47.

907 207 10
                                    

.
.
.
.
.

එදා ඒ අදුරු දවස ගෙවිලා ඊලග දවස උදා වෙලා තිබ්බා..

ජංකූක් එක පාරටම ගැස්සිලා ඇහැරුනේ එයා ඉන්නෙ හොස්පිටල් එකේ කියලා මතක් උන නිසයි..
එදා ගොඩක් රෑ වෙනකං ඔප්රේශන් එක සිද්ධ උනා.. ඊට පස්සේ ටෙයොංග් ව සාමාන්‍ය රෑම් එකකට මාරු කලා...
ජංකූක්  ඒකෙන්ම වොශ් එකක් දාගෙන තුවාලෙටත් බෙහෙත් කරගෙන ටෙයොංග් ගාව රෑ එලිවෙනකං හිටියා.

දන්නෙම නැතිව ජංකූක් ට ටෙයොංග් ගෙ ඇද ගාව පුටුවට වෙලා ටෙයොංග් ගෙ ඇදට ඔලුව තියං ඒ අතකුත් අල්ලං නින්ද ගිහින් තිබ්බා..

.
.
.

ජංකූක් නැගිටලා ආපහු ටෙයොංග් දිහා බලාගෙන හිටියා.. තාමත් සිහිය ඇවිත් නෑ... සේලයින් එකක් ගහලා තියන ටෙයොංග් ගෙ අත හිමින් අල්ලගෙන ජංකූක් සිතුවිලි අතර හිර වෙද්දිම කාමරේ දොර ඇරගෙන කට්ටියක් ඇතුලට ආවා.

" ටෙයොංග්.... අනේ ටෙයොංග් ට මොකද දැං...." රෝස් දුවගෙන ඇවිත් ජංකූක් හිටිය පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තෙන් ටෙයොංග් ගෙ ඇඳ ගාවට ගියා..
ටෙයොංග් ගෙ අතක් අල්ලගෙන ඒක කම්මුල් වලට ලං කරගෙන මොන මේනවද කියවන රෝස් දිහා ජංකූක් නම් බලං හිටියේ පුපරණ ඇස් දෙකේන්..

" ජිමින් ඊයේ හවස අපිට කිවම අපි ෂොක් උනා... අනේ ඉක්මනට ටෙයොංග් ට හොඳ උනොත් හොඳයි නේද.." ඒ ඇනබෙත්..

ජංකූක් නම් ඒ කිසිම කෙනෙක් කියන දේවල් වැඩිය ගානකට ගත්තේ නෑ.
" ටෙයොංග් ට අසාධ්‍ය නෑ බය වෙන්න එපා... තව ටිකකින් සිහිය එයි කියලා ඩොක්ටර් කෙනෙක් කිවා..." ජංකුක් ටෙයොංග් දිහා බලං කියද්දි රෝස් බොරුවට අඩන්න ගත්තා..

ජංකූක් ආපහු ඒ දිහා බලං රවන විදිහ එතන හිටිය ජිමින්ට නං හොඳටම පෙනුනා.

" ආ.... දැං අඩන්න එපා ඉතින්... අනික ටෙයොංග් ට කොමත් හොඳ වෙනවා.. ආ නැද්ද හියුංග්... " ජිමින් යුංගි දිහාත් බල බල ඇහුව.

යුංගි ටිකක් කල්පනා කලා.. " ම්... එයා මේම ලේසියෙන් මැරෙන්....." යුංගිට කියන්න පුළුවන් උනේ එච්චරයි. හොඳ රැවිල්ලක් දාපු ජිමින් යුංගිගෙ කකුලක් පෑගුවා.

.
.
.
.
.

" ජංකුක්..ඔයාට කොහොමද... " කට්ටිය ටිකක් වෙලා සද්ද නැතිව හිටිය නිසා ඇනබෙත් ඒම ඇහුවා.

Golden Blood [ Taekook ] ✅ Where stories live. Discover now