා"
"You are not my mom. Don't act"
"ටේ නමුන් ඔහොමද ඔම්මට කතා කරන්නෙ"
"ඔහ් සොරි පැක් ලූනා"
"ටේ ඕක නවත්තනවා"
"ඇයි ජුන් හියුන්. ඔහ් සොරි පැක් ඇල්ෆා කියලා නේද මං කතා කරන්න ඕනි"
"ටේ මොකක්ද තමුන්ගෙ මේ අලුත් සෙල්ලම"
"නම්ජුනා ඇති ඕක දැන් නවත්තන්න. අපි කන්න යමු. කෝ එන්න"
"නෑ ඔම්මා අද මේක විසදගන්න ඕනි. මොකක්ද මේ කිම් ටේහියුන්ට වෙලා තියෙන්නෙ කියලා"
ටේහියුන් නම්ජුන් කියන කියන එකට අනම් මනම් කිව්වෙ නම්ජුන්ගෙ තරහ අවුස්සන ගමන්. මේ දිහා බලන් හිටපු ඇල්ෆා මේරි නම්ජුන්ව නවත්තන්න උතසහකරත් ඒක අසාර්ථක වුන නිසා ජින් දිහා බැලුවෙ නම්ජුන්ව නවත්තන්න කියනවා වගේ.
"ටේ ප්ලීස් ඕක නතර කරන්න. ජුන් ඔයාට තරහ ගිහින් ඉන්නෙ අපි පස්සෙ කතා කරමු. දැන් පැක් ලූනා කිව්වා වගේ අපි කන්න යමු"
"කට වහගන්නවා ජින්. මේක අපේ පවුලෙ ප්‍රශ්නයක් ඔයාට මෙතන කතා කරන්න දෙයක් නෑ. පාඩුවේ ඉන්න"
නම්ජුන් ජින්ට කෑගැහුවෙ ජින් මොකුත් නොකියා එතනින් යන්න යද්දි. ඒත් ඊට කලින් ඉස්සර වුන ටේහියුන් ජින්ගෙ අතින් අල්ලගත්තෙ නම්ජුන් දිහා තරහින් බලන ගමන්.
YOU ARE READING
Love [ Nam × Yoon × Jin ]
Werewolfආදරේ කරන්න අයිතිවාසිකමක් ඕනිමද? අයිතිවාසිකමක් තිබිලත් ළංවීමක් නැත්තම්? දෙන්නෙක්ගෙ මැද්දට තුන්වෙනියෙක්ගෙ අයිතියක්.. කොහොමද එහෙම වෙන්නෙ ?? ඔව් ඒක රහසක්.. සමහර රහස් තියෙනවා කවදාවත්ම එළිවෙන්න ඕනි නැති.. මේත් එහෙම රහසක්.. ජීවිත තුනක්, එක්කෙනෙක්ගෙ අත්හැ...