"අනිද්දා නවයට interview.... "
ඒකටත් ඉන්ටර්වීව් එකක්.. ඒකට මොකටද ඉන්ටර්වීව්.. මොනාද එච්චර බලන්නේ.. මගේ සහතිකත් අරන් යන්න ඕනිද දන් නෑ.. තියෙන ටික අරන් යන්න ඔනි.. ඉන්ටර්වීව් එකක්නේ...
තව අය ඉන්නවාද දන් නෑ.. මාව තේරෙයිද ඉතින්... ඇත්තටම මට තියෙන්නෙ එයා එක්ක නිදියන්නද.. රෙන් කිව්වා වගේ.. ඒ කියන්නේ සෙක්ස් කරන්නද.. කොල්ලෙක් එක්ක...?? එහෙම කරන්නේ කොහොමද.. රෙන් වැරදියට හිතලා ඇති.. එහෙම කරන්න බෑනේ.. සෙක්ස් කරන්න නම් එයා කෙල්ලෙක් හොයාගන්නවනේ.. ඇයි මාව ගන්නේ... රෙන්ට වැරදිලා තමයි..
වෙන දෙයක් උන දෙන් කියලා හිතාගෙන මං ආයේ මගේ වැඩ කරන්න ගත්තා.. ලොකු ලොකු දේවල් වලට හීන මැව්වට ඒවා මට ලැබෙයිමයි කියන්න බෑනේ ඉතින්.. නේද.. ඒ රස්සාව හම්බුනොත් හොඳයි. ඒත්... නැති උනොත්... ඒ නිසා මේක රැකගන්න ඕනිනේ..
මං මගේ වැඩ ඉවර කරද්දී රෑ දහයයි.. උදේ හතේ ඉදන් රෑ දහය වෙනකන් තමයි මට වැඩ කරන්න තිබුනේ. මොකක් හරි ලොකු උස්සවයක් තිබුනොත් නම් ඉතින් රෑටත් ඉන්න වෙනවා.. ඒත් ඊලඟ දවසේ ආයේ එන්න ඕනි දවල් දොලහට.. මං මෙතන වැඩ කරන්න ආස වෙන්න එක හේතුවක් තමයි මරව මරව වැඩ ගන්නේ නෑ.. සේවක අයිතිවාසිකම් ගැන හිතනවා..
මේ හොටෙල් එකත් එල්රොඩ් පවුලේ දේපලක්.. මේක අයිති ලියෝ එල්රොඩ්ට කියලා තමයි කියන්නේ.. එයා සේවකයින්ට සලකනවා.. හැබැයි නීති තදයි.. බොරුව වංචාව පේන්න බෑලු. ඒ වගේම වැරදි වෙනත් බෑලු... වරදක් උනොත් ඒකේ ප්‍රතිපලය ගොඩක් භයානකයිලු. මොකද ලියෝට කේන්ති ගිහින් තිබ්බොත් සුලු වරදට උනත් එයාගේ පිස්ටල් එක පාවිච්චි කරන්න දෙපාරක් හිතන් නෑලූ..
මටත් ඕවා එහෙන් මෙහෙන් ඇහුන දේවල්.. හැබැයි ඔය දැඩි නීති තියෙන්නේ එයාගේ මැන්ශන් එකේ ඉන්න සේවකයන්ටලු.. එයාලට uniform පවා තියෙයිලූ... මටත් වැඩ කරන්න වෙන්නේ ඒකේ තමයි...
හෙට ඉරිදා.. හෙට මගේ නිවාඩු දවස.. සාමාන්‍යයෙන් නම් මං ඉරිදාට මොකක් හරි පාට් ටයිම් ජොබ් එකක් කරනවා.. ඒත් හෙට මට අම්මාවයි නංගිවයි බලන්න යන්න හිතුනා.. මොකක්දෝ නොතේරෙන මූසල හැඟීමක් හිතේ තිබුන නිසා මට හෙට එයාලව බලන්න යන්න හිතුනා..