.
.
.Time Skipped ~
6 years later
(වසර හයකට පසු).
.
.
.
.
.කාලය වෙලාවකට හරිම මනාදගාමීවත්, තවත් වෙලාවකදි ගොඩක් වේගෙනුත් ගෙවිලා ගිහින් තිබ්බා..
ජංකූක් හිටියේ ජපානෙ තොකියෝ වල එයාගෙ අපාට්මන්ට් එකේ..
එයා දැං ඇත්තටම වැඩිහිටි තරුණයෙක් වෙලා.. ඉස්සර තිබ්බ කෙලිලොල් ගතිය නම් ටිකක් ඇරිලා ගිහින්.. ඉස්සර වගේ ඇදුනුත් නෙවෙයි. දැං එයා හරිම කඩවසම් විදිහට තමා ඇදුම් අදින්නෙ.
එතකොට පරණ දෙවල්.....
.
.
.
.
කියවමින් හිටිය පොත පැත්තක තිබ්බ ජංකුක් එතනින් නැගිටලා ලිවිං රෑම් එකේ තියන මේසෙ ගාවට ගියා... එතනට යනකොටම එයාගෙ මුණෙ හැමදාම වගේ හිනාවක් ඇදුනා.මොකක් වත් නිසා නෙවෙයි. එතන තිබ්බ බඩු අතර තියලා තිබ්බ මල් ඔටුන්න.... එයා හිනා වෙලා ඒක අතට අරං බැලුවෙ මේ අවුරුදු හය පුරාවටම කරපු පුරුද්දක් විදිහටයි...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.ඔය අතර ටෙයොංග්... එයා කොරියා වල ජීහුන් යටතේ ඉන්න ලොක්කෙක් වෙලා දැං.
දැං එයාගෙ අලුත්ම වැඩේ අනිත් අයව ට්‍රන් කරන එක... දොලොස් දෙනෙක්ව වට කරගෙන ටෙයොංග් එයාලට ආත්මාරක්ෂක සටන් කියා දෙමිනුයි හිටියේ.. කට්ටිය ඔක්කොම බිම දාපු ටෙයොංග් අන්තිමට වතුර ටිකක් බොන්න ගියා...එයාගෙ උරහිසක පිටිපස්සේ වේදනාවක් ආව නිසා ටෙයොංග් කට්ටියට ප්‍රැක්ටිස් කරන්න කියලා එයාගෙ කාමරේට ආවා.
ටෙයොංග් ඉන්නෙත් ජීහුන්ගෙ ලොකු ගෙදරම තමා. ඒ වගේම එයාටත් ගොඩක් ලොකු කාමරයක් ලැබිලා.. ටෙයොංග් ඇවිත් ටී එක ගලවලා දාලා ලාච්චුවක තිබ්බ ක්‍රීම් එකකින් ටිකක් අතට ගත්තා...
අත පිටිපස්සට කරලා ඒක ගාගන්න ගියත් එයාට එක පාරම මතක් උනේ කෙනෙක් ව... දවසක් එයා ට බලෙන්ම සාත්තු කරන්න ආව ජංකූක් ව... එදා වෙච්චි හැමදේම ටෙයොංග් ගෙ මතකයේ සැරිසරනකොට ඇඳ ගාව පුංචි ටේබල් එක උඩ එයා තියං හිටිය මල් ඔටුන්න හිමින් ඇල්ලුවා...
ඒ එක්කම එයා ගාව එදා රිසෝට් එකේදි ඒක දාගෙන දෙන්නා ගහපු ලස්සන ෆොටෝ එකකුත් තිබ්බා.
YOU ARE READING
Golden Blood [ Taekook ] ✅
Fanfiction[Sinhala] ජංකූක් තවම කොලේජ් යන ප්රසිද්ධ මාෆියා නායකයෙකුගේ පුතෙක්. අනෙකුන් මාෆියා කණ්ඩායම් වලින් ජංකූක්ගෙ ජීවිතයට අවදානමක් ඇති වීම නිසා ජංකූක්ගෙ පියා විසින් ඔහුගෙ ආරක්ෂාවට විශ්වාසීය ආරක්ෂකයෙකු කැදවයි. නමින් ඔහු කිම් ටේහි්යුන් වේ. නමුත් අවසානයේ...