56

5.6K 652 188
                                    

56

"SEAN.. WILL YOU MARRY ME ?? "

මාස්ටර් දණ ගහන් මගේ දිහාට මුද්ද දික් කරන් අහද්දී මගේ ඇස් වලින් කඳුලු ගලන් ගියා.... මේක මට නිකන් හීනයක් වගේ...... උත්තරේ මොකක්ද කියන්න දන්නවා උනත් මාව ගොලු වෙලා තිබුනා..... මං.... මං මේ දකින්නේ හීනයක්ද දෙයියනේ.......

තවමත් මං ඉන්නේ කිසි දෙයක් හිතාගන්න බැරුව උඩට ගත්ත හුස්ම පපුවේ හිර කරන් වෙද්දී මාස්ටර් ලා හිනාවක් එක්ක දණ ගහන් මගේ දිහා බලන් හිටියා...

"Say Yes Mr.Sean... say yes say yes ////// "

මගේ වටපිටාවෙන් එක දිගට ඇහෙන හඬ එක්ක මං පියවි ලෝකෙට එද්දී මගේ මූණටත් හිනාවක් ආවා.. ඒක හිත ඇතුලින්ම ආව අවංක හිනාවක් වෙද්දී මං කඳුලු අතරින්ම හිනා වෙන ගමන් ඔලුව උඩට පහලට කරද්දී එයාගේ දිලිසෙන ඇස් තව දිලිසෙන්න ගත්තා....

"Yes.... yes master I wanna marry you.."

මං ලැජ්ජාව මිශ්‍ර උන සතුටක් එක්ක කියලා පුතුව දකුණු අතින් තුරුල් කරන් එයාට මගේ වම් අත දික් කරද්දී එයා හිනා වෙලා එයාගේ අතේ තිබුන ඩයමන්ඩ් රින්ග් එක මගේ ඇගිල්ලට දැම්මා.... ඒ එක්කම මුලු අහස පුරාම මල් වෙඩි පත්තු වෙද්දී අපිව වැහෙන්න ස්නෝව්ස් වැටුනේ වටපිටාවෙන් ඇහෙන අත්පුඩි සද්දේ එක්ක....

තවමත් මට මේ හැමදේම හීනයක් වගේ වෙද්දී එයා මගේ ඇගිල්ලට දාපු මුද්ද උඩින් කිස් එකක් තියලා නැගිටලා මගේ අතේ හිටිය පුතුව එයාගේ අතට අරන් මගේ ඉනෙන් ඇඳලා මාව ලඟට ගත්තා....

"I LOVE YOU SEAN "

මගේ ඇස් දිහාම බලාගෙන හරි ආදරණීයව කියපු මාස්ටර් මගේ නලල උඩින් එයාගේ තොල් තිබ්බේ වටපිටාවේ සද්දේ තව වැඩි වෙද්දී....

එයා මගේ නලලින් තොල් ඈත් කරද්දී මට එයාගේ ඇස් දිහා බැලුනා.. ඒවා අස්සේ කඳුලු නලියනවා... ඉස්සර නපුරු සීතල හැඟීමක් නැති ඒ ඇස් අද තරු වගේ දිලිසෙනවා...  මාස්ටර්ගේ ආදරේ ලබන්න තරම් වාසනාවන්තයා මං වෙද්දී මගේ හිතට සියුම් ආඩම්බරයක් දැනුනා...

මං එයා එක්ක ආදරණීයව හිනා වෙද්දී එයා මාව උරහිසෙන් හරෝලා අහස පේන්න හැරෙව්වා... මුලු අහසේම රතු පාටට හාට් හැඩේට මල්වෙඩි යද්දී මගේ ඇස් දිලිසුනා... ඇත්තටම ලස්සනයි.... මේ හැමදෙයක්ම මං වෙනුවෙන් කියලා හිතද්දී මට දරාගන්න බැරි තරම් සතුටක් දැනුනා.. එයා එක අතකින් පුතුව වඩාගෙන අනෙක් අතින් මගේ උරහිස වටේ අත දාගත්තේ අහස දිහා බලාගෙනමයි.......

MASTER OF DARK 🔞 || CompletedWhere stories live. Discover now