32
"මගේ.... උබ මගේ විතරයි සීන්... මගේම විතරයි........ හැමදාටම..... "
එයා මාව සිපගන්න ගමන් මුමුණද්දී මටත් නොදැනීම මගේ ඇස් අගින් කඳුලක් ගලන් ගියා... 'හැමදාටම.....' ඒ වචනේ මගේ හිත අස්සේ දෝංකාර දෙද්දී ඒ වැල්ලේම මං එයාගේ උණුහුම් පපුවට ගුලි උනා...
එයා ඒක කිව්වේ ඇත්තටමද... නැත්නම් නිකන්ම නිකන් වචනයක්ද කියන්න දන් නෑ.. ඒත් එයා නොදන්නවා උනාට ඒ වචනේ මට මහමෙරක් තරම් වටිනවා.. ආදරෙයි කියන වචනේ කවදාවත් ඒ කටින් පිට නොවුනත් මට එයා ලඟින් ඒ ආදරෙ ඕනිවටත් වඩා දැනුනා.... ඉතින් එයාගේ කොහොම උනත් මේ මගේ පලවෙනි වගේම එකම ආදරේ.....
මිනිස්සු හිතයි මං එයාගේ සල්ලි වලට ලෝභකමට ආදරෙයි කියනවා කියලා.. නෑ කවදාවත්ම නෑ.. එයාගේ මේ තියෙන හැමදෙයක්ම නැතිම නිකන්ම නිකන් ලියෝ විදිහට එයා මං ලඟට ආවත් මගේ හිතේ තියෙන ආදරේ එක දශමයක්වත් අඩු වෙන් නෑ.. ඒක මට විශ්වාසයි...
මගේ හිතට දැනුන හැඟීමත් එක්ක මං අද එයාට දැනෙන්නම ඒ උණුසුම් ශක්තිමත් නිරුවත් පපුවට මගේ තොල් තිබ්බා... මට දැනුනා එයාව ගැස්සෙනවා.. එයා හිතන්න නැතුව ඇති මං එහෙම කරයි කියලා... ඒත් එක්කම එයාගේ පපුව ගැහෙන වේගේ වැඩි වෙද්දී ඒ මං වෙනුවෙන් ගැහෙන පපුව උඩින් මං මගේ කම්මුල තියාගත්තේ මගේ මූණට පුංචි හිනාවක් එද්දී.. ඉතින් එයා නොකිව්වත් මේ පපුව කියන්නේ එයා හංඟන් ඉන්න දේ නෙමෙයිද......
.
.ඒ උණුහුමටම මට ඊයේ රෑ නින්ද ගිහින් තියෙද්දී අද මට ඇහැරුනේ මගේ පස්ස නිකන් රත් වෙනවා වගේ දැනුන නිසා....
ඇඟට වෙනදාට නොදැනෙන අමුතු සනීපයක් දැනෙද්දී මං හෙමින් හෙමින් මගේ ඇස් ඇරියා.... ඒත් ඇස් දෙක පිච්චෙන තරම් දැනුන එළිය නිසා මං ආයේ ඇස් පියාගෙන ටිකකින් ආයේ හෙමීට ඇස් ඇරියා.... ඇස් කඩාගෙන යන ඉර එළියක්... මේ මොකද අප්පා...
මට මං ඉන්නේ කොහෙද කියලා එකපාරට හිතාගන්න බැරි වෙද්දී මං හෙමින් හෙමින් ඔලුව උස්සලා වටපිට බැලුවා...
"Ohhh.... "
මං හිටියේ තවමත් මුහුදු වෙරලේ.. ඒත් මට පුදුම උණුහුමක් එක්ක මෙට්ටේක වගේ සැපට නින්ද ගියේ කොහොමද කියලා ආයේ මං හැරිලා බැලුවා..