ඊලග දවස උදා වෙලා තිබ්බා... ජංකූක් නැගිටිනකොට එයාගෙ එහා පැත්තෙ හිටිය ටෙයොංග් හිටියේ නෑ...
ජංකුක් හිතා ගත්තා කලින් දවසෙ උන කිසිම දෙයක් උනේ නෑ කියලා හිතා ගන්න...... ටෙයොංග් බීලා හිටිය නිසා ඒක සමහර විට නිකං බීමතින් කිව දෙයක් වෙන්න ඇති කියලා ජංකුක් හිතා ගත්තා.....
.
.
.
.
.
.
.
.
.අදත් කට්ටිය කැලේ මැදින් පයින්ම ඉස්කොලෙට යන්න පිටත් උනා....
කවදාවත් නැතිව ටෙයොංග් ජංකූක් ව මග හරින්න ගද්දි ජංකුක් බලෙන්ම වගේ ටෙයොංග් ගාවට දුවගෙන ආවා..."හ්හා..... ඔයා හරි චන්ඩියා වගේ වෙන වෙලාවට ඉන්නෙ.... ඒත් බිව්වම....." ජංකූක් ඒම කියලා ටෙයොංග් ට හිනා උනත් ටෙයොංග් නම් අපහසුවෙන් අහක බලාගත්ත එකයි කලේ.....
" ආ.. ඒ උනාට ඔයා මං නිසානෙ එච්චර බිව්වෙ....... ඒ නිසා ඉතිං මං ඔයා වෙනුවට ඔයාව බලා ගත්තා කියලා හිතා ගත්ත නම් හරි නේද... ටෙයොංග්...... " ජංකූක් ඊයේ සිද්ධියම හාරවුස්සන්න උනේ එයාට ඒ ගැන ටිකක් දැන ගන්න ඕන නිසයි..
ඒත් ටෙයොංග් නෙවෙයි ඒ කිසිම දෙයක් කිව්වෙ...
" වරදක් උනා නම් සමාවෙන්න සර්... " ටෙයොංග් ඔලුව නවලා කියද්දිම ජංකූක් හිනා වෙලා ඒම දෙයක් නෑ කියලා කියන්නයි ගියේ.. ඒත් එවෙලෙම එතනට දුවගෙන ආවෙ රෝස්....
.
.රෝස් ආපු ගමන් කවදාවත් නැතිව ටෙයොංග් ගෙ අතක එල්ලුනා..
" ඔ.. ටෙයොංග්... ඔයා ඊයේ රෑ නම් මාරම මාරයි........ " රෝස් ටෙයොංග් ගෙ අත බදාගෙන කෑ ගැහුවා... ටෙයොංග් ඉක්මනට ජංකූක් දිහා බැලුවෙ එයාට මොනා කරන්නද කියලා හිතා ගන්න බැරි උන නිසයි..එතන හිටිය ඇනබෙත් හිමින් අත් දෙක වනමින් ඊයේ රෑ ටෙයොංග් නටපු විදිහ කරලා පෙන්නුවා.....
" ඔ.. ටේයොංග්.... මාත් ඊයේ හොඳටම වෙරි වෙලා හිටියේ දන්නවද.. ඒත් මට ඔයා එක්ක නටපු විදිහ නම් හැමදේම වගේ හොඳට මතකයි....." රෝස් ටෙයොංග් ඉස්සරහට ඇවිත් අත් දෙක ටෙයොංග් ගෙ බෙල්ල වටේ දාගෙන එහේට මේහේට පැද්දෙන්න ගත්තෙ ඊයේ වගෙයි.. ඒත් ටෙයොංග් ට නම් දැනුනෙ හරිම අපහසුවක්. ඒත් එක්ක ජංකූක්ගෙ උනත් මුණ වෙනස් වෙන විදිහ ටෙයොංග් හොඳටම දැක්කා....
හිමින් සැරේ තමන්ගෙ බෙල්ලෙ එල්ලිලා තියන රෝස්ගෙ අත් දෙක ගලවලා දාපු ටෙයොංග් ඉස්සරහට ඇවිදං ගියේ ආයෙ නම් කවදාවත් බොන්නෑ කියලා හිතාගෙනයි....

VOCÊ ESTÁ LENDO
Golden Blood [ Taekook ] ✅
Fanfic[Sinhala] ජංකූක් තවම කොලේජ් යන ප්රසිද්ධ මාෆියා නායකයෙකුගේ පුතෙක්. අනෙකුන් මාෆියා කණ්ඩායම් වලින් ජංකූක්ගෙ ජීවිතයට අවදානමක් ඇති වීම නිසා ජංකූක්ගෙ පියා විසින් ඔහුගෙ ආරක්ෂාවට විශ්වාසීය ආරක්ෂකයෙකු කැදවයි. නමින් ඔහු කිම් ටේහි්යුන් වේ. නමුත් අවසානයේ...