ඊලග දවස උදා උනත් ඒ වෙනකොට හිටියැ වෙනස්ම ජංකුක් කෙනෙකුයි. ටෙයොංග් එක්ක කොපයේන්... ටෙයොංග් ව තමන්ගෙ වැඩකාරයේක් ගානට පාතට දැම්ම අලුත් ජංකුක් කෙනෙක් බිහි වෙලා තිබුනා... ඒත් ඒ පිටතින් විතරද නැත්තං අභ්‍යන්තරයේන්මද කියලා දන්නෙ ජංකුක් ම තමයි.
.
.
.
.
.
.
.
.
.කට්ටියට ලැබුන අලුත් අසයිමන්ට් එක කොලේජ් එකේ තිබ්බ ලස්සන තැනක් බලගෙන අදින්නයි.. ඇනබෙත් රෝස් වගේම ටෙයොංග් ජංකුක් ජිමිනුත් ඔක්කොම තෝර ගත්තෙ එක තැනක්. කට්ටීය පුංචි හට් එකකට වෙලා තමන්ගෙ ඉස්සරහෙන් පේන සර්පයෙක් වගේ ඇබරුන ගහත්.. ඒ ගහ වටේට එතිලා ගිහින් තියන මල් වැලත් චිත්‍රයට නගන්න පටං ගත්තා...
ටිකක් වෙලා යනකොට ජිමින් වැඩේ ඉවර කරලා අත පය දිග අරින්න ගත්තේ මෙච්චර වෙලා චිත්‍රය ඇදලා එයාගෙ අත රිදෙන්න අරං තිබ්බ නිසයි..
.
.
.
." ඒ ජංකුක්... අපි මේක ඉවර වෙලා ෆුට්බෝල් ගහමුද..." ජිමින් එයා ආසම වැඩේ ගැන මතක් කලා..
ජිමින්ට ඉස්සරහා හරියේ ඉදං හිටිය ජංකුක් කිසිම උත්යෝගයක් නැතිව හා කියලා ඔලුව වැනුවා...
" ඒ... ඔයාලා ෆුට්බෝල් ගහනවා නම් මං එනවා ඒක බලන්න...." ඇනබෙත් කියද්දි රෝසුත් වේගෙන් වේගෙන් ඔලුව වැනුවෙ ඒක අනුමත කරන්නයි..
ඒත් ඊට කලින් රෝස්ට රෙස්ට් රෑම් එකට යන්න ඕන කිව්ව නිසා දෙන්නා එතනින් නැගිටලා ගියා..
මේ හැමදේම සිද්ධවෙන අතර ටෙයොංග් නම් සද්ද නැතිව එයාගෙ චිත්‍රයට අවදානෙ දිලයි තිබුනෙ..
" ඒ.... ටෙයොංග්... ඔයත් එනවද අපි....."
" ඒක අමුතුවෙන් එයාගෙන් අහන්න ඔනනෑ ජිමින්... මං එක්ක ඉන්න එක එයාගෙ වගකීම......." ජිමින් ටෙයොංග් දිහා බලං අහනකොට ඊට උත්තර දුන්නෙ කේන්තියෙන් පුපුරමින් ඉන්න ජංකුක්.." ඇයි ඒම කියන්නෙ...... ටෙයොංග් කැමති නම්නෙ .." ජිමින් ජංකුක් කියන දේ අහන්නැතිව ආපහු තමන්ගෙ එහා පැත්තෙන් ඉදගෙන හිටිය ටෙයොංග් ගෙ අතකිනුත් අල්ලං ඇහුව.
" මං දැං එකපාරක් කිවා නේද....... තමුසෙට ඇහුන්නැද්ද ජිමින්...... මේ කොහෙවත් යන එක එකාට වැදවෙන්න තමුසෙට පිස්සු ද... වැඩක් කරනව නම් කරනවා.. නැත්තං මම එන්නෙත් නෑ... " ජංකුක් එක පාරටම නැගිටලා එයාගෙ චිත්‍රය ඇදලා තිබ්බ බෝඩ් එකත් පොලේ ගහලා ඒම කිව්වා..
YOU ARE READING
Golden Blood [ Taekook ] ✅
Fanfiction[Sinhala] ජංකූක් තවම කොලේජ් යන ප්රසිද්ධ මාෆියා නායකයෙකුගේ පුතෙක්. අනෙකුන් මාෆියා කණ්ඩායම් වලින් ජංකූක්ගෙ ජීවිතයට අවදානමක් ඇති වීම නිසා ජංකූක්ගෙ පියා විසින් ඔහුගෙ ආරක්ෂාවට විශ්වාසීය ආරක්ෂකයෙකු කැදවයි. නමින් ඔහු කිම් ටේහි්යුන් වේ. නමුත් අවසානයේ...