ඇනබෙත්, රෝස් එක්ක ක්ලබ් එකේ කොනක තිබ්බ මේසෙකට වෙලා බලං හිටියේ ජංකුක් ලා එනකං.
ටික වෙලාවක් ගියත් තාම කට්ටිය නෑ..
" ආශ්..... මොකක් හරි කරදරයක් ද දන්නෑනෙද " ඇනබෙත් අහන්න ගත්තෙ ටිකක් මූණත් අවුල් කරගෙනයි.
" ඉන්නකෝ අපි බලමු තව චුට්ටක්...." රෝස් ඒම කියන ගමන් ක්ලබ් එකේ දොර දිහා බලං හිටියා..
ඒත් එක පාරටම එතන ඉස්සරට ආපු මනුස්සයෙක් නිසා රෝස් පොඩ්ඩක් වටපිට බැලුව..
" ආ..... ස්ව්(යි)ටී .......... මොකද මෙතන.... " එතනට ආපු මනුස්සයෙක් ඇනබෙත් ලා ඉදං හිටිය මේසෙ ගාවට ඇවිත් ඒම ඇහුව.
කෙල්ලො දෙන්න මූණට මූණ බලාගත්තෙ හොඳටම බය වෙලා.
" ස්ව්ටී..... මේ වී ජෝයින් යූ....." ඒ මිනිහා ඒම කියන ගමන් අතේ තිබුන වයින් විදුරුව ඉස්සරහට කලා..
ඒ මිනිහාගෙ යාලුවා කියන්න පුළුවන් කෙනෙකු ත් එතනට අවෙ " චියර්ස් " කියාගෙනමයි.කෙල්ලො දෙන්නට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ. බිබි හිටිය බීම විදුරු දෙකෙ ඉස්සරහට කලා.
" එක්කෙනෙක් හුරතල් ලුක් එකක්, අනිත් කෙනා වෙනස් ලුක් එකක්..... එක්කෙනෙක් ව තොර ගන්න බෑ බම්.." ඒ එක මිනිහෙක් අනිකාට හිමින් කිවා.
ඒත් රෝස්ටත් ඇනබෙත්ටත් ඒවා ඇහුන..කෙල්ලො දෙන්න දැං ඉන්නෙ හොඳටම රත් වෙලා.
" ඉතින් බබා... එනවද අතට අපේ ටේබල් එකට... " එක මිනිහෙක් ගානක් නැතිව ඒම ඇහුව..
ටෙබල් එක දෙපැත්තෙ ඉදං හිටිය ගෑනු ළමයි දෙන්නම ඒකට බය උනා.
ඒත් ඒ එක්කම ජංකුක් හයියෙන් කතා කරගෙන එතනට ආවා.." ඔ.... ඇනී.. රෝස්.... සොරි පරක්කු උනා....." ජංකූක් නපුරු බැල්මක් අර මිනිස්සු දෙන්නා දිහාට දාගෙනම කිව්වා...
" අනේ නෑ ජංකූක්...... තැංක්ස් ආවාට"
ඇනබෙත් ඒම කියන ගමන් හොඳ හුස්මක් ඉහලට ගත්තා." තමුන් මොනාද තව බලං ඉන්නෙ ආ.... ඒ දෙන්නා අපි එක්ක ආවෙ... අපි ඒ ගැන බලාගන්නම්..... " ජංකූක් අඩියක් ඉස්සරහට තියන ගමන් අර මිනිස්සු දෙන්නට කිව්වා.
"ඕඕ... මේක තමුන්ගෙ කතාවක් නෙවෙයි. මේ ස්ව්ටී ලායි අපෙයි කතාවක්" ඒම කියන ගමන් එක මිනිහෙක් ඇනබෙත් ගාවට අත දීක් කලා..
STAI LEGGENDO
Golden Blood [ Taekook ] ✅
Fanfiction[Sinhala] ජංකූක් තවම කොලේජ් යන ප්රසිද්ධ මාෆියා නායකයෙකුගේ පුතෙක්. අනෙකුන් මාෆියා කණ්ඩායම් වලින් ජංකූක්ගෙ ජීවිතයට අවදානමක් ඇති වීම නිසා ජංකූක්ගෙ පියා විසින් ඔහුගෙ ආරක්ෂාවට විශ්වාසීය ආරක්ෂකයෙකු කැදවයි. නමින් ඔහු කිම් ටේහි්යුන් වේ. නමුත් අවසානයේ...