31

168 38 21
                                    

"ජිනී ඔය බබා එක්ක මොකද කරන්නෙ, මේ පොඩි බබාලා බලාගන්නවට වඩා මට අමාරු ඔය ලොකු බබාව බලාගන්න එක"

"ඔයා මොකද කෑගහන්නෙ කෙනී. මායි අප්පයි දෙන්නා තරු බලනවා අපිට කරදර නොකර යන්න දැන්. ඔයත් හරියට අර ලොකු ටීවි එක ඇතුලෙ ඉන්න නපුරු ඇන්ටි අර ලස්සන ඇන්ටිට කෑගහනවා වගේ හැම වෙලේම මගෙ අප්පට කෑගහනවා"

සීතලේම එළියට වෙලා ඉන්න ජින්ට තරවටු හඬකින් කියපු කෙන් ඔරවගෙන එළියට ආවෙ ජින්ට වගකීම්ගරුක වැඩිහිටියෙක් වෙන හැටි ගැන දීර්ඝ දේශනාවක් දෙන්න වුනත් කෙන්ට කලින් ඉක්මන් වුන හුරතල් නපුරු කටහඬක් කෙන්ව නැවැත්තුවා.

"ආ පණ්ඩිත ආච්චි මාව දැන් පේන්නෙ ටීවි එක ඇතුලෙ ඉන්න නපුරු ඇන්ටියෙක් වගේද ඔය චණ්ඩිකම් වලට ඔයාගෙ අප්පා බය වුනාට මම බය නෑ. මට කියලා ගුටි කන්නෙ නැතුව ඔය අප්පයි දුවයි දෙන්නම ඇතුලට ගියොත් හොඳයි දැන්"

"බෑ බෑ බෑ.. අප්පා තාම මට තරු රටා දෙකයි පෙන්නුවේ මට තව තරු බලන්න ඕනි"

තමන්ගෙ අත්වලින් බිමට බැහැලා පොළවෙ අඩි හප්ප හප්ප මුරණ්ඩු වෙන පුංචි පැංචි දිහා වගේම, පුංචි එකෙක් වගේ එල්ලි එල්ලි රණ්ඩුවට යන කෙන් දිහා ටික වෙලාවක් බලන් හිටපු ජින් මේ සාමකාමී වචන හුවමාරුව තුන්වන ලෝක යුද්දෙ ආරම්භයට හේතුවක් වෙන්න කලින් නතර කරන්න තීරණය කරා.

"සූහි මැණික දැන් ගොඩක් රෑ වෙලානෙ, සීතලයිත් එක්ක දැන් ඇතුලට යමු ලොකු මැඩම් දැක්කොත් එහෙම අපි ඔක්කොටම පනිශ් කරයි ඔන්න"

"බෑ අප්පා, සූහි තරුවක් වෙන්න කලින් සූහිට තරු ගැන ඔක්කොම දැනගන්න ඕනි. මට ඕනි අර අප්පා කිව්ව හත්දින්නත් තරුවලින් එකක් වෙන්න. එතකොට සූහිට සෙල්ලම් කරන්න යාලුවෝ ගොඩක් ඉන්නවනෙ. යේ යේ"

"සූහි මැණික කවුද ඔයාට කිව්වෙ ඔයා තරුවක් වෙනවා කියලා"

පුංචි කෙල්ලගෙ කතාවට කලබල වුන ජින් වැලි පොළවෙම දණගහගෙන ඇහුවෙ මෙච්චර වෙලා ලස්සන හිනාවකින් පිරිලා තිබ්බ ඒ මූණ කලු වළාවකින් වැහිලා යද්දි.

"අර සූහිව බලන්න එන උස ඩොක්ට අන්කල් ඉන්නේ හරිද එන්න ඒ අන්කල් තමයි ලොකු මමාට කිව්වෙ සූහි ඉක්මනටම සූහිගෙ මමා ගාවට යයි කියලා. මන් හොරෙන් අහන් හිටියෙ හැබැයි. හි හි"

Love [ Nam × Yoon × Jin ] Where stories live. Discover now