.
.
.ටෙයොංග් හිටියේ ටෙන්ට් එක හරිගස්සන ගමන්. එක පාරටම එතනට දුවගෙන ආපු ජංකුක් කකුල පටලවගෙන හදලා තිබ්බ ටෙන්ට් එකේ කොටසත් කඩලා දැම්මා..
" අනේඒ.... සමාවෙන්න ටෙයොංග්.... අනේ...... මං ඒක හිතලා නෙමෙයි කලේ...... අනේ..." ජංකුක් ටෙයොංග් ගාවින් ඉදගෙන මුණත් නරක් කරගෙන කිව්වා.
" ඒකට කමක්නෑ සර්.. ඉන්න මම හදන්නම්....." ටෙයොංග් ආයේම මුල ඉදල වැඩේ පටං ගත්තා..
" ඒත්.... ඒම කියන්න එපා ටේ... මමත් ඔයාගෙ පාට්නර් නෙ.... මමත් උදව් කරන්නම්....... " ජංකුක් කෑ ගහන්න ගත්ත නිසා ටෙයොංග් එයාවත් වැඩේට සම්බන්ධ කරගත්තා..
.
.
.දෙන්නා ටෙන්ට් රෙද්ද දෙපැත්තෙන් අල්ලගෙන හිමින් ගානට ටෙන්ට් එක හදාගත්තා. ඊට පස්සේ වට්ටම පටි ඇදලා ඒක පොලවට තියලා හයි කලා..
ඔන්න දැං වැඩේ ඉවරයි..දෙන්නා කුඩාරමේ ඉස්සරහා දොර වගේ කැල්ල විවෘත කරලා ඒක ඉස්සරහෙන් ඉද ගත්තා.
.
." ඕ..... ඒනං ඒක හරි.." ජංකුක් සතුටින් වටපිට බල බල කිව්වා.
ටෙයොංග් කලේ හිමින් හිනා වෙලා ඔලුව වනපු එක....
.ටිකක් වෙලා ඔහේ ඉන්නකොට ජංකුක් දැක්කෙ ටෙයොංග් තමන්ගෙ මුණ දිහාම බලං ඉන්න හැටි.......
" ම්... ඇයි ඕම බලං ඉන්නේ ටෙයොංග්.." ජංකුක් කුතුහලයෙන් අහද්දි ටෙයොංග් තමන්ගෙ බෙල්ල වටේට දාගෙන හිටිය ටවල් එක අරගෙන ජංකුක් ගාවට ලං උනා..මුණ ලගටම ලං උන ටෙයොංග් ජංකුක් ගෙ මුණෙ දෙපැත්තෙ වැගිරිලා තිබ්බ දාඩිය ටික හිමින් ටවල් එකෙන් පිහිදලා දැම්මා.
ජංකුක් ගෙ නම් කන් දෙකත් රතු වෙලා.... එයා හිනා වෙන ගමන් ලං වෙලා තියන ටෙයොංග් ගෙ මුණ දිහා බලං හිටියා." සර්ගෙ මුණෙ දාඩිය දාලා තිබ්බා...." ටෙයොංග් ජංකුක් ගාවින් ඈත් වෙන ගමන් කිව්වා... ජංකූක් නම් ඒකට කලේ සුපුරුදු විදිහට හිනා උන එක.
.
.
." ඔ.. ටෙයොංග්... ඉන්න... ඔයාගෙ මුණෙ මෙන්න මෙතන කුණු වගයක් තියනවා......" ජංකුක් තමන්ගෙ මුණ අල්ලගෙන කිව්වා.
YOU ARE READING
Golden Blood [ Taekook ] ✅
Fanfiction[Sinhala] ජංකූක් තවම කොලේජ් යන ප්රසිද්ධ මාෆියා නායකයෙකුගේ පුතෙක්. අනෙකුන් මාෆියා කණ්ඩායම් වලින් ජංකූක්ගෙ ජීවිතයට අවදානමක් ඇති වීම නිසා ජංකූක්ගෙ පියා විසින් ඔහුගෙ ආරක්ෂාවට විශ්වාසීය ආරක්ෂකයෙකු කැදවයි. නමින් ඔහු කිම් ටේහි්යුන් වේ. නමුත් අවසානයේ...