51.

896 212 16
                                    

.
.
.
.
.

" ම්... මං කරපු දේවල් වැරදිද.... ආ..."  ජීහුන් හිටියේ වෙනම කල්පනාවක.

එයා ඒම ඇහුවම සෙකට්රි ට තේරුනා මේ කියන්නෙ මොකක් ගැනද කියලා.

" සර්.සර් අහන්නෙ ජංකූක් සර් ගැනද.."
එම කියනකොටම ජීහුන් සෙකට්රිගෙ පැත්ත හැරුනා.

" ම්... මම මයි ටෙයොංග් ව ජංකූක් ගෙ ආරක්ශාවට යැව්වෙ.. ඒත් කවුද හිතුවෙ මේම දෙයක් වෙයි කියලා..."

" සර්... සමහර විට.... ඒක දෛවය වෙන්න බැරිද... දෙන්නටම දුර්ලබ ලේ වර්ගයකුත් පිහිටලා.... සමහර විට.... සමහර විට ඒ දෙන්නා මුණ ගැහෙන්නම නියම වෙලා තිබ්බද දන්නෑනෙ.."

" හ්හා... දෛවය .....??. ඒනං මමද දෛවය . මමනෙ ඒ දෙන්නව මුණ ගැස්සුවෙ.. " ජිහුන් සමච්චලයෙන් වගේ ඒම කියලා අහක බලාගත්තා.

" මං මයි ටෙයොංග් ව හොයා ගත්තේ. ඒ නිසානෙ මේ ඔක්කොම... "

" ඒත් සර්.. දැං මෙතන තියන බැදීම පාලනය කරන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නෑ "

" ඔව්.. අපිට ආදරය පාලනය කරන්න බෑ.. ඒත් අපිට මිනිසුන් පාලනේ කරන්න පුළුවන් නෙ..." අන්තිමට ජිහුන් කිවෙ ලොකු සැලසුමක් ඔලුවෙ හදාගන්න ගමනුයි.

.
.
.
.
.
.
.

ටෙයොංග් ඩිස්චාජ් කරගෙන එයාව ජංකූක් ගෙදර එක්කගෙන ආවා. දැං ටෙයොංග් ට හොඳටම හොඳයි වගේ.... ඒ අතර ටෙයොංග් ඇඳට වෙලාම ඉන්න කම්මැලි නිසා පහලට බැහැල ආවෙ ජංකූක් ව හොයා ගන්න.

ෆිජ් එකේ පුංචි නෝට් එකක් ගහලා තියනව දැකලා ටෙයොංග් එතනට ගියා.

" මං එලියට යනෝ කෑම අරං එන්න... ඩිලිවරි අය කවුරුත් නෑ. ඒකයි.....
මං එනකං මාව මතක් කර කර ඉන්න හරිද..."

නොට් එකේ ලියලා තිබ්බෙ ඒම...ඒක දැක්කම ටෙයොංග් ගෙ මුවට හිනාවක් ආවෙ නොදැනුවත්වමයි..

ඒත් එක්කම ටෙයොංග් ට කෝල් එකක් ආවා... වෙන කාගෙන්වත් නෙවෙයි. ෆෝන් එකේ වැටිලා තිබ්බෙ කායි කියලා... කායි කියන්නෙ ජීහුන් යටතේ ඉන්න ටෙයොංග්ගෙ යාළුවෙක් කිව්වොත් හරි.


.
.
.
.

.
.
.
.

ටෙයොංග් ගියේ අත ඇරලා  තිබ්බ බිල්ඩින් එකක උඩ තට්ටුවට....  බිල්ඩිමේ පාටින් නම් පේන්නෙ මේක කලින් ගිනි අරං තියනවා වගෙයි..

Golden Blood [ Taekook ] ✅ Where stories live. Discover now