22.

1.2K 236 6
                                    

මල් ඔටුන්න දා ගත්ත ටෙයොංග් ලැජ්ජාවෙන් වටපිට බලනකොට ජංකූක් හොඳටම හිනා උනා.

" යා.. ටේ.. ඔකට අත තියන්න එපා...." ජංකුක් ටෙයොංග් ට සැර කලේ එයා ඒක ගලවයි කියලයි.

ඒත් එයාට ඒ දේවල් පුරුදු නෑ. ටෙයොංග් ට දැනුනෙ අලුතින් ඉපදුනා වගේ හැගිමක්.

" එන්න.... ආ.. ඕක ගහලන්නෑ හරිද..." ජංකුක් ඉස්සරහට යන ගමන් ආයේ හැරිලා ටෙයොංග් ට කියන්න ගත්තා.

දෙන්නා පරණ බඩු තියලා තියෙන තැනකට ආවා.. එතන තිබ්බ පරණ යකඩ බඩු අතට අරං ටෙයොංග් එකින් එක බලනකොට ජංකුක් ඇවිත් ටෙයොංග් ගෙ අතින් අල්ලලා නතර කලා.

" ඒයි.. ඕවා අපේ නෙවෙයි.. බැනුම් අහන්න වෙයි.. " ජංකූක් ටෙයොංග් ට සැර කරනකොට ටෙයොංග් පොඩි ලමයේක් වගේ ජංකූක් කියන දේ ඇහුවා.

.
.
.

" සර්... සර්.. මට ෆොටෝ එකක් ගන්න පුළුවන් ද ඔය දෙන්නාගෙ..." දෙන්නාගෙ කතාබහ අතර තුර එතනට ආව තරුණ ගෑනු ළමයෙක් ඇහුවා.

ජංකුක් ලස්සනට හිනා වෙලා හා කියලා කිව්වා.
ටෙයොංග් වත් තමන් ගාවට ඇදලා ගත්ත ජංකූක් ටෙයොංග් ගෙ අතක උඩ හරිය  තමන්ගෙ අත් දෙකෙන් අල්ල ගත්තා.

ජංකුක් හිනා වෙලා ෆොටෝ එකට ෆේස් කලත් ටෙයොංග් නම් මොකක්ද වගේයි හිටියේ.
එයාට වෙනස් අමුතු දේවල් හිතුන ජංකූක් ඒම එයාගෙ ගාවින් ඉන්නකොට.

ගෑනු ළමයත් සතුටින් ෆෝටෝ එක අරං එතනින් ගියාට පස්සේ ජංකූක් ටෙයොංග් ව ඒම්ම අල්ලං ඉස්සරහට දුවගෙන ගියා.

.
.
.
.

දෙන්නා ඊලගට ඇවිදං ආවෙ පුංචි එලිමහන් තැනකට.. එතන ලස්සන පුටු වටේට තියලා තිබ්බා. කොනක පියානෝ එකක් ගාව ගෑනු ළමයෙක් හිටියා වගේම මැදින් පුටුවක් තියලා තවත් ගෑනු ළමයෙක් ගිටාර් එකක් පේලේ කර කර හිටියා.

ජංකුක් ටෙයොංග් ව ඇදගෙන ගිහින් එතන තිබ්බ ලොකු පුටුවකින් වාඩි වෙලා ඒ ගෑනු ළමයා ගියාර් එක ප්ලේ කරන හැටි බලං හිටියා.

ඒක ඉවර උනාම හැමෝම අත්පොඩි ගහන්න පටන් ගත්තම ටෙයොංග් ජංකුක් දෙන්නත් අත්පොඩි ගැහුවා.

Golden Blood [ Taekook ] ✅ Where stories live. Discover now