29

5.7K 619 163
                                    

29

"ලෑස්ති වෙන්න...  අනිද්දා අපි සතියකට ඉතාලි යනවා..... "

.
.

අපි හෙට තමයි ඉතාලි යන්නේ.... හෙට උදේ අටට තමයි flight එක තියෙනවායි කියලා මාස්ටර් කිව්වේ... ඔක්කෝම ලෑස්ති කරලා දෙතුන් පාරක් ආයේ චෙක් කරලා තමා මං මේ නිදියන්න ඇඳට ආවේ... ඒත් මට නින්ද යන්නේම නෑනේ.. මට හිතෙන්නේම මොනා හරි අඩු ඇති කියලා.. ඒත් එහෙම දෙයක් නෑ... මං හිතන්නේ මං ඉන්නේ බය වෙලා.. මං මේ ප්ලේන් එකක යන්න හදන්නේ පලවෙනිපාරට.. අනික වෙනම රටකට..

මං දන්නවා මාස්ටර් එක්ක යන නිසා මං බය වෙන්න ඕනි නෑ..... ඒත් මට හරී බයයි... අහසේ යද්දී ප්ලේන් එක කඩන් වැටුනොත්... ගොඩක් අයට උඩට යද්දී වමනේ යන්න එනෝලු.. මටත් එහෙම වෙයිද දන් නෑ.. අර ෆිල්ම් වල වගේ තට්ටක් කඩන් වැටෙයිද... ජනේලයක් අයිනේ ඉල්ලගන්න ඕනි මාස්ටර්ට කියලා.. අහසින් යද්දී බිම පේනවද දන් නෑ... වලාකුලුත් පෙනෙයි... බයත් එක්ක මගේ හිත ඇතුලේ තිබුනේ කුතුහලය පිරුන ආසාවක්....

ඒ නිසාම නින්ද නම් ලඟ පාතක නෑ.. කොච්චර නිදියන්න හැදුවත් මට එක එක එව්වා හිතෙනවා...

මාස්ටර් එද යමූ කියපු දවසේ එයා කියපු දේ මට අදහන්න බැරි උනා.. වෝහ්හ්... ඇත්තමයි තාම හීනයක් වගේ... එයා කියපු වෙලේ මං හිටියේ ගල් ගැහිලා වගේ... ඒත් මාස්ටර් ආයේ කියද්දී තමා මං පියවි සිහියට ආවේ... හි... මතක් වෙද්දිත් ලැජ්ජායි... මට එවලේ දැනුන සතුටට මං පැනපු ගමන් එයාගේ කම්මුලක් ඉම්බා... පස්සේ තමා මටත් මීටර් උනේ.. මං හිතන්නේ එවලේ මාස්ටර්ටත් ලැජ්ජා හිතුනා.. එයා මුකුත් නොකියා කන් දෙකත් රතු කරන් කාමරෙන් එළියට ගියේ ඒ නිසා වෙන්න ඇති...

එවලේ ඉදන් ඉතින් මට නින්දක් නෑ.. මං ඇඳුම් ඔක්කෝම ලෑස්ති කලා.. සපත්තු සෙරප්පූ.. අද දවසම උදේ ඉදන් කලේ ඒක.. අන්තිනට ලොකුම ලොකු බෑග් තුනක් පුරෝලා ඇඳුම්.. මාස්ටර් තමයි ඇවිත් ඕනිම කරන ඇඳුම් ටික කියලා එක බෑග් එකකට හදලා දුන්නේ.. ඉතුරුවා එහෙන් ගමූ කිව්වේ..

දැන් නම් ඔක්කෝම ලෑස්තියි... ඒත් මට හරි බයයි අප්පා.. අනේ මන්දා මට බයයි...

.
.

එහාටයි මෙහාටයි පෙරලි පෙරලි ඉදලා ඊයේ මට නින්ද යද්දී මං හිතන්නේ පාන්දර තුනත් පහු වෙලා... උදේ පහේ එලාම් එක කන පැලෙන්න වදිද්දී තමයි මං ඇහැරුනේ..

MASTER OF DARK 🔞 || CompletedWhere stories live. Discover now