53.

1K 205 24
                                    

.
.

✏ - ජවනිකාවෙන් ජවනිකාවට (සිද්ධියකින් සිද්ධියට) මාරු වෙන කොටසක්. ඉතින් වෙන් කරලා තියන තැන් වලදි විරාමයකින් යුතුව කියවන්න.

අපහසුතාවයක් වේ නම් සමාවන්න.

.
.
.
.
.

" මට ඔයාව මතක් උනා......" තමන්ව බදාගෙන උරහිස උඩින් තමන් දිහා බලං ඉන්න ටෙයොංග් ට ජංකූක් ගෙන් ලැබුනෙ ඒ වගේ උත්තරයක්

"... ඉතිං මම මෙතන ඉන්නවනෙ. ඒම වෙලත් මාව මතක් වෙනවද මැනික.." ටෙයොංග් ආපහු ජංකූක් ගෙ ඇස් දිහා බලන්න උත්සාහ කරමින් ඇහුවා.

ජංකූක් හිමින් ඉස්සරහ බලං හිටීයා." ම්. ඒත්...... තව ටික දවසකින්....." ජංකුක් ට කියාගෙන යද්දි ටෙයොංග් ආදරයෙන් එයාගෙ බෙල්ල ලග සිප ගත්තා.

ජංකූක්ව හිමින් තමන්ගෙ පැත්තට හරව ගත්ත ටෙයොංග් එයාගෙ අත දිග ඇරලා රෑබික් කියුබ් එකක් ඒ උඩින් තිබ්බා.

" අපි අනාගතේ ගැන දුක් නොවී අද දවස සතුටින් ඉමු මැනික... හරිද.... " ටෙයොංග් ජංකූක් ගෙ මුණ දිහා ආදරණිය විදිහට බලං කියනකොට ජංකූක් ගෙ ඇස් වල කදුලු පිරෙන්න ගත්තා.

" මොකද වෙන්නෙ මම ආපහු ආවමත් පා අපිට අකමැති උනොත්....." ජංකූක් තොල් කනපිට හරවගෙන මුණ පුම්බගෙන ටෙයොංග් ගෙන් අහද්දි ටෙයොංග් ගෙ අත ගියේ ජංකූක් ගෙල්ලෙ දාගෙන ඉන්න මාලෙට.

එයා ඒකෙ පුංචි පෙන්ඩන්ට් එක අල්ලගත්තා.
" ම්.... අප්පා අකමැති උනත් මේ බලන්නකො. මගේ හිත ඔයා ගාවනෙ මැනික...

ඒ වගේම මේ.... ඔයාගෙ පුංචි හිතත් මා ගාව..."
ටෙයොංග් අන්තිම ටික ජංකූක් ගෙ මුණට එබීගෙන හොරෙන් වගෙයි කිවෙ... ඒකට නම් ජංකූක් ට එක පාරම හිනා ගියා.. ටෙයොංග්ත් ලස්සනට හිනා උනේ එයා ජංකූක් ව සතුටින් තියන එක ගැන ආඩම්බර වෙලයි.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ජංකූක් කිචන් එකේ කෑම හදනවා.
එප්රන් එකක් ඇදගෙන එතනට ආවෙ අනිත් චෙෆ්. ඇවිත් ජංකූක් පිටිපස්සෙන් හිටගෙන ජංකූක් කපමින් හිටිය පුංචි කැරට් කෑල්ලක් අරං කටේ දා ගත්තා.

Golden Blood [ Taekook ] ✅ Tempat cerita menjadi hidup. Temukan sekarang