42
"ම්ම්.. මා....ස්....ට...ර්......... "
නහයට දැනුන සැර ගතිය.. ඇස් වලින් ගලන් ගිය කඳුලු බිංදුවත් එක්ක මාස්ටර්ගේ රූපේ පෙනී පෙනී මගේ ඇස් පියවෙලා යද්දී මට එතනින් එහාට මෙලෝ සසරක් අමතක වෙලා ගියා......
දරුණු හිසේ කැක්කුමක්... මගේ ඔලුව පුපුරන්න තරම් වේදනාවක්... ඇස් ඇරගන්න තියා හිතන්නවත් බැරි තරම් ඔලුව බර ගතියක් එක්ක මං නින්දකින් ඇහැරුනා වගේ දැනුනා... නහයට දැනුනේ හුස්ම ගන්නවත් බැරි තරම් සැරම සැර සිගරට් ගඳක්... මගෙ හිත ඇහැරුනත් ඇස්වල නම් සුපර්ග්ලූ ගාලා වගේ ඇලිලාම ගිහින් තිබ්බේ මං කොච්චර උත්සහ කලත් ඒවා අරින්න බැරි වෙද්දී... මං ඇහිබැමි අකුලන් ඇස් අරින්න ලොකු උත්සහයක් දෙද්දී ඉබේම මගේ කටින් කෙඳිරියක් පිට උනා...
"ම්හ්හ්..... "
ඒ එක්කම මට ඇහුනේ ටකස් ටකස් හඬකින් මගේ දිහාට එන අඩි සද්දයක්... ඒක ගෑණු හීල් එකක අඩි සද්දයක්..... ඒ හඬ මගේ ලඟට ලන් වෙද්දී මට දැනුනේ නහය කඩාගෙන යන සැර පර්ෆියුම් සුවඳක්....
"උබ හීනෙනුත් ලියෝගෙන් සැප ගන්නවද යකෝ... කෙඳිරිගාන්නේ.... වේ# බ##"
මගේ ලඟින්ම ඇහුන කටහඬ මට ටිකක් හුරුපුරුදු උනත් ඒ කවුද කියලා මගේ ඔලුවට ආවේ නෑ.. ඇත්තටම මට ඒක හිතන්න තරම්වත් ශක්තියක් තිබුනේ නෑ... ඒ තරම් මගේ ඔලුව පුපුරු ගහන්න වේදනාවක් උනා....
"ම්හ්හ්හ්... "
මගේ ඔලුව කකියද්දී මං ආයේ අමාරුවෙන් දැගලුවේ ඔලුවත් අත් දෙකෙන් බදාගෙන වෙද්දී එක පාරම ලොකු සීතල වතුර පාරක් වැදුනේ මගේ මුලු ඇඟම තෙමිලා යන්න......
"තෝ මෙතන බුදියන් කෙඳිරි ගාන්නේ තෝ හිතුවද බ## උබට හීන බලන්න උබව අරන් ආවා කියලා.... ක්ලෝරෆෝම් ටිකකට පැය තුනක් සිහි නැති වෙන්න තරම් උබ පො##යෙක්ද...... "
ආයේත් මගේ ලඟින්ම අර නපුරු ගෑණු කටහඬ ඇහෙද්දී මං ඔලුව බදාගෙන ඇස් අරින්න උත්සහ කලා... මගේ ඇස් අමාරුවෙන් භාගෙට ඇරුනත් ආයෙත් පිය උනා.... ආයෙත් ආයෙත් දෙතුන් සැරයක් ඒ දේම වෙද්දී අමාරුවෙන් මට භාගෙට ඇස් ඇරගන්න පුලුවන් උනත් මට හැමදේම පෙනුනේ බොඳ වෙලා වගේ...