උදෙන්ම නැගිට්ට ටෙයොංග්ට දැනුනෙ එයාගෙ බද වටේට එතිලා තියන අතක්...
එ එක්කම එයාට මතක් වුණා ඊයෙ රෑ ජංකුක් එයාල ඒ ඇඳේම නිදාගන්න කියලා කිව්වා විදිහ... ජංකූක් ව තනි කරන්නත් බැරි නිසා ටෙයොංග් ඊයේ ජංකුක් ගෙ ඇගේම නිදා ගත්තා..... ජංකූක් පුංචි හා පැටියෙක් වගේ ලස්සනට නිදියගෙන ඉන්න විදිහ දිහා ටිකක් වෙලා බලං හිටිය ටෙයොංග් ආදරෙන් ඒ ඔලුවත් අතගාලා ඉක්මනට ඇදෙන් බැහැලා ගියේ කොලේජ් යන්න ලෑස්ති වෙන්නයි......
.
.
.
.
.කාලෙ ගෙවිලා ගියා. ටෙයොංග් ජංකූක් දෙන්නා දැන් ඉන්නේ කොලේජ් එකේ. එයාලා ඉදං ඉන්න බංකුවේ ඉස්සරහින් ඇනබෙත් එක්ක රෝසුත් ඉඳගෙන හිටියා... ඇනබෙත් හිටියේ චිත්‍රයක් චිත්‍රයක් අඳිනගමන්.
" ඇත්තටම ඔයාට ලස්සනට චිත්‍ර වෙන්න පුළුවන්" ටෙයොංග් ඇනබෙත්ගෙ චිත්‍ර දිහා බලං හිමින් අහද්දි ෆෝන් එක ඔබ ඔබ හිටිය රෝස් ඉක්මනට ටෙයොංග් දිහාත් ඇනබෙත් දීහාත් බැලුවා....
" ඔ.. ටෙයොංග්... ඔයාට චිත්‍රයක් ඕනනං මට උනත් ඇදලා දෙන්න පුළුවන්...." රෝස් නිකටට අත තියලා ටෙයොංග් ගාවට නැවෙන ගමන් ඒම කියද්දි ඇනබෙත් රෝස්ට පොතකින් ගැහුවා...
ජංකුක්ට නං ඒකට හිනා ගියා.. ඒත් එ එක්කම කොහෙද මන්දා ඉදං ස්කේටිං බෝඩ් එකක ජිමින් එතනට ආවා..
බේරේක් කරගන්න බැරි උන ජිමින් ඇවිත් මේසෙ වැදුන පාර ඇනබෙත් ඇධ ඇද හිටිය චිත්‍ර උඩට පේන්ටිං බෝතලෙත් පෙරලුනා.." යා... ජිමින්...... කොහෙද උබ ඕම උඩ බලං යන්නෙ ආ...." ජංකුක් ඇහුවෙ තව ඩිංගෙන් එ තිත්ත ටික එයාගෙ ෂර්ට් එකටත් වැටෙන නිසයි.. ඇනබෙත් නම් කේන්තියෙන් ජිමින් ට රැව්වා.
.
.
." අනේඒඒඒ........ මං හිතලා කරේ නෑඈඈ...... මං මේ ටකස් ගාලා දුවගෙන ආවෙ අපි යන කෑම්පිං ට්‍රිප් එකට නම් දාන්න යං කියලා කියන්න..... " ජිමින් හැමොම දිහා බලං කිව්වා.
" සීනීයර් කෙනෙක් මට ඔක්කොම විස්තර කිව්වා.... මේ... දැං හැමෝම යනවා නේද ආ.... හරිනෙ..." ජිමින් ඇහුවෙ ජංකුක් දිහාත් ටෙයොංග් දිහාත් වැඩිපුර බලමීන්.
.
.
.
." ටෙයොංග් යනවා නම්.... මාත් යනවා... " රෝස් කියද්දි ඇනබෙත් පුදුමෙන් වගේ එයා දිහා බැලුවා..

YOU ARE READING
Golden Blood [ Taekook ] ✅
Fanfiction[Sinhala] ජංකූක් තවම කොලේජ් යන ප්‍රසිද්ධ මාෆියා නායකයෙකුගේ පුතෙක්. අනෙකුන් මාෆියා කණ්ඩායම් වලින් ජංකූක්ගෙ ජීවිතයට අවදානමක් ඇති වීම නිසා ජංකූක්ගෙ පියා විසින් ඔහුගෙ ආරක්ෂාවට විශ්වාසීය ආරක්ෂකයෙකු කැදවයි. නමින් ඔහු කිම් ටේහි්‍යුන් වේ. නමුත් අවසානයේ...