"මගේ හියුන් හොඳින් ඉන්නවා කොහේ හරි ඒත් ඒ කොහෙද කියලා දන්නෙ නෑ. ඒකනෙ තමුන් ඔය කියන්නෙ. එතකොට දැන් මන් විශ්වාස කරන්න ඕනිද තමුන් වගේ කෙනෙක්ව කවදාවත් නෑ, මේ ලෝකෙ මන් වැඩිපුරම අවිශ්වාස කරන අයගෙ ලිස්ට් එකේ උඩින්ම ඉන්නෙ තමුන්"
"මන් දන්නවා එදා මන් ගොඩක් වැරදි තීරණයක් ගත්තෙ ඒත් එදා ඒක සාධාරණීකරණය කරන්න ඕනි තරම් හේතු මන් ගාව තිබ්බා. මන් ආත්මාර්ථකාමී වුනා, මට හිටපු එකම යාලුවාව මන් නැති කරගත්තා මන් වැරදී ඒකට මන් අද විඳවනවා ජින්ව දකින හැම වෙලාවකම මට මතක් වෙන්නෙ මගෙ යාලුවාව ඔයාලගෙ ඔම්මව"
"ඔය ජරා කටින් මගෙ හියුන්ගෙ නමවත් කියන්න එපා තමුන් එදා එහෙම දෙයක් නොකරනම් මගේ ඔම්මයි, අප්පයි අදටත් අපි එක්ක ඉන්නවා. තමුන් විඳවන්න ඕනි කරපු හැමදේටම මෙච්චර කල් මන් තමුන්ට සැලකුවේ මගේම ඔම්මට වගේ, එදා අහම්බෙන් හරි මගේ ඇත්තම ඔම්මගෙ ඩයරිය කියෙව්වෙ නැත්තම් මන් තාමත් තමුන්ල වගේ යමපල්ලන්ගෙ සුරංගනා කතා අහන් ඉන්නවා. අද වෙනකල් මන් හැමදේම ඉවසන් හිටියෙ මගෙ හියුන් හොඳින් ඉන්න ඕනි නිසා ඒත් දැන් ඒ හැම සීමාවක්ම තමුන්ලා පන්නලා තියෙන්නෙ. ගිහින් කියනවා තමුන්ගෙ මහ එකාටත් පරෙස්සමට ඉන්න කියලා"
තරහින්ම කතා කරපු ටේහියුන් කිම් මැන්ෂන් එකෙන් එළියට යන්න ගියේ හුරුපුරුදු කටහඩේ අයිතිකාරයා කදුලු පිරිච්ච ඇස්වලින් ඒ දිහා බලන් ඉද්දි.
***********************
"මාත් ආසයි මේ ලෝකෙන් යන්න කලින් ඉක්මනට මගේ දරුවොන්ගෙ දරුවො හුරතල් කරන්න ඒත් ඒකටවත් මට පිනක් නැති හැටියක් අපේ මහත්තයා බලන්න ඉතින් මාස නවයක් මගේ බඩේ තියාගෙන""ඔම්මා අදත් උදේම පටන් ගත්තද ඔයා නම් ඕනෑවටත් වඩා ඩ්‍රාමා ටික්, අනික ඔයා දැනටමත් ආච්චි කෙනෙක් වෙලා ඉන්නෙ අමතකද නූනට යක්ෂ පැටව් දෙන්නෙක්ම ඉන්නවා"
වැඩට යන්න ලෑස්ති වෙලා පහළට ආපු යුන්ගිට හැමදාමත් වගේ අදත් මූණ දෙන්න වුනේ තමන්ගෙ ඔම්මගෙ සුපුරුදු රංගනේට.
"මන් කිව්වෙ දරුවොන්ගෙ දරුවො බලන්න ඕනි කියලා මිසක් දරුවෙක්ගෙ දරුවො බලන්න ඕනි කියලා නෙමෙයි සුගර්"
YOU ARE READING
Love [ Nam × Yoon × Jin ]
Werewolfආදරේ කරන්න අයිතිවාසිකමක් ඕනිමද? අයිතිවාසිකමක් තිබිලත් ළංවීමක් නැත්තම්? දෙන්නෙක්ගෙ මැද්දට තුන්වෙනියෙක්ගෙ අයිතියක්.. කොහොමද එහෙම වෙන්නෙ ?? ඔව් ඒක රහසක්.. සමහර රහස් තියෙනවා කවදාවත්ම එළිවෙන්න ඕනි නැති.. මේත් එහෙම රහසක්.. ජීවිත තුනක්, එක්කෙනෙක්ගෙ අත්හැ...