" ටෙයොංග්... මේ බෙහෙත්....." ජංකූක් ටෙයොංග් ට හදපු පුංචි බෙහෙත් කොප්පෙකුත් අරං ටේ ගෙ කාමරේ පැත්තට ඇවිදගෙන ගියා.
කාමරේට ගිය ජංකූක් දැක්කෙ අනිත් පැත්ත හැරිලා පොඩි එකෙක් වගේ නිදාගෙන එන්න ටෙයොංග් ව.
ටිකක් වෙලා ඒ දිහා ඔහේ බලං හිටිය ජංකූක් එයා ගෙනාපු බෙහෙත් එක එතන පොඩි ස්ටූල් එකෙන් තිබ්බා.
හිමින් ඇද උඩට දණහිසක් තිබ්බ ජංකූක් ටෙයොංග් ගාවට ලං උනා. එයා බැලුවෙ ඒ පියවෙලා තිබ්බ ඇස් දිහා..
ඒ අහිංසක මූණ දැක්කම ජංකූක් ගෙ මුණට පුංචි හිනාවක් ආවා. ඊට පස්සේ එයා ටෙයොංග් ගෙ කාමරේ පුරාම ඇසඅ අරං යන්න පටං ගත්තා.
මහ ගොඩක් දේවල් ඒ කාමරේ තිබුනෙ නෑ. පුංචි මේසයක් උඩ පොත් ටිකක් තිබ්බා. ඒ වගේම පොඩි ඇදුම් කබඩ් එකක් සපත්තු රැක් එකක් විතරයි තිබ්බෙ..
මේසෙ දිහාවට ඇස් ගිය ජංකුක් දැක්කෙ ටෙයොංග් ගොඩක් ආස කරන එයාගෙ රෑබික් කියුබ් එක.
හිමින් ඇඳෙන් නැගිට්ට ජංකුක් එතනට ගිහින් ඒක අතට ගත්තා.
එයා ඒකෙ කැට කීප පාරක්ම එහාට මෙහාට කලා... ඒ අතර තුර එයා ටෙයොංග් දිසා බලාගෙන හිටියා.ටෙයොංග් හිනෙන් හිනා වෙනවා.. ඒ මුණේ ඇදෙන ලස්සන හිනාවට ජංකූක්ගෙ මූණෙත් හිනාවක් ඇදුනා.
ජංකූක් ට වෙනදට නොදැනෙන හරිම අමුතු හැගීම් ගොඩකින් හිත පිරිලා ගියා. එයා රෑබික් එක එහෙ මෙහෙ කර කර ටෙයොංග් දිහා බලං හිනා වෙන්න ගත්තා.
ඒ අතර තමයි එයා දැක්කෙ කාමරේ දොර පිටිපස්සේ මොකක් හරි එල්ලලා තියෙනවා.
ඒක ලොකු රෙද්දකින් වහලා දාලා.ජංකූක් ට ඇති උන කුතුහලේ නිසාම එයා ඉක්මනට එතනට ඇවිදගෙන ගියා.
ටිකක් වෙලා ඒක දිහා බලං හිටිය ජංකූක් ඒක අරිනවද නැද්ද කියලා කල්පනා කලා... ටෙයොංග් දිහාත් කීප පාරක්ම බැලුව එයා අන්තිමට ඒක වහගෙන හිටිය රෙද්ද හිමින් අහක් කලා..
ඒකෙ තිබ්බෙ වෙන මුකුත් නෙමෙයි..... ඒ පරවුන රෝසමල් පොකුරක්.
ඒ මල් කලු පාට වෙලා... ඒවා ඔක්කොම මැලවිලා තිබ්බත් ටෙයොංග් තාමත් ඒක පරිස්සමින් තියාගෙන හිටියා.
YOU ARE READING
Golden Blood [ Taekook ] ✅
Fanfiction[Sinhala] ජංකූක් තවම කොලේජ් යන ප්රසිද්ධ මාෆියා නායකයෙකුගේ පුතෙක්. අනෙකුන් මාෆියා කණ්ඩායම් වලින් ජංකූක්ගෙ ජීවිතයට අවදානමක් ඇති වීම නිසා ජංකූක්ගෙ පියා විසින් ඔහුගෙ ආරක්ෂාවට විශ්වාසීය ආරක්ෂකයෙකු කැදවයි. නමින් ඔහු කිම් ටේහි්යුන් වේ. නමුත් අවසානයේ...