03.

1.5K 317 21
                                    

ජංකූක්, ජිමින්වත් එක්කගෙන එලියට ගියාට පස්සේ ටෙයොංග් බැලුවෙ හැඩි වෙලා තියෙන ලිවිං රෑම් එක දිහයි.

කොනකින් පටං අරං පොත් පත් ඔක්කොම ලස්සනට අහුරපු ටෙයොංග් ඊට පස්සේ හිමින් හිමින් බෑග් එකකට කෑම කොල, බීම ටින් ටික එකතු කලා.

රෑම් එක මොප් කරන්න කියලා ගද්දිම දොරත් ඇරං ඇතුලට ආවෙ ජංකූක්..

ලොකු හුස්මක් පාත දාපු ජංකූක් ගිහින් ලිවිං රෑම් එකේ මැද තියෙන ලොකු සෝෆා එකේ කකුල් දෙකත් දිග ඇරලා ඉදගත්තා..

"ඒයි...... මෙහෙ එනවා " ජංකූක් ටෙයොංග් දිහාවට ඇගිල්ලක් දික් කරලා තමන්ගෙ එහා පැත්තෙ ඉස්ටුල් එක පෙන්නුවා.

තමන් කර කර හිටිය වැඩේ නතර කරපු ටෙයොංග් ඒ අණට අවනත වෙලා ඇවිත් එතනින් ඉදගත්තා.

" මේ අහනවා... ඇත්තටම මං මේ අහන්නෙ....... තමුන්ට පිස්සුද මනුස්සයෝ මගේ යාලුවව උස්සලා පොලේ ගැහුවෙ......." ජංකූක් ටෙයොංග් ට ඇගිල්ල දික් කර කර ඇහුව.

" සර්.... මං හිතුවේ එයා සර්ට කරදර කරන්න ගව කියලා. ඒකයි" ටෙයොංග් ඔලුව නවාගෙන කිව්වා..

ඒකට නං ජංකූක් අපහාසෙට වගේ හිනා උනා..

" අහනවා ටෙයොංග්..... හිතන තරං ඒම මේ රෙසිඩන්ට් එකට ඒන්න යන්න බෑ..
තමුන්ටත් පා කී කෝඩ් එක දිලා තිබ්බ නිසයි සිකියුරිටි ඔහේට එන්න දුන්නෙ...... "

" ඒත් සර්.... ඒමයි කියල මෙතනට එන්න මහ අමාරුවක් නෑ" ආපහු ටෙයොංග් ඔලුව නවාගෙන කිව්වා..
.
.
.
.
.
.
.
.

ජංකුක් පදිංචි වෙලා හිටියේ vip රෙසිඩන්ට් සංකීර්ණයක එක ලස්සන පුංචි ගෙදරක. එයා හිතන්නෙ ඒකෙ මේන් ගේට් එකෙන් ඇතුලට කිසිම කරදරයක් වෙන්නෑ කියලයි. ඒත් ටෙයොංග් ට නම් ඒ වගේ දේවල් වලින් හොරෙන් පැනලා එන එක මහ දෙයක් නෙවෙයි. ඉතින් ඒ වගේ ජංකූක් ට කරදරයක් කරන කෙනෙක් උනත් එන්න පුළුවන් කියන මතෙයි ටෙයොංග් හිටියේ...

.
.
.
.
.

" ආ.. හරි ඒක ඕන නෑ.. ඒත් තව දෙයක්........ හොඳට මතක තියා ගන්නවා....... වෙන... අය... ඉන්න... තැං.. වල... මට.... සර්... කියන්න... එපා....."

ජංකුක් කිව්වෙ ඇස් ලොකු කරං බැරෑරුම් කටහඩකින්. ඒත් ටෙයොංග් ට නම් ඒක ගානක් වත් නෑ. හරියට පොඩි එකේක් වගෙ...

Golden Blood [ Taekook ] ✅ Where stories live. Discover now