46.

898 209 15
                                    

.
.
.
.
.
.
.
.
.
.
.
.

ජංකූක් හිටියේ ලේ තැවරුන ඇදුම පිටින්ම හොස්පිටල් එකේ පුටුවකට බරවෙලයි... කොල්ලා හොඳටම අඩනවා...  ඊට එහා පුටුවෙ හිටිය ජිමින් ජංකූක් ගෙ පිට අත ගගා එයාව සනසන්න උත්සාහ කලත් ඒ කිසිම දෙයක් හරියන පාටක් නෑ.

ජිමින් හැරි හැරී ටිකක් එහාට වෙන්න ඉදගෙන ඉන්න යුංගි දීහාත් බලනෝ... යුංගිත් ඔහේ බලාගත්ත අත බදාගෙන ඉන්නවා..

ඒ එක්කම එයාලා බලාපොරොත්තුවෙන් හිටිය අයි. සී. යූ. රෑම් එකේ දොර ඇරගෙන ඔපරේශන් කිට් එකක් ඇදගෙන ඉන්න ඩොක්ටර් කෙනෙක් එලියට ආවා..

ජංකූක් දොර ඇරෙන සද්දෙ ඇහුනා විතරයි ලිස්සලා වැටෙන්නත් ගිහින් ආපහු බිත්තියක් අල්ලං බැලන්ස් වෙලා එතනට දිව්වා.

" ඩොක්ටර්... ඩොක්ටර් එයා හොඳින් නේද...." ජංකූක් අඩලා අඩලා රතු උන නහයත් උඩට ඇද ඇද ඇහුවා.

ඩොක්ටර් ගෙ ඇස් මාස්ක් එක උඩින් චුටියට පේනවා. ඒ ඇස් ප්‍රශ්නයක් නෑ කියලා කියන්න හිමින් පිය උනා.

" කවුරුත් බය වෙන්න එපා... බුලට් එක කිසිම වැදගත් අවයවයක් හරහා ගිහින් නෑ.... නමුත්......

නමුත් පේශන්ගෙන් සෑහෙන්න ලේ ගිහින් තියනවා..... එයා දැං ලේ අඩුකමකින් තමා ඉන්නෙ....... ඒත් අපි බ්ලඩ් බෑන්ක් එකට පණිවිඩයක් යැව්වා ඒ ගැන...." ඩොක්ටර් ඒම කියාගෙන යනකොට ජිමින් ජංකූක් ගෙ පිට හිමින් අත ගෑවා..

" ඩොක්ටර්... මං ලේ දෙන්නම්... මං කලිනුත් දිලා තියෙනවා.. "

" ඩේ... ඩොක්ටර්... මාත්... මාත් දෙන්නම්..... "

යුංගි කියනකොට ජිමිනුත් ඒ විදියට උත්තර දුන්නා.

.
.
.

ඒත් ඩොක්ටර් ඒ දේවල් හරියන්නෑ කියන්න වගේ ඔලුව දෙපැත්තට වැනුවා.

" ම්.... මේමයි මිස්ටර්... ඒක හරියන්නෑ...... මේ පේශන්ට තියෙන්නෙ ඉතාම දුර්ලබ ලේ වර්ගයක්..
ඒකට කියන්නෙ Rh-null ඒමත් නැත්තං Golden blood කියලා...

✏ - මේක ඇත්ත දෙයක්. අවසානයේ ඒ ගැන විස්තර ටිකක් දාලා ඇති. දැන ගන්න ආස අය කියවන්න...

.
.
.
.
.
.
.

" මො..... ඒ මොකක්ද ඒ" ජිමින් පුදුමෙන් යුංගි දිහාත් ඩොක්ටර් දිහාත් බැලුවා.

Golden Blood [ Taekook ] ✅ Donde viven las historias. Descúbrelo ahora