44
"මේ මාසේ ඔහොම හිටපන්.. ඉන්පස්සේ උබ නිදහස්... "
දොර ලඟට ගිහින් අහක බලන්ම එයා කියපු වචන එක්ක මට මගේ හුස්ම හිර වෙන්න ආවා....
ඒ කියන්නේ තව මාසෙකින්......... අනේ දෙයියනේ එපා.....
එතනින් එහාට මට හිතන්නවත් බැරි වෙද්දී මගේ පපුව හිර වෙන්න ආවා... මං හුස්ම ගන්නවාද නෑද කියලවත් අමතක වෙද්දී ඉකියක් පිට නොවීම මට ඇඬුනා... පපුව මිරිකගෙන මං අඬද්දී මට ඇහුනා මාස්ටර් දොර වහගෙන එළියට ගියා...
මං.... මං දන්නවා... මං දන්නවා දෙයියනේ මට එයාව දාලා යන්න වෙනවා කියලා.. මට ඒ ආදරේ උණුහුම අයිති මාස හයයි කියන්න මං දන්නවා.... ඒත්... ඒත් මට ඒක මෙහෙම වෙන්න ඕනි උනේ නෑ... අඩුම තරමේ මට ඒ අන්තිම මාසේ හරි එයා එක්ක ඉන්න ඕනි උනා... ඒ උණුහුම ඒ සුවඳ අමතක නොවෙන්න හිතේ තියාගන්න ඕනි උනා.. අනිත් කවදාටත් වඩා මට මේ අන්තිම මාසේ එයා එක්ක ඉන්න ඕනි උනා.... හිත සතුටින් එයා ලඟින් ඈත් වෙන්න ඕනි උනා... ඒත්.... අනේ ඒත්.........
මට ඉකි ගැහී ගැහී ඇඬෙද්දී මං හීතලේ බාත් ටබ් එකේම ගුලි උනා... මගේ කකුල් නමාගෙන දණිස් උඩින් මූණ තියාගෙන මං ඉකි ගහ ගහ ඇඬුවා... අද ඉදන් එයා වෙනම මං වෙනම කියන හැඟීම එක්ක මාව පිස්සු වට්‍ටන ඒ ආදරේ හාදු මට නැති වෙනවා කියලා මතක් වෙද්දී ඒ හැඟීම මාව නොමරා මැරුවා... මාව පණ පිටින් පිච්චුවා.....
එයාගේ කකුල් අල්ලලා වැඳලා සමාවගන්න ඕනි උනත් මං දන්නවා එයා ඒවා අහන එකක් නෑ.... එදා මාව ආදරෙන් ඉම්ඹ මාව ආදරෙන් තුරුල් කරගත්ත එයාම අද මාව කුණු මාලු කෑල්ලක් ගාණට මෙහෙම දාලා යද්දී මං කොහොමද දෙයියනේ දරාගන්නේ.. වෙනදාට එයාම මාව හෝදවලා ඇඳුමක් අන්ඳවලා අර ඇඳේ උණුහුමට නිදි කරවලා යන්නේ මට හාදුවකුත් දීලා.. ඒත් අද.... නොකර බැරිකමට වගේ මාව උස්සන් ඇවිත් මේකට දාලා එයා යන්න ගියා.... කිසිම ආදරණීය වචනයක්... ආදරණීය ස්පර්ශයක් නැතුවම එයා යන්න ගියා....
මං මට ඇති වෙනකන් වතුරේ ගුලි වෙලා ඇඬුවා... මගේ අතපය හිරි වැටිලා තොල කට වෙව්ලන්න ගත්තා... ඒත් මට ටබ් එකෙන් බහින්න ඕනි උනේ නෑ... මං මට ඇති කියලා හිතෙනකන් ඇඬුවා... එයා නොදන්නවා උනාට උන් මාව උස්සන් ගිය වෙලේ ඉදන් අනේ මාස්ටර් එනවානම් කියලා හිතුන වාර කොච්චරද... මට බැරි බැරි ගානේ උන්ව කේන්ති අවුස්ස අවුස්ස ගුටි කාගෙන ඉවසුවේ කොයි වෙලේ හරි මාස්ටර් ඇවිත් මාව බේරගනී කියන විශ්වාසෙන් කියලා එයා දන් නෑ.. එයා එනකන් මං මඟ බැලුවා කියන්නත් එයා දන් නෑ.. එයාට අයිති දේවල් මං ආරක්ෂා කරගන්න මං ගුටි කාගෙන ගත්ත උත්සහය... ඒක එයා දන්නෙත් නෑ... එයාව දකිද්දී මට දැනුන සතුට එයා දන්නෙත් නෑ... එයා... එයා ඒ කිසි දෙයක් දන් නෑ....