18.

1.2K 261 19
                                    

" ඔය ලමයාගෙ දෙමව්පියන්ට එන්න කියන්න.. මම මේ දේවල් ඒ මිනිස්සු එක්ක කතා කරගන්න ඕන.." ජීහුන් පත්තරේට ඔලුව ඔබන්ම කිව්වා.

එයාගෙ ඉස්සරහ හිටිය කොල්ලා හිමින් හිනා උනා...
" නෑ සර්.. එච්චර දේවල් කරන්න ඕන නැති වෙයි.. මේ ලමයව මම හොයා ගත්තෙ අනාථ නිවාසෙකින්.. ඒකත් තව ටිකදවසකින් වහලා දාන්න යන එකක්..... " ඒ කොල්ලා ඒම කියද්දි ජීහුන් පත්තරෙන් ඔලුව එලියට අරං බැලුවා.

එයාගෙ ඉස්සරහා හිටියේ එයාගෙ පුතාට වඩා ටිකක් විතර ලොකු ලමයෙක්... වයසින් අවුරුදු හතක් විතර තියෙන සෑහෙන්න අහිංසක පොඩි කොල්ලෙක්...

" සර්ට ආයුබෝවන් කියන්න.. " එතන හිටිය කොල්ලා පුංචි ලමයාට කිව්වා.

" ආයුබෝවන් සර්......" පුංචි ලමයා අත් දෙක එකතු කරලා ඒම කියනකොට ජීහුන් ගෙ ඇස් ගියේ ඒ අත් අතර පොඩි කරං ඉන්න රෑබික් කියුබ් එකට..

එයාට පොඩ්ඩක් හිනත් ගියා ඒකට.

" පුතා මෙහෙ එන්න....." ජීහුන් ආදරෙන් ඒ ලමයාට කතා කලා.

පොඩි කොල්ලා ටිකක් බය උනත් ඊට පස්සේ හිමින් හිමින් ජීහුන් ගාවට ඇවිදං ගියා.

" අද ඉදං මම ඔයාව බලා ගන්නවා... ඔයා මා එක්ක ජීවත් වෙන්න කැමති නේද...." ජීහුන් පොඩි කොල්ලගෙ උරහිසකට අත තියං ඇහුව.

" ඔව් සර්.... " කොල්ලා ඇස් දල්වගෙන සතුටින් කිව්වා.

" ආහ්.... ඇයි ඔයා කැමති...."

" මට.... මට.... මට සතුටින් ජීවත් වෙන්න ඕන....." කොල්ලා ජීහුන් ගෙ ප්‍රශ්නෙට බය නැතිව උත්තර දුන්නා..

ජිහුන්ට සතුටු හිතුන.. ඒ ඒ පොඩි ලමයා බය නැතිව ඇත්ත කිව්ව එකට.

" බොහොම හොඳයි. බොහොම හොඳයි.... හ්හා හ්හා හ්හා...... හැබැයි.... ඔයාට මා එක්ක ජීවත් වෙන්න ඕන නං මං දෙන අණ පිලිපදින්න ඕන.... "
ජීහුන් හිනා වෙලා කියද්දි පොඩි කොල්ලා හා කියලා වේගෙන් ඔලුව වැනුවා..

" ම්.... මුලින්ම..... මට අප්පා කියල කතා කරන්න ඕන...." ජිහුන් ඒ පුංචි උරහිස් වලින් අල්ලං කිව්වා..

" හා... අප්පා..... " කොල්ලා බය නැතිව කිව්වා...

ජිහුන් ට හරිම සතුටුයි.... එයා හිනා වේවී  එක පාරටම ඒ පොඩි ලමයාව බදාගත්තා.

Golden Blood [ Taekook ] ✅ Kde žijí příběhy. Začni objevovat