02

306 59 5
                                    

පැයක්ද දෙකක්ද කොච්චර වෙලාවක්ද කියන්න දන්නෙ නෑ. ඇස්වල කදුලු නතර වෙනකල්ම අඬපු ජින්ට මහන්සිය නිසාම නින්ද ගියා.
.
.
.
.
තමන්ගෙ අද දවසට නියමිත වැඩ ටික ඔක්කොම ඉවරයක් කරපු නම්ජුන් වෙලාව බැලුවා. වෙලාව හවස හතත් පහුවෙලා වගේම ඔෆිස් එකේ සිකුරුටිලා ඇරෙන්න අනිත් ඔක්කොමලා දැන් ගෙදර ගිහින් කියලා දැක්ක නම්ජුන් කෝල් එකක් ගත්තෙ තමන්ගෙ හොඳම යාලුවට. රින්ස් දෙකක් යද්දිම එහා පැත්තෙන් ඇහුනෙ හේසොක්ගෙ සුපුරුදු එනජටික් වොයිස් එක.

<හෙලෝ ජුනා>

"හේසොක් කොහෙද ඉන්නෙ වැඩක් නැත්තම් මගෙ ඔෆිස් එකට එන්න පුලුවන්ද දැන්"

<වැඩක් නම් තියෙයි. මන් මේ චිමීව ගන්න යන ගමන් අවුලක් නෑ මන් එන්නම් කුක්ට කියන්නම් මන් චිමීව ගන්න කියලා>

"එච්චර වෙලා යන වැඩක් නෙමෙයි. ජින් ඉන්නෙ මාත් එක්ක එයාව අපාර්ට්මන්ට් එකට දාන්න ඕනි මේ වෙලාවෙ හැටියට කැබ්වල යවන්නත් බයයිනෙ. මට ගිහින් දාන්න විදිහකුත් නෑ උබ දන්නවනෙ ඉතින්"

<අයියෝ ජින්ව ගිහින් දාන්නද බය වෙන්න එපා මන් පරෙස්සමට ජින්ව ගිහින් දාන්නම් මට පැය භාගයක් දියන්. බඩු වගයක් ගන්න තියේ ඒ ටිකත් අරගෙනම මන් ඔතෙන්ට එන්නම්. උබට දැන්ම යන්න හදිස්සියක් නෑනෙ. දෙන්නට ටිකක් මල් කඩන්නත් පුලුවන්නෙ නේද>

"හරි හරි හෙමීට වරෙන්කො. පාර බලාගෙන එලවහන්. බායි"

සුපුරුදු අහංකාරකමින්ම ෆෝන් එක කට් කරපු නම්ජුන් ලැප් එකත් ඕෆ් කරලා නැගිට්ටෙ ජින්ව බලන්න යන්න.

කාමරේට ගියපු නම්ජුන් දැක්කෙ සනීපෙට කොට්ටෙකුත් තුරුල් කරගෙන හුරතල් විදිහට නිදාගෙන ඉන්න ජින්ව. ටිකක් වෙලා ජින් දිහා බලන් හිටපු නම්ජුන් හෙමීට ජින්ව නැගිට්ටවන්න ගත්තෙ ජින් එහෙට මෙහෙට ඇඹරි ඇඹරි තවත් නිදාගද්දි.
හෙමීට කතා කරලා ජින්ව නැගිට්ටන්න බෑ කියලා තේරුම්ගත්ත නම්ජුන් ජින්ගෙ උරහිසින් අල්ලලා හෙල්ලුවා.

"ජින් ජින් නැගිටින්න"

නම්ජුන්ගෙ කටහඬට ඇහැරුන ජින්ට අඬලා අඬලම ඉදිමිලා තිබුනු තමන්ගෙ ඇස් ලයිට් එළියට හුරු කරගන්න ටික වෙලාවක් ගියා. කාමරේ තියෙන ලයිට් එලිය වගේම, කර්ට්න්ස් අතරින් එන අදුර නිසාම දැන් හොදටම හවස් වෙලා කියලා තේරුම් ගත්ත ජින් තමන් අඩුම තරමෙ පැය තුනක්වත් නිදාගන්න ඇති කියලා නිගමනේකට ආවා.

Love [ Nam × Yoon × Jin ] Where stories live. Discover now