37.

864 207 5
                                    

.
.

යුංගි රාක්ශයෙක් වගේ අත් දෙකත් ඉස්සරහට කරගෙන ජිමින්ව බය කරන්න වගේ කෑ ගහලා ඊට පස්සේ එක පාරටම ජිමින්ව ඇදේ පෙරලගෙන ඒ ඇග උඩට ආවා....

ජිමින්ව බිම දාගෙන කිචි කවන්න ගත්ත යුංගි නිසා ජිමින් එහෙට මෙහෙට වේවී කෑ ගහන්න ගත්තා...

" යා.. හියුංග්... ඉන්න දෙන්නකෝ.." ජිමින් හිනා වෙන අතර කියද්දි යුංගි තව තවත් එයාගෙ වැඩේ කරගෙන ගියා..

ජිමින් එහෙට මෙහෙට දගලන්න ගත්ත නිසා එකපාරටම බැලන්ස් එක නැතිව ගිය යුංගි ජිමින්ගෙ ඇග උඩට වැටුනා.

දෙන්නගෙ තොල් තිබුනෙ ගැවෙන නොගෑවෙන පරතරයක වගෙයි..... ජිමින් යූංගිගෙ ඇස් දිහා බලාගෙන භාවනා කරනව වගෙයි..

ඒත් එක්කම යුංගි ඒ පුංචි හිඩස බීද දමමින් ජිමින්ගෙ තොල් වලට බර උනා..... මොහොතක් උඩු තොලෙත් යට තොලෙත් පහස විදපු යුංගි ජිමිනුත් එයාව ආපිට සිප ගත්ත නිසා ඉක්මනින් එතනින් ඈත් උනා...

.
.
.
.

" හ්.. හියුංග්.. මො.. ක. ද... උනේ....." ජිමින් දුක පිරුණු මුහුණින් යුංගි ගාවට ලං උනත් යුංගි සමාවෙන්න කියලා කියාගෙන කුඩාරමින් එලියට ආවා..

ජිමින්ට දැනුනෙ එයාගෙ පපුව හිර වෙලා යනව වගෙයි... එයා යුංගි ඒ විදියට එයාට ලං වෙනවට ගොඩක් ආස කලා. ඒ වගේමයි එයා යුංගි එයා එක්ක විතරක් ඉන්නවටත් ගොඩක් ආස කලා.....යුංගි සමාව ගන්න වුවමනාවක් නෑ...

ඒ එක්කම ජිමිනුත් ඉක්මනට නැගිටලා කුඩාරමෙන් එලියට ගියේ යුංගිව අල්ල ගන්නයි..

" හියුංග්.... හියුංග් ඇයි ඒම කලේ....." ජිමින් නිව්න ගිනිමැලේ දිහාවට ඇවිදං යන යුංගිගෙ පස්සෙන් යන ගමන් ඇහුවා..

යුංගිගෙ මුණත් වේදනාවෙන් මිරිකිලයි තිබුනෙ.. යන එක නතර කරපු යුංගි ජිමින් දිහාවට හැරුනා..
" මං දන්නෑ... මං දන්නෑ දන්නෑ...." යුංගි ඔලුවෙ කෙස් ටිකත් ඇද ගන්න ගමන් ඒම කෑ ගැහුවා...

" හියුංග්... මොනාද මේ කියන්නෙ... ඔයා මාව කිස් කලානෙ....." ජිමින් අඩන්න වගේ කියද්දි ආපහු යුංගි එයා දිහා බැලුවෙ කේන්තියත් වේදනාවත් පිරැනු මුනිනුයි..

Golden Blood [ Taekook ] ✅ Where stories live. Discover now