04.

1.5K 312 8
                                    

ටෙයොංග් හිනා වෙලා ජංකූක් ගෙ මුලු ඇග දිහාම බලං හිටියා. කිරි ගරුඬ පාට ඇග, හීනි ඉන එක්ක ලස්සන චිත්‍රයක් වගෙයි ජංකූක් ව ටෙයොංග් ට පෙනුනේ.

ඒ අතර ටෙයොන් මොනාද කීවෙ කියලා එයාට මතකයක් තිබුනේ නෑ. එක පාරටම ජංකුක් කෑ ගහලා ඉස්සරහට පැන්න පාර සබන් විසිරිලා තිබුන පොලවෙ ජංකූක් ව ලිස්සලා ගියා.

ඒත් වැටූනෙ නම් නෑ.
ඊට කලින් වේගවත් උන ටෙයොංග් ඉක්මනට ජංකූක් ගෙ ඉන වටේට අත යවලා එයාව තමන්ගෙ දිහාවට ඇද ගත්තා.

ජංකුක් හිටියේ ටෙයොන් ගෙ පපුවට අත තියාගෙන ඇස් වහගෙනයි.
ටෙයොංග් ජංකුක් ගෙ නිරුවත් ඉන වටේට අත යවලා ජංකූක් ගෙ මූණටම ලං වෙලයි හිටියේ.

ටෙයොංග් විනාඩි ගානක් ඒ ඇස් දිහා බලං හිටියා. ජංකූක් උනත් හිමින් හිමින් ඇස් ඇරලා බැලුවෙ ටෙයොංග් ගෙ අත නිසා එයාගෙ මුලු ඇගම හිරිවැටිලා ගිය නිසයි.

" සර්.. යං " ටෙයොංග් ජංකුක් තමන් දිහා බලං ඉන්න එක නතර වෙන්නෑ කියල තේරුන නිසා කිව්වා...

ජංකුක් ට ටවල් එකක් ගෙනත් දීලා පස්සේ පහලට එක්ක ගෙන ආව ටෙයොංග් එයාව එලියෙන් වතුර ගෙනත් දුන්නෙ සබන් පෙන යනකං වොශ් කර ගන්නයි.

.
.
.
.
.
.
.

ජංකුක් ඇදුමක් දාගෙන හිටියේ. ඒ අස්සෙ ටෙයොංග් හිටියේ ජංකුක් ගෙ ඔලුව පිහිදමින්.
ජංකූක් නම් ඒ මොහොතෙ කල්පනා කලේ එයාට කවදා ලැබුන සැපද මේවා කියලා.

ටෙයොංග් පුංචි එකෙක්ව පිහිදනව වගේ ජංකූක් ගෙ ඔලුව හිමින් පිහි දැම්මා.
ඒක ඉවර වෙලා එයා එලියට යන්න හදද්දිම ජංකූක් එක පාරටම ටෙයොංග් ගෙ අතෙන් අල්ල ගත්තා.

" සර්........."

" මේ. ටෙයොංග්....... ඔයා.... මුකුත්... දැක්කෙ නෑ නේද" ජංකූක් ඇහුවෙ ටෙයොංග් ගෙ අතෙන් තාමත් අල්ල ගෙනයි.

" නෑ සර්.... සර් ඇස් වහන් බලන්නකෝ...... ආ දැං පේනවද... නෑනෙ........." ටෙයොංග් ඒම කිව්වෙ ඔලුවත් නවාගෙනයි.. ඒත් ජංකුක් ට ඒ කීව දේ තේරුනේ නෑ. එයා එවෙලෙ ඇස් වහන් හිටියට ටෙයොංග් හිටියේ ඇස් ඇරං නෙ....

" මොක..... " ජංකූක් කතා කරන්න කලින් ටෙයොංග් එතනින් යන්න ගියා.

" කෝමද මගේ කාමරේට ආවෙ... මම දොර ලොක් කරලනෙ තිබුනේ.... " ඈතට යන ටෙයොංග් ට ඇහෙන්න ජංකූක් ඈ ගැහුවා...

Golden Blood [ Taekook ] ✅ Opowieści tętniące życiem. Odkryj je teraz