01.

2.5K 347 17
                                    

ජංකූක් යනු මාෆියා කණ්ඩායමක ප්‍රධානියෙකුගෙ එකම පුතා වන අතර ටෙයොංග් යනු ජංකුක් ගෙ පියා විසින් ඔහුගෙ ආරක්ෂාවට එවන ඉතාම විශ්වාසනීය ආරක්ශකයායි.

කාලය ගත වත්ම ඔවුන් එකිනෙකා  පිළිබඳ ඇති හැගීම ආදරයකට පෙරලෙයි.
ඔවුන්ගේ අනාගතය කෙසේ වේවිද?

මේ ඒ කතාවයි.

* අඩුපාඩු ඇති. ඒවාට සමාවෙන්න....

_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_

" හා.... ඒනං තාමත් තීරණේ වෙනසක් නෑ වගේ නේද?"  හියුංග්වු ඇහුවෙ තමන්ගෙ කකුලත් අනිත් කකුල උඩින් දා ගන්න ගමන්.

ඔහු ඉස්සරහ හිටගෙන හිටියේ කොරියාවෙ හිටිය ඔහු වගේම ප්‍රධාන මාෆියා කණ්ඩායමක ප්‍රධානියෙක්. ඒ ජෝන් ජීහුන්.

හියුංග්වු කාලෙකට පස්සෙ ජීහුන් මුණ ගැහෙන්න ආවෙ ටීකක් ලොකු ගණුදෙනුවක් කතා කරගන්න.. ඒත් වුනෙ එයා බලාපොරොත්තු උන දේ නෙවෙයි.. කොච්චර ආදායමක් හම්බ වෙනව කිව්වත් ජීහුන් මේ ගණුදෙනුව ප්‍රතික්ෂේප කලා.. ඒකට හේතුව මේවා මාරාන්තික මත්ද්‍රව්‍ය.

මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ නිරත උනත් ඔහු කවදාවත් මේ වගේ දෙයක් තමන්ගෙ ව්‍යාපාරයට ඈද ගන්න කැමති උනේ නෑ.
ඉතින් ඔහු එක හෙලාම මේ ගණුදෙනුව ප්‍රතික්ෂේප කලා.

ඒත් හියුංග්වු නෙවෙයි මේක නතර කලේ... අද තුන් වෙනි දවස..
තමන්ගෙ ආරක්ශකයින් එක්ක ජීහුන් ගෙ ගෙදරට ආපු හියුංග්වු තීරණේ වෙනස් කරගත්තද කියල අහන්න ගත්තා.

ඒත් ජීහුන් කලේ  සමච්චලයෙන් හිනා උන එක විතරයි.

" හා.. මං තමුසෙට කීපාරක් කියන්නද අයිසෙ.... මං වචන දෙකේ මිනිහෙක් නෙමෙයි.... මං කිව්වනෙ... ඔය බිස්නස් මං කරන්නෑ... මගේ තීරණේ නෙවර්.. නෙවර්...... තමුසෙ වෙන ඕන එකෙක් ඒක්ක ඕවා කරගන්නවා.. දැං බහිනව මෙහෙන් එලියට..."

කේන්තිය පාලනය කරගනිම්න් ජීහුන් ඒම කියද්දී හැගීම් විරහිත මුණක් මවා ගත්ත හියුංග්වූ හිමින් සෝෆාවෙන් නැගිටලා ඉස්සරහට ආවා..

Golden Blood [ Taekook ] ✅ Where stories live. Discover now