11
"WHAT THE FUCK ARE YOU DOING..?? "
එයාගේ නපුරු හඬ මුලු කාමරේ පුරාම දෙදරුම්කද්දී මාව වෙව්ලන්න ගත්තා.. මං.. මං මොකක්ද කලේ... එයාගේ නපුරු ඇස් කෙලින්ම තිබුනේ මගේ ලඟ නිසා එයා කේන්ති අරන් ඉන්නේ මාත් එක්ක කියලා මට තේරුනා.. ඒත් ඇයි....
"ම්ම්.. මාස්... "
"මචං ලියෝ... කූල් ඩව්න් බන්... "
මගේ ලඟ හිටපු අනිත් මනුස්සයා කියද්දී මට පුදුම හිතුනා.. මේ ලියෝට මාස්ටර් කියන්නේ නැතුව කතා කරනවා මං ඇහුව පලවෙනි පාර.. මචං...?? බන්...?? ඒ කියන්නේ ඌ මාස්ටර්ගේ යාලුවෙක්ද..
ඩේව් කියපු එක වචනයක්වත් ලියෝට ඇහුනා කියලා මං හිතන් නෑ... මොකද එයාගේ ගිනි පිටවෙන ඇස් කෙලින්ම තිබුනේ මගේ ලඟ... එයාගේ නපුරු ඇස් මගේ ඇග පුරා දුවද්දී මටත් බැලුනා.. මගේ ශර්ට් එක ඇගට ඇලිලා දාඩියට... ඒකෙන් ඇගත් පේනවා.. ඒ අස්සේ මොන කරුමෙකටද මන්දා මගේ ශර්ට් එකේ උඩ බොත්තම ගැලවිලා ඒකෙන් මගේ පපුවත් නිරාවරණය වෙලා තිබුනා....
"ම්ම්.... මාස්ටර්... ම්.. මං.... "
"වරෙන්...."
එයා කිව්වේ එච්චරයි මට වචනයක්වත් කියන්න නොදී අඩියට දෙකට මගේ ලඟට ආපු එයා මගේ මැණික් කටුවෙන් තද කරලා අල්ලාගත්තේ කැඩිලා යන තරම් හයියෙන්....
"ආහ්ව්ව්.... "
"වරෙන්... "
මට කෑ ගැස්සුනත් එයා මාව ගණන් නොගෙනම ඇඳගෙන එළියට ගියා....
"ලියෝ... ඕයි..... "
අර මිනිහා කෑගහනවා ඇහුනත් ලියෝට නන් ඒක ඇහුන් නෑ.. එක්කෝ එයා ගණන් ගත්තේ නෑ... එලියේ හිටපු ස්කොට් වගේම දෙතුන් දෙනෙක් හොරැහින් අපි දෙන්නා දිහා බලනවා මං ලාවට දැක්කා.. එයා මාව පඩිපෙල දිගේ ඇඳන් යද්දී එයා යන වේගෙට මාව වැටෙන්න ගියත් එයා ඒක ගණන් ගත්තේ නෑ.. මං එයා එක්ක ආඳිලා ගියේ වැටෙන්නේ නැතුව හරි අමාරුවෙන්...
එයාට කේන්ති යන්න මං මොකක්ද කලේ.... මගේ අතින් මොකක්ද උනේ.... එයා මට ගහයිද.. එයාගේ කේන්තියට මට බය හිතෙන්න ගත්තා.. ලියෝ හොඳයි... හැබැයි කේන්ති ගියොත් අමු යකෙක්.. අනුකම්පාව කියන දේ ගෑවිලාවත් නැති යකෙක්... ඒ නිසාම මාව බයට ගැහෙන්න ගත්තා.. උඩ floor එකට වෙන කෙනෙක්ට එන්න අවසර නෑ කියල මතක් වෙද්දී මට අත අතෑරවගෙන ආපහු දුවන්න හිතුනා.. දුවලා ගිහින් කොහෙ හරි හැංඟෙන්න හිතුනා... මොකද එයා මාව මැරුවත් මාව බේරගන්න කිසිම කෙනෙක් එන්නේ නෑ කියන්න මං හොඳටම දන්නවා...