.
.
.
.ජංකුක් ගොඩට ආව ගමන් ටෙයොංග් දිහා හැරිලවත් නොබලා කුඩාරම් තියන පැත්තට ගියා...
ටෙයොංග් ටත් කරගන්න දෙයක් නෑ. එයත් මුකුත් නොකියා ජංකූක් ගෙ පස්සෙන් ඇවිදං ගියා. ජංකූක් එයාලගෙ කුඩාරමත් පහුකරං තව ටිකක් කැලේ පැත්තට යද්දි නම් ටෙයොංග් ට තවත් සද්ද නොකර ඉන්න බැරි උනා.
" සර්... කොහෙද යන්නෙ..." ටෙයොංග් අහද්දි ජංකූක් එයා දිහා කේන්තියෙන් හැරිලා බැලුවා..
" ඔහේට එකෙන් ඇති වැඩේ මොකක්ද ආ... මං කොහේ ගියත් තමුසෙට මොකද.... තමුසෙ බොඩිගාඩ් නම් ඒ වැඩේ කරනවා...." ජංකුක් කවදාවත් නැතිව ඒ විදියට කියද්දි ටෙයොංග් ගෙ පපුවට පිහියෙන් ඇන්නා වගේ හැගිමකුයි දැනුනෙ..
ඔලුව බිමට හරවපු ටෙයොංග් ලොකු හුස්මක් පිට කලා..
" ඔකේ සර්... මං වටපිටාව ගැන සෝදිසියෙන් ඉන්නම්.... " ටෙයොංග් කියලා එතනින් යන්න හැදුවෙ..
" තමුසෙට ඕන දෙයක් කරගන්නවා ඉතින්..." ජංකුක් කේන්තියෙන් කියලා ආයේ ඉස්සරහට ඇවිදං ගියා.
ටෙයොංග් තාමත් ජංකූක් දිහා බලං ඉන්නවා.. එයාට ජංකූක් ගෙ මේ වෙනසට පොඩ්ඩක් වත් කැමත්තක් හිතුනෙ නෑ. එයාටත් නොදැනි ඒ ගැන එයාගෙ හිත ගොඩක් දුක් උනා.
ටෙයොංග් ගෙ මතකය එයාව අරං ගියේ එයාලා නිවාඩු දවසක විනොද වෙන්න රිසෝට් එකකට ආපු දවස.. එදා ටෙයොංග් දිනපු මල් ඔටුනු දෙක තාමත් එයාලා ගාව තිබ්බා. ඒ වගේමයි...
එදා ජංකූක් එයාට දුන්න පුංචි පෙන්ඩන්ට් එකක් තියන මාලෙ...... ටෙයොංග් ට මතක් උනේ එදා එයා කිව්ව දේ.. එයා කිව්වා එකිනෙකාගෙ මාල මාරු කරං දාගත්තම ඒකෙන් අනිත් කෙනාගෙ හදවත නිරූපණය වෙනවා කියලා...
එදා ජංකුක් කොච්චර සතුටු උනාද... ඒ වගේමයි.. ටෙයොංග්ත් ඒ දවසට ගොඩක් ආස කලා.නොදැනුවත්වම ටෙයොංග් ගෙ ඇහෙන් කදුලක් වැටෙන්න ගියත් එක අතක් අරං පපුව උඩින් තියලා තද කර ගත්ත ටෙයොංග් හොඳට ලොකු හුස්මක් උඩට ගත්තා..
" මං බොඩිගාඩ් කෙනෙක් විතරයි සර්..... මගේ වගකීම සර්ව ආරක්ෂා කරන එක....." ටෙයොංග් ඒම කියලා ඇස් පියා ගත්තා...
YOU ARE READING
Golden Blood [ Taekook ] ✅
Fanfiction[Sinhala] ජංකූක් තවම කොලේජ් යන ප්රසිද්ධ මාෆියා නායකයෙකුගේ පුතෙක්. අනෙකුන් මාෆියා කණ්ඩායම් වලින් ජංකූක්ගෙ ජීවිතයට අවදානමක් ඇති වීම නිසා ජංකූක්ගෙ පියා විසින් ඔහුගෙ ආරක්ෂාවට විශ්වාසීය ආරක්ෂකයෙකු කැදවයි. නමින් ඔහු කිම් ටේහි්යුන් වේ. නමුත් අවසානයේ...