Sean's POV
"අයියේ...... අයියේ........... "
"ඕ......... "
"ඔයා කෑවද..... "
"ඕ ප්රින්සස්... ඔයා කන්න.... අම්මිත් කාලා ඉන්නේ... "
"හරියෝ..... "
මං හිටියේ මගේ කාමරේ... ඇත්තටම අපේ පුංචි ගෙදර කාමර දෙක තුනක් නෑ... එක කාමරයි... නංගියි අම්මායි හිටියේ ඒ කාමරේ... මං හිටියේ වහලේ කාමරේ.. සොල්දරේ... ඒක ගබඩා කාමරයක් වගේ.. දවල්ට අවුව දවසට පෝරණුව වගේ ඒ කාමරේ තැම්බුනා... පිච්චුනා... රෑට ඊට හාත්පසින් වෙනස් උනා.. ගල් වෙන තරම් සීතලක් එක්ක රෙදි දෙකක් පොරෝලවත් ඉන්න බැරි තරම් සීතල උනා.. ඒත් දැන් අවුරුදු පහලවක විතර ඉදන් මේක මගේ කාමරේ...
කාමරේටම තිබ්බ පොඩි කවුලුවෙන් පෙනුනේ අපේ පුංචි ස්ටෝබෙරි වගාව.. වහලේ උලු බිඳුනට පස්සේ මං එතනින් තිබ්බ වීදුරුවෙන් නම් තරු පිරිච්ච රෑ අහසම මට බලන්න පුලුවන් උනා. මං ආසම රෑට ඒ අහස දිහා බලන් ඉන්න... හඳ එලියත් එක්ක අහසේ තරු ගනින්න... අනන්තෙටත් එහා දුරට යනකම් ලොකුම ලොකු කල්පනාවකට වැටෙන්න.. ඒ හීන ලෝකේ අස්සෙන්ම නින්දට වැටෙන්න..
හීන.......
හැමදාම මාව ජීවත් කලේ හීන.. මං ආසයි මං මවාගත්ත ඒ හීන ලෝකේ ඇතුලේ ජීවත් වෙන්න.. ෆැන්ටසියක් බව දැන දැනම ඒකට ඇබ්බැහි වෙන්න.. මට කවදාවත් සැබෑ කරගන්න බැරි ඒ හීන අස්සේ පියාඹන්න....
පියානෝ වාදකයෙක්.....
ඒ මගේ හීනේ... කවදා හරී දවසක ලෝකෙම දන්න දක්ෂ පියානෝ වාදකයෙක් වෙන එක.. වේදිකාවක් උඩ ඉදගෙන මගේම ප්රසංගයක් කරන එක...
හැබැයි... පියානෝ එකක් කියන්නෙත් මට හීනයක්ම විතරයි.... පොඩි ඕගන් එකක් තියෙන මං ඒකෙන් හිතින් හිත හිතම සිංදු වාදනය කරන ගමන් පියානෝ වාදකයෙක් වෙන්න හීන දකිනවා.. විහිලුවක් වගේ නේද... හොඳම විහිලුව තමයි මං තවම පියානෝ එකක් අල්ලලාවත් නැති එක..
මගේ හීන මිල අධිකයි... ඒත් මං ආසයි හීන දකින්න....
ඒත් මගේ හීන දැන් නම් තියෙන්නේ මට ලං වෙන්නවත් බැරි තරම් දුරක... ඉගෙන ගන්න විශ්වවිද්යාලෙට ගියත් හැමදේම මග නැවතුනේ මගේ අම්මාගේ අසනීපේ නිසා...