44.

851 202 10
                                    

.
.
.

" බෝස්... බෝඕස්...එහා පැත්තෙ ෆැක්ටී එකේ ගින්නක්...... "
එක පාරටම ෆැක්ටරි එකට ආව හියුංග්වුගෙ ගොලයෙක් දාඩියත් දාගෙන ඒම කියද්දි හියුංග්වු දෙන්නෙක්ව ජංකුක් ගාවින් තියලා අනිත් කට්ටිය එක්ක එහා පැත්තෙ ෆැක්ටී එකට එන්න ආවා.

.
.
.
.

ජිමින් දුමට කහිනවා... එතකොට මේ ගින්නට හේතුව වෙන කවුරුත් නෙමේ ඒ ජිමින්..

ජිමින් ලග තිබ්බ ලොකු යකඩ ටින් එකකට ගිනි ඇවිලොලා ඒ දුම වටේටම යවන ගමනුයි හිටියේ..

ටිකකින් දුම වැඩි වෙලා ජිමින්ට කැස්සකුත් ඇති උනා.

ඒ අතර ඒ කිට්ටුව හිටිය හියුංග්වුගෙ ගොලයො දෙන්නෙක් ජිමින් බිම ඉදගෙන කාඩ්බෝඩ් කෑල්ලකින් පවන් ගගහා දුම වටේටම පතුරවන විදිහ දැක්කා.

" හේයි......" ඒ මිනිස්සු දෙන්නා ජිමින් දිහාවට අත දික් කරලා ඇහුවා.
" ඒයි තමුසෙ මොනවද ඔය කරන්නෙ..."

" ආග්... මේ.. මම. මේ.. ආ.. මම මේ යනවා දැං..." ජිමින් හිනා වෙලා අනිත් පැත්තට යන්නයි ගියේ..

" ඒයි... එලියට යන්න තියෙන්නේ මේ පැත්තෙන්....." ආපු එක මිනිහෙක් කියද්දි ජිමින් එයාට හිනා උනා.

" අනේ තැංක්යූ සෝ මචි හියුංගී...... " ජිමින් ඒම කියලා අර මිනිස්සු දෙන්නා හිටිය පැත්තෙන් එලියට ආවත් මොහොතක් යන්න කලින් ඒ මිනිස්සු ජිමින්ගෙ දෙපැත්තෙන් හිට ගත්තා.

දැං නං වැඩේ විනාස වෙන්නයි යන්නෙ කියලා තේරුන ජිමින් බොරුවට අත පය ඒම දිග ඇරලා ශර්ට් එකේ අතත් උඩට කර ගත්තා..

" හී.... හා..... " ජිමින් අත පය වටේට කරකවලා කුංෆු ෂොට් එකක් පෙන්නද්දි අර මිනිස්සු දෙන්නා අඩියක් පස්සට ගියා.

ජිමින් ආපහු ඒ විදිහට තවත් පාරක් පෙන්නුවා...

" මේ.... මෙයා හැසිරෙන විදිහට නම් බයත් හිතෙනවා.." ඒ එක මිනිහෙක් අනිත් කෙනාට කිවෙ ජිමින් " චාන් චීන්" ගගා මොන මොනවද කියවන්නත් ගත්ත නිසයි..

" හ්හා.... ඔහේට මම පෙන්නන්ම් හරියට කොමද ගහගන්නෙ කියලා..." ඉතිරි මනුස්සයා ඒම කියලා අත මිටිමොලවලා ජිමින්ට ගහන්න එද්දි ජිමින් ඔලුවත් බදාගෙන බිමට පහත් උනා.

Golden Blood [ Taekook ] ✅ Where stories live. Discover now