🤧 අමතකයි වගේ නම් කලින් එකේ අග බලං එම්න.
.
.
.
." යා.. ටේ... බලන්නකො මේකෙ ඔයාගෙ මුණ.... "
" හි..... මේක මේ... මේ.... අනේ ඒකෙ ඔයා හරිම කියුට්........."
" ටේ.... මේක බලන්නකෝ....."
" ටේඒඒඒඒඒඒඒඒ"
ජංකුක් දෙන්නා එකතු වෙලා ගහපු ෆොටෝ ආයේ ආයේ බලන ගමන් ටෙයොංග් ට කරදර කර කරයි හිටියේ.
ටෙයොංග් ගෙ අතේ තිබ්බ ෆොටෝ දිහා එයා ගොඩක් වෙලා බලං හිටිය... කවදාවත්ම මේ වගේ දෙයක් එයාගෙ ජීවිතේ තිබිලා නෑ...
ඉතින් එයා හිටියේ හරියට අලුතින් ඉපදිලා වගෙයි.ටෙයොංග් තනියම හිනා වේවී බලං ආයේ අතට ගත්තෙ ජංකූක් එයාගෙ කරේ නැගලා ගහපු ෆොටෝ එක.. වෙනම ලොකෙක අතරමං උනා වගේ ටෙයොංග් ඒ දිහා බලං හිමින් හිනා වෙන්න ගත්තා..
" ටේඒඒඒඒ.. ඇහෙන්නැද්ද අප්පා.." තමන් කොච්චර කතා කලත් ඔහේ ගානක් නැතිව අතේ තියන ෆොටෝ එක දිහා බලං ඉන්න ටෙයොංග් ගෙ අතට හයියෙන් පාරක් ගහපු ජංකූක් ඒම කෑ ගැහුවා.
ඒ පාර තමයි ටෙයොංග් හොඳ සිහියට ආවෙ.
" මේ.. මේකෙ අපි දෙන්නාම ලස්සනයි..."
ජංකූක් එක ෆොටෝ එකක් ටෙයොංග් ගෙ දිහාවට පෙන්නද්දි ටෙයොංග් ත් හිනා උනේ ඒක ඇත්ත කියලා කියන්නයි." ම්... ඇත්තටම... මට වෙන ලමයින්ට වගේ පුංචිකාලෙ මතක සටහන් නෑ සර්.. විනෝද වෙලා නෑ... ඇවිදින්න ගිහින් නෑ..." ටෙයොංග් ෆොටෝ එකක් දිහා බලං කියාගෙන යනකොට ජංකූක් ගෙ තොල් කනපිට හැරවුනා. ඒ මුණ අදුරු වෙලා ගියා.
" මේ තමයි මගේ ජීවිතේ පලවෙනී අවස්ථාව සර්..... ඇත්තටම ගොඩක් ස්තූ..... " ටෙයොංග් කියන්න ගිය දේ නතර උනේ ජංකූක් ඉදං හිටිය පුටුවෙන් පොඩ්ඩක් ඉස්සරහට වෙලා ඉක්මනට ටෙයොංග් ගෙ තොල් උඩින් තමන්ගෙ දබර ඇගිල්ල තිබ්බ නිසයි.
ජංකුක් ට ගොඩක් දුක හිතුනා.. ටෙයොංග් ඒ විදියට තමන් ඉස්සරහ කතා කරනකොට එයාට ලොකු වේදනාවකා දැනුනා.
ජංකුක් තොල් උඩින් ඇගිල්ල අහකට අරගෙන ඒ අතෙන් ටෙයොංග් ගෙ කම්මුලක් අල්ල ගත්තා.
මහපට ඇගිල්ලෙන් කම්මුල හිමින් පිරිමදින ගමන් ජංකූක් හින ලොකෙක අතරමං වෙලා වගේ ටෙයොංග් දිහා බලාගෙන හිටියා.

YOU ARE READING
Golden Blood [ Taekook ] ✅
Fanfiction[Sinhala] ජංකූක් තවම කොලේජ් යන ප්රසිද්ධ මාෆියා නායකයෙකුගේ පුතෙක්. අනෙකුන් මාෆියා කණ්ඩායම් වලින් ජංකූක්ගෙ ජීවිතයට අවදානමක් ඇති වීම නිසා ජංකූක්ගෙ පියා විසින් ඔහුගෙ ආරක්ෂාවට විශ්වාසීය ආරක්ෂකයෙකු කැදවයි. නමින් ඔහු කිම් ටේහි්යුන් වේ. නමුත් අවසානයේ...