ජංකුක් එක පාරම කාමරේට දුවගෙන ගියාට පස්සේ පැය ගානක් යනකං එයාව දකින්න හම්බ උනේ නෑ.
ටෙයොංග් කීප වතාවක්ම ජංකූක් ගෙ කාමරේ ගාවින් ඇවිදං ගියත් එයාගෙ මුණත් කවදාවත් නැතිව රතු වෙලා ගිය නිසා ආයේම එතනින් ආවෙ ජංකූක් කැමති වෙලාවක එලියට එයි කියලයි.
.
.
.
.
.කම්මැලි කමේ හිටිය ටෙයොංග් වත්ත වටේ ඇවිද ඇවිද ඉදලා මහන්සියට කාමරේට ගිහින් පොඩ්ඩක් ඇඳේ හාන්සි උනා.
එයා දන්නෙමත් නෑ ටෙයොංග් හවස් වෙනකංම නිදාගෙන තිබ්බා.
එක පාර හදිස්සියෙම ඇහැරුන ටෙයොංග් ඇදෙන් බැහැලා දොර ගාවට දිව්වා.දොර අරින්න යද්දිම එයා දැක්කෙ දොරේ ගහලා තියෙන පුංචි නොට් එකක්.
තැංක්යූ හැමදේටම
ඔයා මං වෙනුවෙන් කරන හැමදේටම.
ඔයාටත් මගෙන් මොනා හරි වෙන්න ඕනද... බය නැතිව කියන්න.... මට ඔයා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන්. දැං ටිකකට කලින් වුන දේවල් හැමදේම අමතක කරන්න හරිද .. පොඩ්ඩක් හිතන්න.. ඔයා මං නිසා තුවාලත් උනා. මට ඕන ඒකට ප්‍රති උපකාර කරන්න විතරයි.පුංචි කොල කෑල්ලෙ ඒ විදියට ලියලා තිබ්බා.
ටෙයොංග් ඒක හිමින් කියවගෙන යද්දි එයාගෙ මුණට හිනාවක් ආවෙ නොදැනුවත්වමයි.එයා ඒ කොලේ දිහා ටිකක් වෙලා බලං හිටියා..
" හැමදාම පරිස්සමින් ඉන්න ජංකූක්. ඒක තමයි මං ඔයාගෙන් ඉල්ලන එකම දේ........"
ටෙයොංග් කොලේට කියන ගමන් ඒක මේසෙ උඩින් තියලා එලියට ආවා..
.
.
.
.ටෙයොංග් එලියට එනකොට ජංකූක් සාලෙ ඉදගෙන හිටියා. එයා හිටියේ ලොකු පීසා එකකුත් කකා..
" ආ.. ටෙයොංග්....... ඔයා නිදි නිසා මම මේ... මේ පීසා ඕඩර් කලා..... කනවද... " ජංකුක් ටෙයොංග් දිහාවට පීසා කෑල්ලක් දීක් කරමින් කිව්වා..
ටෙයොංග් හිමින් ඇවිත් ජංකූක් ගෙ ඉස්සරහ පුටුවෙන් ඉද ගත්තා.
" ම්... ටෙයොංග්....... ඔයාට මගෙන් මොනා හරි වෙන්න ඔනද....... මට ඕන දෙයක් පුළුවන්..... ඕන නං කියන්න.. "
ජංකූක් ආඩම්බරයෙන් පිසා කෑල්ලකුත් කකා ඒම කියාගෙන ගියා.
ටෙයොංග් කලේ ඔලුව වනපු එක විතරයි.
YOU ARE READING
Golden Blood [ Taekook ] ✅
Fanfiction[Sinhala] ජංකූක් තවම කොලේජ් යන ප්රසිද්ධ මාෆියා නායකයෙකුගේ පුතෙක්. අනෙකුන් මාෆියා කණ්ඩායම් වලින් ජංකූක්ගෙ ජීවිතයට අවදානමක් ඇති වීම නිසා ජංකූක්ගෙ පියා විසින් ඔහුගෙ ආරක්ෂාවට විශ්වාසීය ආරක්ෂකයෙකු කැදවයි. නමින් ඔහු කිම් ටේහි්යුන් වේ. නමුත් අවසානයේ...