"මේ දේවල් නම්ජුන් දන්නවද?"
කෙන්ගෙ දකුණු උරහිසින් ඔලුව තියාගෙන ඉදපු ජින් හෙමීට මිමිණුවත් කෙන්ගෙ වම් උරහිසේ තාමත් හෙමීට ඉකිබිදිමින් ඉන්න ටේට ඇහෙන්න තරම් ඒ හඬ ප්රමාණවත් වුනා.
වෙච්ච කිසි දෙයක් වෙනස් කරන්න බැරි වුනත් ජින්ට ඕන වුනා නම්ජුන් මේ දේවල් දැනන් හිටියද කියන එක දැනගන්න. ජින් නම්ජුන්ට ආදරේ කරන්න ගත්තෙ නම්ජුන් තමන්ගෙ මේට් කියලා දැනගන්නත් කලින් ඉදන් ඉතින් කොච්චර නෑ කිව්වත් ජින් ළඟ තාමත් නම්ජුන් ගැන පුංචි සිතුවිල්ලක් ඉතුරු වෙලා තියෙන එක වැරැද්දක් නෙමේ නේද..
"එයා දන්නවා හියුන් කවුද කියලා ඒත් ඇක්සිඩ්න්ට් එක ගැන ඇත්තම දන්නෙ නෑ"
"එයා මුල ඉදන්ම දැනන් හිටියද?"
"නැහැ. හියුන්ට මතකද එදා හොස්පිට්ල් එකේදි ඊට පස්සෙ දවසෙ"
"ඇති ටේ"
ටේව මගින් නවත්තපු ජින් කෙන්ගෙ උරහිසින් ඔලුව උස්සලා බැලුවෙ ටීවි ලොබි එකේ වම් අත පැත්තෙන් තියන එහා මෙහා පේන ලොකු වීදුරුව දිහා. ජින්ගෙ කදුලුවලින් පිරුණ ඇස්වලට වීදුරුවෙන් පේන ඈත අහස පෙනුනෙ බොදවෙලා. ජින්ට මතක් වුනේ දවසක් එයා නම්ජුන්ට කියපු දෙයක්.
"දෙන්නෙක් එකට ජීවත් වෙන එක ලේසි නෑ නම්ජුන්. අපි දෙන්නගෙම අතර වීදුරුවක් තියෙනවා ඔයාට මාව වගේම මට ඔයාවත් ඒකෙන් පැහැදිලිව පේනවා. ඒත් අපි දෙන්නගෙන් කවුරුහරි ඒ වීදුරුව බින්දොත් අපි දෙන්නටම තුවාල වෙනවා ඒ වගේම කැඩිච්ච වීදුරුවකින් අනිත් කෙනාව පැහැදිලිව පේන්නෙ නෑ. ඒ තමයි විශ්වාසෙ. ඉතින් මන් දැනගන්න ඕනි දේවල් මට කියන්න. ඒ දේ හොද වුනත් නරක වුනත් වෙන කෙනෙක්ගෙන් ඒක මට දැනගන්න තියන්න එපා"
| ඒ කියන්නෙ මන් ඔයාගෙන් ඒ පොරොන්දුව ගද්දිත් ඔයා ඒ වීදුරුව බිදලා දාලා ඉවරයි කිම් නම්ජුන් |
තමන් එක්කම හිනාවුන ජින් ආපහු ටේහියුන් දිහා බලලා කතාවෙ ඉතුරු ටිකත් සම්පූර්ණ කරන්න කිව්වෙ කෙන් ආයෙමත් තමන් ළඟම තිබ්බ ජින්ගෙ වම් අත තද කරලා අල්ල ගද්දි.
ජින්ගෙ අත එක්ක පැටලිලා තියෙන කෙන්ගෙ අත දැක්කහම ටේහියුන්ට දැනුනෙ ලොකු ඉරිසියාවක්.
ලෝබ නැතුව හැමදාමත් ටේහියුන්ට, ටේ බෙයා කියලා කතා කරන එයාගෙ ජින් හියුන්ට අද ටේහියුන් නිකන්ම නිකන් ටේ විතරක්ම වෙලා.
YOU ARE READING
Love [ Nam × Yoon × Jin ]
Werewolfආදරේ කරන්න අයිතිවාසිකමක් ඕනිමද? අයිතිවාසිකමක් තිබිලත් ළංවීමක් නැත්තම්? දෙන්නෙක්ගෙ මැද්දට තුන්වෙනියෙක්ගෙ අයිතියක්.. කොහොමද එහෙම වෙන්නෙ ?? ඔව් ඒක රහසක්.. සමහර රහස් තියෙනවා කවදාවත්ම එළිවෙන්න ඕනි නැති.. මේත් එහෙම රහසක්.. ජීවිත තුනක්, එක්කෙනෙක්ගෙ අත්හැ...